The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 16, 2023 • 8:08 AM

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉස්සර බැට් එක කරේ තියාන ග්‍රවුන්ඩ් බැස්සේ අර පොරෝ කෙටිය කරේ තියාගෙන දඩයමේ යනවා වගේ. දැන් දශක කීයක් නම් ගෙවිල ද?
  • අරවින්ද එක කාලෙක ලංකාවේ සෙලබ්‍රිටි ක්‍රිකටර් (celebrity cricketer) බවට පත්උණා.    ගොඩක් අය සිහින දැක්කේ අරවින්ද වගේ වෙන්න උනත් ඒක එහෙමම සිද්ද වුණේ නැහැ.
  • හැබැයි මේ සමුරායිව පරාජය කරන්න බැරිවුණා කියල.
  • හිරගත බවෙන් එළියට ඇවිල්ල පහර දෙන්න උත්සාහ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ අරවින්දගෙන් මේ අරවින්ද පොඩ්ඩක්වත් වෙනස් නැහැ කියල තේරෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුට එම ක්‍රීඩාවෙන් ලැබෙන්න තියන ඉහළම ගෞරවය වෙච්චි ICC Hall of Fame එකටත් ගියේ ටයි එකක්වත් නැතුව. 

ටයි කෝට් මුකුත් නැහැ. කලිසමයි. කමිසෙයි. සපත්තු දෙකයි. දෙනවනම් දීපල්ලා. දුන්නේ නැහැ කියලත් අරවින්ද කාටවත් අමතක වෙන්නේ නැහැ.
 
Aravinda de Silva
 
අරවින්ද නම් වෙනස විසින් ඒ කාලේ ක්‍රිකට් වල රිද්මය වෙනස් කළා. අරවින්ද වගේ වෙන්න ඉස්කෝලවල කොල්ලෝ ක්‍රිකට් ගැහුවා. එයාගේ ස්ටිකර් පොත්වල අලවාගෙන හිටිය. අරවින්ද එක කාලෙක ලංකාවේ සෙලබ්‍රිටි ක්‍රිකටර් (celebrity cricketer) බවට පත්උණා. 
 
ගොඩක් අය සිහින දැක්කේ අරවින්ද වගේ වෙන්න උනත් ඒක එහෙමම සිද්ද වුණේ නැහැ. දේවල් එහෙම සිද්ද වෙන්නෙත් නැහැ.   
 
SPGPECT120මීට කලින් මගේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දාපු කෙනෙක් කිව්වා ප්‍රතිවාදීන්ට අරවින්ද දවාගන්න පුළුවන් උණා. හැබැයි මේ සමුරායිව පරාජය කරන්න බැරිවුණා කියල. කිසිම ප්‍රතිවාදී පන්දු යවන්නෙක් හමුවේ ඔහු හිරවෙන්න කැමති උනේ නැහැ. හිරගත බවෙන් එළියට ඇවිල්ල පහර දෙන්න උත්සාහ කළා. ඇතැම් තැන්වලදී දැවී ගියා. හැබැයි සටන්කළා. ඒ තමයි අපිට අමතක නොවන අරවින්ද. අමතක නොවෙන එකම හේතුවත් ඒක. 
 
මින් එහාට මේ වගේ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපේ රට නිෂ්පාදනය කරන එකක් නැතිවෙයි....

බලාගෙන හැදෙන්න මෙච්චර දේවල් තියන රටක දේවල් මෙච්චර විනාශ වෙන්නේ ඇයි කියන එක මට තියන නොවිසඳුනු ප්‍රශ්නයක්. 
 
AUSTRALIA - UNDATED: A portrait of Aravinda de Silva of Sri Lanka. (Photo by Getty Images)
අරවින්ද ....පට්ටම ලව්....ඔය විදියටම ඉන්න....

පසු කමෙන්ටුව :

දැන් ඇහුවොත් ඇයි ටයි එකක්වත් දැම්මේ නැත්තේ කියල කෙඳිරි ගාල ගාල මොකක් හරි කියයි...ගානක්වත් නැහැ.

අර්ජුන එපිසෝඩය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපියක් :
අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...