The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජර්මනියේ දස්කම් දක්වන එංගලන්ත පාපන්දු නායකයා

T

The Leader Desk

November 17, 2023 • 9:26 AM

ජර්මනියේ දස්කම් දක්වන එංගලන්ත පාපන්දු නායකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් එංගලන්ත පාපන්දු නායක හැරී කේන් ඔහුගේ ක්‍රීඩා දිවියේ උපරිම දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටිනවා.
  • මේ ආක්‍රමණශීලී පාපන්දු ක්‍රීඩකයා මේ තරග වාරයේ දැනටමත් ලීග් ගෝල් 17ක් ලබා ගෙන සිටිනවා.
  • බුන්ඩස්ලීගා තරග 11කින් පසුව මීට වඩා ගෝල් ප්‍රමාණයක් වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මෙතෙක් ලබා ගෙන නැහැ.
  • ගෝල් 16ක කළින් වාර්තාව හිමිකර ගෙන සිටියේ හිටපු ‘බායන්’ ක්‍රීඩක රොබට් ලුවන්ඩඋස්කි (Robert Lewandowski).  බුන්ඩස්ලීගා තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා වන කේන් චැම්පියන්ස් ලීගයේ ද ගෝල් 4ක් වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බුන්ඩස්ලීගා (Bundesliga) තරග බිමේ ‘බායන් මියුනික්’ (Bayern Munich) සමාජ කණ්ඩායම නියෝජනය කරමින් හැරී කේන් (Harry Kane) පෙලහර පාන්නේ නව වාර්තා ද පිහිටුවමින්.

ලන්ඩනයේ ‘ටොට්නම්’ (Tottenham) නමැති සිය ළමාකාලයේ ක්‍රීඩා සමාජය අතහැර මියුනික් හි ‘බායන් මියුනික්’ ක්‍රීඩා සමාජයට ගිය කේන් එතැන් සිට ඉදිරියටම යන්නේ ආපසු හැරී බලන්නේ නැතිව.

මේ ආක්‍රමණශීලී පාපන්දු ක්‍රීඩකයා මේ තරග වාරයේ දැනටමත් ලීග් ගෝල් 17ක් ලබා ගෙන සිටිනවා. බුන්ඩස්ලීගා තරග 11කින් පසුව මීට වඩා ගෝල් ප්‍රමාණයක් වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මෙතෙක් ලබා ගෙන නැහැ. ගෝල් 16ක කළින් වාර්තාව හිමිකර ගෙන සිටියේ හිටපු ‘බායන්’ ක්‍රීඩක රොබට් ලුවන්ඩඋස්කි (Robert Lewandowski). 

බුන්ඩස්ලීගා තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා වන කේන් චැම්පියන්ස් ලීගයේ ද ගෝල් 4ක් වාර්තා කර තිබෙනවා.

231113095511 03 harry kane heidenheim
හයිඩ්න්හයිම් (Heidenheim) කණ්ඩායමට එරෙහිව පසුගිය සෙනසුරාදා ලබා ගත් ගෝල් 4-2ක ජයග්‍රහණයේ කේන්ගේ ද්විත්ව ගෝල් වික්‍රමයෙන් පසුව ‘බායන් මියුනික්’ හි ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිස්ටොප් ෆ්‍රන්ට් (Christoph Freund) කීවේ එය ‘චමත්කාරජනක’ ක්‍රීඩාවක් බව.

“කේන් එංගලන්තයෙන් පිට ක්‍රීඩා කරන්නේ පළමු වතාවට. එහෙම වෙලත් එයා ක්‍රීඩා කරන අපූරුව. කණ්ඩායමත් ඔහුව නියම තැනට ගේනවා. කේන් ආශ්චර්යමත් ක්‍රීඩකයෙක්.”

එදා මෙදා තුර ප්‍රිමිය ලීගයේ  දෙවැනියට වැඩිම ගෝල් සංඛ්‍යාවක් ලබා ගෙන සිටින හැරී කේන් එංගලන්තයේ සිට ජර්මනිය ට පැමිණීමට පෙර සිට ද ලෝක මට්ටමේ දක්ෂතා තිබෙන ක්‍රීඩකයෙකු ලෙසින් පිළිගැනුනත් ඔහුට ‘ටොට්නම්’ හි පෑ දස්කම් හා සමානව ජර්මනියේ ක්‍රීඩා කිරීමට හැකිවේවිද යන්න පිළිබඳව කි‌සිවෙකුටත් කිව නොහැකිව තිබුණා. නමුත් 30 හැවිරිදි මේ ක්‍රීඩකයා ඒ කාරණය අවධාරණය කර දී තිබෙන්නේ වාර්තා පොත්වල පිටු ද ඉරා දමමින්.

බුන්ඩස්ලීගා තරග බිමේ පසුගිය ක්‍රීඩා වාරයේ වැඩිම ගෝල්ලාභියාට වඩා කේන් ගෝල් ලබා ගෙන සිටින අතර ඔහුගේ ගෝල් ලබා ගැනීමේ හැකියාවෙන් ඔහුගේ අලුත් කණ්ඩායම් සගයන් ද කුල්මත් වී සිටිනවා.



“එයාට ඕන‌ දෙයක් කරන්න පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ” යැයි ‘බායන්’ හි පළපුරුදු ඉදිරි පෙල ක්‍රීඩක තෝමස් මුල්ලා (Thomas Mueller) පවසනවා.

“අපිට තියෙන්නේ ඔහුව හරි ස්ථානයට ගෙන ඒම පමණයි. ගෝලය අසල හෝ කොටුව ඇතුළේ ඉඳන් එයාට පහරක් එල්ල කරන්න අවස්ථාව උදා වුනොත් බොහෝ විට එහි ප්‍රතිඵලය වන්නේ පන්දුව දැල තුළට යාම යි.”

මෝල්ටාව හා උතුරු මැසිඩෝනියාව සමග ජාත්‍යන්තර තරග දෙකක් වෙනුවෙන් කේන් මේ සතියේ එංගලන්ත පාපන්දු සංචිතය සමග එක්වූ අතර එම තරගවලින් පසුව ඔහු නැවත ජර්මනිය ට යාමට නියමිතයි.

231113095336 01 harry kane heidenheim

වාර්තා බිඳ හෙලන වික්‍රමයන් කොතෙකුත් කේන් ට තිබුනත් ඔහු ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ ප්‍රධාන ශූරතාවක් තවමත් දිනා ගෙන නැහැ. එහෙත් එය මෙවර ක්‍රීඩා තරග වාරයේදී වෙනස් කිරීමට ඔහු දැඩි අධිෂ්ඨානයෙන් පසුවන බවක් පේනවා.

“පැහැදිලිවම මේ ගෞරව සියල්ල කණ්ඩායමට අයිති විය යුතුයි” හැරී කේන් පවසන්නේ සිය දස්කම් පිළිබඳව නිහතමානීව සිටිමින්.

“ඔවුන් මට ගෝල් ලබා ගැනීමේ අවස්ථාව සකස් කර දෙනවා. මම මේ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කිරීමෙන් ලොකු විනෝදයක් ලබනවා.”

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...