The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාතික යෞවන ක්‍රීඩා උළෙල: ජනිදු ලක්විජය ඔහුගේම වාර්තාව අලුත් කරයි

T

The Leader Desk

November 19, 2023 • 9:38 AM

ජාතික යෞවන ක්‍රීඩා උළෙල: ජනිදු ලක්විජය ඔහුගේම වාර්තාව අලුත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිදු ලක්විජය අවුරුදු 20න් ඉහළ මීටර් 110
  • අවුරුදු 20න් ඉහළ පිරිමි උස පැනීමේ තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එස්.පී.ටී.දසුන් මීටර් 2.15ක නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.
  • ඔහු මකා දැමුවේ 2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුනු ඩබ්ලිව්.පී.ඒ.කේ.පතිරණ තබා තිබූ මීටර් 2.12ක වාර්තාව.
  • අවුරුදු 20න් ඉහළ කාන්තා දුර පැනීම ඉසව්වේ ද නව තරග වාර්තාවක් බිහිවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩුලු පැනීම ඉසව්වේ මූලික වටයේදී තැබූ තත්පර 14.07ක නව තරග වාර්තාව දිනකින් පසුව ඔහු විසින් ම බිඳ දැමුවේ තත්පර 13.72ක නව දක්ෂතාවක් සටහන් කරමින්.

මලල ක්‍රීඩා දෙවැනි දිනයේදී නව යෞවන ක්‍රීඩා වාර්තා කිහිපයක් ම බිහිවුනා.

අවුරුදු 20න් ඉහළ පිරිමි උස පැනීමේ තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එස්.පී.ටී.දසුන් මීටර් 2.15ක නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. ඔහු මකා දැමුවේ 2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුනු ඩබ්ලිව්.පී.ඒ.කේ.පතිරණ තබා තිබූ මීටර් 2.12ක වාර්තාව.

අවුරුදු 20න් ඉහළ කාන්තා දුර පැනීම ඉසව්වේ ද නව තරග වාර්තාවක් බිහිවුනා. මීටර් 6.10 නව වාර්තාවේ හිමිකාරිය වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කේ.කේ.ආර්.නිශාදි. ඇය බිඳ දැමුවේ 2018 වසරේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.ඒ.පුල්වංශ ක්‍රීඩිකාව පිහිටුවා තිබූ මීටර් 5.96 වාර්තාව.

මේ අතර සහාය දිවීමේ ඉසව්වක ද නව තරග වාර්තාවක් බිහිවුනු අතර මෙහි විශේෂත්වය වූයේ එය පැවති වාර්තාව දෙවරක් අලුත් වෙමින් පිහිටුවීම. මීටර් 100x4 අවුරුදු 20න් පහළ පිරිමි තරගයේ මූලික තරගයේදී තත්පර 41.99ක නව තරග වාර්තාවක් බිහි කිරීමට අම්පාර දිස්ත්‍රික්කය මුලින් සමත් වුනා. එහෙත් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෝ තත්පර 41.38ක කාලයකින් එම වාර්තාව අලුත් කළා.

සබැඳි පුවත් :
මලල ක්‍රීඩා මූලික වටයේදීම නව තරග වාර්තා

සටහන :
නේෂන්ස් කුසලාන' නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතික යෞවන ක්‍රීඩා උළෙල: ජනිදු ලක්විජය ඔහුගේම වාර්තාව අලුත් කරයි | The Leader