The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලුවීස් ඩියාස්ගේ පියා පැහැර ගත් සිවු දෙනෙක් අත්අඩංගුවට

T

The Leader Desk

November 13, 2023 • 8:51 AM

ලුවීස් ඩියාස්ගේ පියා පැහැර ගත් සිවු දෙනෙක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොලොම්බියා පාපන්දු කණ්ඩායමේ හා එංගලන්තයේ ලිවපූල් කණ්ඩායමේ ක්‍රීඩක ලුවීස් ඩියාස්ගේ පියා පැහැර ගත් පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • මෙයින් එක් පුද්ගලයෙක් ‘රහසිගතව රිංගා ගැනීමේ’ මෙහෙයුමක යෙදෙමින් මැන්වෙල් ඩියාස්ගේ පාපන්දු පාසලේ රැකියාවක් ලබා ගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
  • රහසිගත මෙහෙයුමේ කොටසක් ලෙසින් මැන්වෙල් ගැන සුපරීක්ෂාකාරීව සිටිමින් ඔහු යන එන තැන් පිළිබඳව චිත්‍රයක් ගොඩනගා ගැනීමේ අරමුණින් මේ පුද්ගලයා එම පාසලේ රැකියාවක් සොයා ගෙන තිබෙන බව හෙළි වී තිබෙනවා.
  • මෙම පුද්ගලයා තමා පිටුපසින් ඇවිදිමින් සිටින බව නොදැන මැන්වෙල් ඩියාස් සපත්තු සාප්පුවක සැරිසරන බිය උපදවන ඡායාරූපයක් Semana කොලොම්බියානු මාධ්‍ය ආයතනය විසින් පළකර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලුවීස් මැන්වෙල් ඩියාස් පැහැර ගෙන යාමට අමතරව ඔහුගේ බඩු සොරකම් කිරීමේ චෝදනා ද මොවුන්ට එල්ල වී තිබෙනවා.

ldf 3456

මෙයින් එක් පුද්ගලයෙක් ‘රහසිගතව රිංගා ගැනීමේ’ මෙහෙයුමක යෙදෙමින් මැන්වෙල් ඩියාස්ගේ පාපන්දු පාසලේ රැකියාවක් ලබා ගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයා බරන්කස් නමැති මැන්වෙල් උපන් නගරයේ ඔහු පවත්වා ගෙන යන පාපන්දු පාසලට සම්බන්ධ වී තිබෙන්නේ පුහුණුකරුවෙකු වශයෙන්.

රහසිගත මෙහෙයුමේ කොටසක් ලෙසින් මැන්වෙල් ගැන සුපරීක්ෂාකාරීව සිටිමින් ඔහු යන එන තැන් පිළිබඳව චිත්‍රයක් ගොඩනගා ගැනීමේ අරමුණින් මේ පුද්ගලයා එම පාසලේ රැකියාවක් සොයා ගෙන තිබෙන බව හෙළි වී තිබෙනවා.

ldf 657
මෙම පුද්ගලයා තමා පිටුපසින් ඇවිදිමින් සිටින බව නොදැන මැන්වෙල් ඩියාස් සපත්තු සාප්පුවක සැරිසරන බිය උපදවන ඡායාරූපයක් Semana කොලොම්බියානු මාධ්‍ය ආයතනය විසින් පළකර තිබෙනවා.

මේ අතර බරන්කස් හි ‘සැන්ට මාට’ පල්ලියේ ඉරිදා පැවති දේව ස්තුති පූජාවක් අතරතුර කතා කරමින් මැන්වෙල් ඩියාස් කියා සිටියේ පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව තමා කොලොම්බියාවෙන් පිටව නොයන බව. නිදි නැති රාත්‍රී, දින ගණන් ඇවිදීම හා කඳුවැටි හරහා අසුන් පිට යාමෙන් තමා ඉතාමත් වෙහෙසට පත්ව සිටින බව ද 58 හැවිරිදි මැන්වෙල් කියා සිටියා.

F u4OC XkAAvpGd

“මගේ අභිලාෂය මගේ ටවුමේ දිග ට ම ජීවත් වෙන්නයි. මොකද, මගේ මුළු පවුල ම ඉන්නේ මේ ටවුමේ යි” ඔහු පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවා.

“කොලොම්බියානු රජය මට ඉතාමත් ශක්තිමත් හා විශේෂ සහයෝගයක් ලබා දී තිබෙනවා. බරන්කස් ටවුමේ මට ජීවත් වෙන්න අවශ්‍ය ආරක්ෂාව රජය විසින් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.”

සන්සුන්ව සිටින ලෙසට ගරිල්ලන් විසින් උපදෙස් දෙනු ලැබූ තමා සිරකර ගෙන සිටි කාලය පිළිබඳවද මැන්වෙල් විස්තර කළා.

“නින්දක් නැතිව හිටපු දවස් 12ක්...හරිම අමාරු අසුන් පිට ගමන්, කඳු ගොඩක්, වැස්ස.”

“ඔවුන්ගේ සැලකීම හොඳ වුනත්, මට එතරම් පහසුවක් දැනුනේ නැහැ.”

77450135 0 image m 18 1699263736624
ELN ලෙසින් හැඳින්වෙන මැන්වෙල් ඩියාස් පැහැර ගත් ගරිල්ලා කණ්ඩායම හා කොලොම්බියානු රජය අතර පැවැත්වෙන සාම සාකච්ඡාවලින්, තම කණ්ඩායමේ මුදල් අවශ්‍යතා පිරිමසා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පුද්ගලයන් පැහැර ගැනීම තහනම් කර නැතැයි ELN ඉහළ ම අණදෙන්නා වන ඇන්ටොනියෝ ගාසියා (Antonio Garcia) සමාජ මාධ්‍යයෙන් සඳහන් කර තිබෙනවා.

සබැඳි පුවත් :
පැහැර ගැනීමේදී මඟුල් මුද්ද නැතිවුනු නිසා විවාහය නැවත සිදුකරන්නැයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාගෙන් ඉල්ලීමක්

මුදල් හුවමාරුවකින් තොරව කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා ගරිල්ලන්ගෙන් නිදහස ලබයි

හමුදා මෙහෙයුම් නිසා කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්න අමාරුයි - ELN

ලෝකය කම්පනයට පත්කළ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා පැහැර ගැනීමේ කතාව

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...