The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි

T

The Leader Desk

November 17, 2023 • 11:45 AM

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ
  • එම ඒකකයේ එදින පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ ට නිල වශයෙන් දැනුම් දුන් බව කී එම නිලධාරියා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ඒකකයේ එදින පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ ට නිල වශයෙන් දැනුම් දුන් බව කී එම නිලධාරියා, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී තිබිණ. 

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් විය. 

'ක්‍රිකට් කුමන්ත්‍රණයක්' ගැන ප්‍රමෝදය වික්‍රමසිංහ ගෙන් බරපතල අනාවරණයක් 

පාර්ලිමේන්තුවම එකතුවෙන්න - කාංචන ගෙන් ඉල්ලීමක් 

මේ අතර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති කමිටුවට බලය පවරා තිබෙන බව කියා සිටියේය.

මෙම ප්‍රශ්නය දේශපාලනයට ඈඳා ගන්න එපා යැයි ඉල්ලා සිටින බව කී විජේසේකර ඇමතිවරයා, ඒ ගැන කනගාටුවට පත් වෙන බව සඳහන් කළේය

විපක්ෂය මෙන්ම ආණ්ඩුවත් එකතු විය යුත්තේ අයිසීසී තහනම ඉවත් කර ගැනීම සඳහා යැයි කී අමාත්‍යවරයා, ජනපති ඇමති කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බව ද පැවසිය. 

ක්‍රිකට්  තහනම ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ම එක් විය යුතු බව අමාත්‍යවරයා යළි යළිත් අවධාරණය කළේය. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි | The Leader