The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නෙස්ටමෝල්ට් අර්ධ මැරතන් ශූරිය රංගධාරි කුමාරසිංහ

T

The Leader Desk

November 16, 2023 • 10:53 AM

නෙස්ටමෝල්ට් අර්ධ මැරතන් ශූරිය රංගධාරි කුමාරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැලිමඩ ශ්‍රී දේවානන්ද මැදි විදුහලේ ඩබ්ලිව්.ඩී.ඩී.රංගධාරි කුමාරසිංහ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2023 අර්ධ මැරතන් ශූරිය වීමට සමත් වුනා.
  • කිලෝ මීටර් 21ක දුර ප්‍රමාණයක ගාල්ලේදී පැවති මේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ මොණරාගල සේනාපති මැදි විදුහලේ ඩී.එම්.චමිලා සිරිවර්ධන.
  • ඇය තරගය නිම කළ කාලය පැයයි මිනිත්තු 34.20.
  • තෙවැනි ස්ථානයට වැලිමඩ මධ්‍ය විදුහලේ එල්.පී.ජී.පබෝධා ඉමාෂානි පත්වුනේ පැයයි මිනිත්තු 34.48ක කාලයක් වාර්තා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය මේ තරගය ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 33.36ක් සටහන් කරමින්.

කිලෝ මීටර් 21ක දුර ප්‍රමාණයක ගාල්ලේදී පැවති මේ තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ මොණරාගල සේනාපති මැදි විදුහලේ ඩී.එම්.චමිලා සිරිවර්ධන. ඇය තරගය නිම කළ කාලය පැයයි මිනිත්තු 34.20. තෙවැනි ස්ථානයට වැලිමඩ මධ්‍ය විදුහලේ එල්.පී.ජී.පබෝධා ඉමාෂානි පත්වුනේ පැයයි මිනිත්තු 34.48ක කාලයක් වාර්තා කරමින්.

කිලෝ මීටර් 5කින් පැවති මාර්ග ධාවන තරගවලදී කබුරවල ජාතික පාසලේ ඩබ්ලිව්.එච්.කවිඳු මදුශාන් ජයග්‍රාහකයා වූ අතර මාකඳුර මැදි විදුහලේ කේ.වයි.චමින්දි ජයග්‍රාහිකාව වුනා.


අධ්‍යාපන අමාත්‍යංශය මේ තරග සංවිධානය කළේ නෙස්ලේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන්. දිවයිනේ පළාත් නවයෙන් ම තරගකරුවන් හා තරගකාරියන් 300කට වැඩි ප්‍රමාණයක් අර්ධ මැරතන් තරගවලට සහභාගි වුනා. මාර්ග ධාවන තරගවලට බාලක බාලිකාවන් 1400 දෙනෙකු සහභාගි වීම ද විශේෂත්වයක්.

මාර්ග ධාවන බාලක තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකර ගත්තේ වලගෙදර මැදි විදුහලේ ඒ.ඒ.කල්හාර සහ එෆ්.මලිඳු ප්‍රභාංජන. මාර්ග ධාවන බාලිකා තරගයේ දෙවැනි ස්ථානය මතුගම ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ එම්.ඩී.තරුෂි උදාර හා තෙවැනි ස්ථානය ජාඇල නිමල මරියා බාලිකා පාසලේ කේ.සමින්දි සාවින්ද්‍යා ද හිමිකර ගත්තා.

Image 01
අර්ධ මැරතන් තරගයේ ජයග්‍රාහිකාවන් තිදෙනා....දකුණු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ක්‍රිෂාන් දුමින්ද, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රන්ජිත් යාපා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, නෙස්ලේ ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටීවන්, එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන රුවන් වැලිකල හා ජගත් වෙදගේ සහ නෙස්ලේ ලංකා උපසභාපති බන්දුල එගොඩගේ 

img 02

මාර්ග ධාවන තරගයේ ජයග්‍රාහකයින්

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නෙස්ටමෝල්ට් අර්ධ මැරතන් ශූරිය රංගධාරි කුමාරසිංහ | The Leader