අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වාර්තාවේ.
පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැනවූ තහනම මෙවර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානතම මාතෘකාව වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් ඇති විය හැකි කොන්දේසි පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එමෙන්ම පන්දු ඕවර පනහා ආකෘතියේ අනාගතය පිළිබඳව ද සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති අතර, මෑතකදී ඉවත් කරන ලද කණ්ඩායම් 13 කින් යුත් එක්දින සුපර් ලීග් තරඟාවලිය සහ කණ්ඩායම් 14කින් යුත් 2027 පිරිමි එක්දින ලෝක කුසලානය සඳහා දැනටමත් අනුමත කර ඇති නව සුදුසුකම් මාර්ගයන් පිළිබඳව ද සාකච්ඡාවර භාජනය වන බව සඳහන් වේ.
මෙම කරුණුවලට අමතරව තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තුළ අවධානයට යොමුවන බව වාර්තා වේ.
(aruna.lk)
අයි.සී.සී ය කඩිනමින් රැස්වේ - ලංකාවේ තහනම ප්‍රධාන මාතෘකාව වේ
T
The Leader Desk
November 17, 2023 • 5:41 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය
- පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැනවූ තහනම මෙවර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානතම මාතෘකාව වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
- මෙම කරුණුවලට අමතරව තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තුළ අවධානයට යොමුවන බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



