The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යුද පසුබිමකට එරෙහිව ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබන්න වෙර දරණ පලස්තීන පාපන්දු කණ්ඩායම

T

The Leader Desk

November 16, 2023 • 5:46 AM

යුද පසුබිමකට එරෙහිව ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබන්න වෙර දරණ පලස්තීන පාපන්දු කණ්ඩායම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය ‘යුරෝ කුසලාන 2024’ පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ උත්සාහයක නිරතව සිටියදී පලස්තීනය ‘ලෝක කුසලාන 2026’
  • තමන්ගේ පවුලේ අය අනතුරට ලක්ව සිටියදී පාපන්දු කෙරෙහි අවධානය යොමු කිරීම ක්‍රීඩකයන්ට අපහසු බව ටියුනිසියානු ජාතික ඩෑබඋබ් පිළිගන්නවා.
  • එහෙත් පලස්තීන පාපන්දු සංගමයේ උපසභාපති සූසන් ෂාලබී (Susan Shalabi) ප්‍රකාශ කරන පරිදි ක්‍රීඩකයන්ට හා ජනතාවට අවශ්‍යව තිබෙන්නේ තරග පැවැත්වෙනවා දකින්න.
  • ඒ නිසා ජනතාව ඔවුන්ගේ ජාතික කණ්ඩායම ගැන සැලකිල්ලක් දක්වනවා” ෂාලබී ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සටන ආරම්භ කර තිබෙනවා.

2026 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීම ආරම්භ කිරීම පිණිස පලස්තීන කණ්ඩායම සූදානම් කිරීමේ අපහසු කර්තව්‍යට මුහුණ දී සිටින ජාතික පාපන්දු ප්‍රධාන පුහුණුකරු මෑක්රෑම් ඩෑබඋබ් (Makram Daboub) යම් සහනයක් ලබන්නේ ගාසා හි සිරවී සිටින තම ක්‍රීඩකයන්, අවම වශයෙන් දැනට, ආරක්ෂිතව සිටින බැවින්.

DOHA, QATAR - NOVEMBER 26: Makram Daboub, Head Coach of Palestine poses during the Palestine team presentation prior to the FIFA Arab Cup Qatar 2021 at DusitD2 Salwa Hotel on November 26, 2021 in Doha, Qatar. (Photo by Michael Regan - FIFA/FIFA via Getty Images)

Makram Daboub

ලෙබනනය ට එරෙහිව හෙට (බ්‍රහස්පතින්දා) සහ ඔස්ට්‍රේලියාව ට එරෙහිව නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට පෙර ජෝර්දානයේ පැවැත්වෙන පුහුණු කඳවුරකට ඉබ්‍රාහිම් ආබුඅයිමිය (Ibrahim Abuimeir), ඛාලිඩ් අල්-නෑබ්‍රස් (Khaled Al-Nabris) සහ අහමඩ් අල්-කයීඩ් (Ahmed Al-Kayed) යන ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට පුහුණුකරුට අවශ්‍යව තිබුනා. නමුත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැත්වෙන යුද්ධය හේතුවෙන් ඔවුන්ට ගාසා තීරයෙන් පිටව ඒමට නොහැකි වුනා.

SPO PALESTINIAN FOOTBALL 1699623857755 18bb979ee7d medium
“මේ වන තෙක් ඔවුන් ආරක්ෂිතව ඉන්නවා” යනුවෙන් ඩෑබඋබ් පවසනවා. “නමුත් ඔවුන්ගේ ඥාතීන් බොහෝ දෙනෙක් බෝම්බවලින් මිය ගිහින්.”

salah wadi

මොහමඩ් සලා හා මහ්මූද් වාඩි

ගාසා තීරයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඊජිප්තුවේ සිටින මොහමඩ් සලා (Mohamad Salah) හා මහ්මූද් වාඩි (Mahmoud Wadi) ජෝර්දානයේදී පලස්තීන කණ්ඩායම සමග එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තමන්ගේ පවුලේ අය අනතුරට ලක්ව සිටියදී පාපන්දු කෙරෙහි අවධානය යොමු කිරීම ක්‍රීඩකයන්ට අපහසු බව ටියුනිසියානු ජාතික ඩෑබඋබ් පිළිගන්නවා.

“ගාසාවල සිදුවන මරණ හා විනාශය හමුවේ ක්‍රීඩකයන් ඉන්නේ අසීරු මානසික මට්ටමක” යැයි ඔහු කියනවා.

එහෙත් පලස්තීන පාපන්දු සංගමයේ උපසභාපති සූසන් ෂාලබී (Susan Shalabi) ප්‍රකාශ කරන පරිදි ක්‍රීඩකයන්ට හා ජනතාවට අවශ්‍යව තිබෙන්නේ තරග පැවැත්වෙනවා දකින්න.

palas football409856
“සෙසු ලෝකය විසින් දකින හා ඇහුම්කන් දෙන අය වීමට උවමනාවෙන් සිටින පිරිසකි මේ. අනෙක් සියල්ලෝම මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කැමති අයයි මේ.

ඒ නිසා ජනතාව ඔවුන්ගේ ජාතික කණ්ඩායම ගැන සැලකිල්ලක් දක්වනවා” ෂාලබී ප්‍රකාශ කරනවා. “නිදහස් හා ස්වෛරී ජාතියක් ලෙස අපව පිළිගන්න කියන ප්‍රාර්ථනය එයින් නියෝජනය වෙනවා.”

පාපන්දුවේ ජාත්‍යන්තර පාලකයින් වන ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) පූර්ණ සාමාජිකයෙකු වශයෙන් පලස්තීන පාපන්දු සංගමය පත්වුනේ 1998 වසරේදී. ඔවුන් කලාපීය මට්ටමෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගෙන සිටිනවා.

foot6

ආසියානු පාපන්දු සම්මේලනයේ සුදුසුකම් ලබා ගැනීමේ මාර්ගය ඔස්සේ අවසාන තරගවලට පිවිසීමේ කිට්ටුවට කිසිවිටෙක පැමිණ නැති කණ්ඩායමකට 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙනී සිටීම සිහිනයක් වනු ඇති.

මේ වතාවේ මඳක් වැඩි බලාපොරොත්තුවක් ඇතිව තිබෙන්නේ ආසියාවෙන් ඉබේ සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා වෙන්කර තිබෙන ගණන 2022 තරගාවලියේ ස්ථාන හතරේ සිට 2026 තරගාවලිය වෙනුවෙන් ස්ථාන අටක් දක්වා වැඩි වී තිබෙන නිසාවෙන්. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ සම සත්කාරකත්වයෙන්.

2018 වසරේදී FIFA ශ්‍රේණිගත කිරීමේ සිය උපරිමය වූ අංක 73 ට පිවිසි පලස්තීන කණ්ඩායම 2015 හා 2019 වසරවල ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ අතර කටාර් දේශයේ පැවැත්වීමට නියමිත 2023 මහාද්වීපික තරගාවලියට ද සුදුසුකම් ලබා සිටිනවා.

AP919394318681
“කළින් දිනන්න පුළුවන් කිසිම තරගයක් නැහැ” යනුවෙන් ඩෑබඋබ් සඳහන් කරනවා. “නමුත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ඊළඟ වටයට පිවිසීමේ හොඳ අවස්ථාවක් අපට තියෙනවා.”

ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ ඊළඟ අදියරට පැමිණෙන කණ්ඩායම් 18 අතර සිටීමට නම් පලස්තීනුවන් ඔවුන් අයත්ව සිටින කොටසේ ඉහළ ම කණ්ඩායම් දෙක ට ඇතුළත් විය යුතුව තිබෙනවා. පළමු ස්ථානය හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන ඔස්ට්‍රේලියාව, ලෙබනනය හා බංග්ලාදේශය මේ කොටසට අයත්ව සිටින සෙසු කණ්ඩායම්. පලස්තීනය වර්තමානයේදී අංක 96 ට ශ්‍රේණිගතව සිටින්නේ ලෙබනනයට වඩා ස්ථාන අටක් හා බංග්ලාදේශයට වඩා ස්ථාන 87ක් ඉහළින් සිටිමින්.

ඔස්ට්‍රේලියාව සමග නොවැම්බර් 21 තරගය සත්කාරක පලස්තීනයේ පැවැත්වීමට මුලින් නියමිතව තිබුනත් එය දැන් මධ්‍යස්ථ ඉසව්වක් වන කුවේට් දේශයට මාරු කර තිබෙනවා. ලෙබනනය සමග හෙට තරගය බේරුට් හි පැවත්වීමට කළින් නියමිතව තිබුනත් එම ඉසව්වද ආරක්ෂක හේතුන් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යය ට වෙනස් කර තිබෙනවා. ලෙබනනය ට එරෙහි ජයග්‍රහණයක් යනු පලස්තීනය ඊළඟ තරග වටය සඳහා තබන දැවැන්ත පියවරක්.

“අපි අපේ උපරිමය කරනවා” මෑක්රෑම් ඩෑබඋබ් පුහුණුකරු අවධාරණයෙන් කියා සිටිනවා. “පාපන්දු යනු ලෝකයේ තිබෙන වැඩියෙන්ම ජනප්‍රිය ක්‍රීඩාව. එය ජනතාව එකට යා කරනවා. හොඳ ප්‍රතිඵලවලින් සුදුසුකම් ලබා ගෙන අපි අපේක්ෂා කරන්නේ පලස්තීන අනන්‍යතාවත්, අපිත් ජීවිතයට අයිතියක් තිබෙන හා සාමයට ආදරය කරන මිනිසුන් බවත් ලෝකයට පෙන්වන්න.”


සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද පසුබිමකට එරෙහිව ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබන්න වෙර දරණ පලස්තීන පාපන්දු කණ්ඩායම | The Leader