The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ලෝකයේ ආදරය දිනා ගත් ඇෆ්ගනිස්තානය

T

The Leader Desk

November 19, 2023 • 11:11 AM

ක්‍රිකට් ලෝකයේ ආදරය දිනා ගත් ඇෆ්ගනිස්තානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයක සිටිමින්. ටලිබාන් රාජ්‍ය පාලනයේ මූල්‍ය ආධාරයෙන් ඔවුන් ක්‍රීඩා
  • ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇෆ්ගනිස්තානයේ නැගිටීම ඇදහිය නොහැකි තරම්.  2015 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය 2023 වර්ෂයට පෙර ලෝක කුසලාන තරගාවලියන් දෙකකදී ලබා ගෙන තිබුනේ එක් ජයග්‍රහණයක් පමණයි.
  • දැන් ඔවුන් හිටපු ලෝක ශූරයින් වන එංගලන්තය හා පාකිස්තානය ට එරෙහි එක් ජයග්‍රහණයක් බැගින් ඇතුළුව ජයග්‍රහණ හතරක් හිමිකර ගෙන සිටිනවා.
  • සමහර ඇෆ්ගන් ක්‍රීඩකයින් පළමු වතාවට තරගයට සහභාගි වුනේ සරණාගතයින් ලෙස සිටිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන්නේ ඒ ටලිබාන්වරු විසින් ම 2021 වසරේදී බලයෙන් පහ කරනු ලැබූ කළින් තිබුනු ඇෆ්ගන් සමූහාණ්ඩුවේ ධජය යටතේ. ගායනා කරන්නේත් කළින් තිබුණු ඒ සමූහාණ්ඩුවේ ජාතික ගීය. 


මෙවන් තත්ත්වයක් යටතේ වුවද දක්නට ලැබුනු සුරංගනා කතාවක් බඳු ඇෆ්ගනිස්තාන් ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩාව එම තරගාවලිය පැවති ඉන්දියාවේ සිටින දහස් සංඛ්‍යාත ඇෆ්ගන් ජාතිකයන් වෙත ගෙන ආවේ දුර්ලභ සතුටක්.

ඔස්ට්‍රේලියානු පිතිකරු ග්ලෙන් මැක්ස්වල් විසින් ඇෆ්ගන් අපේක්ෂාවන් සුනුවිසුණු කර දමා ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබුනු අවස්ථාව අහිමි කරන තෙක් හිටපු ලෝක ශූරයින් වන එංගලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව ට එරෙහිව ජයග්‍රහණ අත්කර ගනිමින් ඇෆ්ගනිස්තානය නියැලී සිටියේ ලෝක කුසලාන ක්‍රිකට් මාවතේ  සිහින චාරිකාවක. 

නමුත් කිසිම කෙනෙක් පිළිනොගන්නා රජයක් තිබෙන, යුද්ධයෙන් හෙම්බත් වුනු රටක ක්‍රීඩකයන්ගේ විස්මයජනක හපන්කම් නිසා ක්‍රිකට් ලෝකයේ අවධානය හා ආදරය ඔවුන් කෙරෙහි යොමුවුනා.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇෆ්ගනිස්තානයේ නැගිටීම ඇදහිය නොහැකි තරම්. 

2015 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය 2023 වර්ෂයට පෙර ලෝක කුසලාන තරගාවලියන් දෙකකදී ලබා ගෙන තිබුනේ එක් ජයග්‍රහණයක් පමණයි. දැන් ඔවුන් හිටපු ලෝක ශූරයින් වන එංගලන්තය හා පාකිස්තානය ට එරෙහි එක් ජයග්‍රහණයක් බැගින් ඇතුළුව ජයග්‍රහණ හතරක් හිමිකර ගෙන සිටිනවා. සමහර ඇෆ්ගන් ක්‍රීඩකයින් පළමු වතාවට තරගයට සහභාගි වුනේ සරණාගතයින් ලෙස සිටිමින්.

ලෝක කුසලාන තරග බිමේ ඇෆ්ගන්වරුන්ගේ දියුණුව සංවේදනය හට ගන්වන ක්‍රියාවලියක්. සුදුසුකම් ලබා ගැනීමේ ලීගයන්හි අන්තිම අඩියේ සිට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයේ දොරකඩ දක්වා ඉහළට නගිමින් ඇෆ්ගනිස්තානය අවුරුදු 25ක් ඇතුළත කර තිබෙන දේ සිදුකිරීමට අනෙක් රටවලට අවුරුදු 60ක් 70ක් ගතවී තිබෙනවා.

වර්තමානයේ බලයේ සිටින ටලිබාන් ආණ්ඩුව විසින් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම පිළිගනු ලබන අතර එම ආණ්ඩුව පිළිබඳව ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්.

naseeb khan

ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන්

“ටලිබාන්වරු අපට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දී තිබෙනවා. පසුගිය වසරේ අපි මුදල්මය අසීරුතාවන්ට මුහුණ දී සිටි අවස්ථාවේදී ඔවුන් අපට ඩොලර් මිලියන 1.2ක් (පවුම් 977,514) ලබා දුන්නා” යැයි ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් (Naseeb Khan) ප්‍රකාශ කරනවා.

DI P12 29 05 TAS 5

ඉබ්‍රහිම් සඩ්රාන්

ඉන්දියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කා සමග කතා කරමින් සිට පැය කිහිපයකට පසුව 21 හැවිරිදි ඉබ්‍රහිම් සඩ්රාන් (Ibrahim Zadran) ලෝක කුසලාන ශතකයක් වාර්තා කළ පළමු ඇෆ්ගනිස්තානුවා බවට පත්වීම හා මෙවර තරගාවලිය ආරම්භයේදී එංගලන්තය පරදවා පෙරලිකාර ජයග්‍රහණයක් අත්කර ගැනීම වැනි ප්‍රාතිහාර්යයන් ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන තරග බිමේ සිදුකරන්නේ නොයෙකුත් අභියෝග මැද.

මෙවර තරගාවලියේ මේ කණ්ඩායමේ සුරංගනා කතාවක ආකාරයේ විශිෂ්ට ක්‍රීඩාව මගින් ලෝකය ට හඬගා කියන්නේ ඇෆ්ගනිස්තානය තවදුරටත් දුර්වල කණ්ඩායමක් හෝ වාසනාව මත රැඳී සිටින කණ්ඩායමක් හෝ නොවන බව. ඔවුන්ගේ හොඳ දවසේදී ඕනෑම රටක කණ්ඩායමක් පරාජය කිරීමට හැකියාව තිබෙන බව හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකයෙකු වන වර්තමාන කණ්ඩායමේ සහාය පුහුණුකරු රයීස් අහමඩ්සායි (Raees Ahmadzai) පවසනවා.

“ඇෆ්ගන්ලා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නේ එය දිව්‍යමය දෙයක් ලෙසින් සලකමින්. අපව මෙහෙයවන්නේ ඒ ආදරය යි” ඔහු කියනවා.

ආරම්භයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශක්තිය තිබුනේ පන්දු යැවීමේ. නමුත් දැන් ඔවුන්ගේ ලොකුම දියුණුව දිස්වන්නේ පිතිකරණයේ. ඇෆ්ගන් පිතිකරුවන් ඔවුන්ගේ සන්සුන් බව හා පරිණත බව ප්‍රදර්ශනය කර තිබෙනවා. සෙමෙන් ඉනිම ගොඩනගා ගන්නා ඔවුන් ඉලක්ක හඹා ගොස් තිබෙන්නේ ඉතාමත් ශාන්තභාවයෙන්. 

වෙනත් සමහර කණ්ඩායම් මෙන් නොව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරු යැයි කියා ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් විශේෂයෙන් තෝරා ගන්න බැහැ. 

මොකද, සෑම ක්‍රීඩකයෙකුගේම දායකත්වය කණ්ඩායමට ලැබෙන නිසා. ඔවුන්ගේ ජයග්‍රහණ වාර්තා වී තිබෙන්නේ විස්මිත අයුරින් නෙවෙයි. ඔවුන් ඉලක්ක හඹා ගොස් ඇත්තේ ඉතා සන්සුන් ලීලාවෙන්.

afghan 9874
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු පමණ ජාත්‍යන්තර T20 ලීගයන් සහ පාකිස්තානය, බංග්ලාදේශය හා කැරිබියන් දූපත්වල පවත්වනු ලබන කුඩා ජාත්‍යන්තර තරගාවලියන්හි ක්‍රීඩා කරමින් සිටිනවා.

නවමු තරුණ හැකියාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඇෆ්ගනිස්තානයේ තිබෙන ක්‍රීඩා සමාජ ක්‍රිකට් ජාලයෙන් බව අහමඩ්සායි සඳහන් කරනවා. මේ නිසා අවුරුදු 18 වයසේදී ලෝක කුසලාන තරග බිමේ ළාබාල ම ක්‍රීඩකයා වන නූර් අහමඩ් වැන්නෙක් 38 හැවිරිදි සුපිරි ක්‍රීඩක මොහම්මද් නබි සමග එකට ක්‍රීඩා කරනු දකින්න පුළුවන්.

ඉන්දියාව හා පාකිස්තානයේ මෙන් නොව ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ජනප්‍රිය වීම සිදුවුනේ මෑතකදී. එරට ආරම්භක ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තේ 1979 වසරේ සිදුවූ සෝවියට් දේශයේ ඇෆ්ගනිස්තාන ආක්‍රමණයෙන් පසුව සරණාගතයින් ලෙස පාකිස්තානයේ ජීවත් වෙමින් සිටියදී.

afghan t90834
මේ ක්‍රීඩකයින් නැවත සියරට පැමිණියේ ඔවුන් සමග ක්‍රිකට් ක්‍රීඩාවත් රැගෙන වූවද එය ඔවුන්ට පහසු කාර්යයක් වුනේ නැහැ. ඇෆ්ගන් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ වසර ගණනාවක් තිස්සේ පැවති යුද්ධය, බෝම්බ පිපිරීම් හා තමාගේ ආදරණීයයන් පැහැර ගන යාමේ සිදුවීම් විඳ දරාගෙන.

“බිය කියන එක කවදාවත් අපෙන් තුරන් වුනේ නැහැ. ජීවිතය වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයත් තිබුනේ අනතුරේ” අහමඩ්සායි මතක් කරනවා.

1990 ගණන්වල ටලිබාන්වරු පළමු වතාවට බලයට පැමිණි අවධියේ වුවද ඔවුන් එරට මිනිසුන් ට ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කරන්නැයි දැන්වූයේ නැහැ. අනෙකුත් ක්‍රීඩාවන් හා සසඳන විට ක්‍රිකට් ක්‍රීඩකයින් වඩා හොඳින්, ශරීරය වැසෙන පරිදි ඇඳුම් පළඳින බව අහමඩ්සායි පවසනවා.

දැන් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ රටේ කීර්තිමත් පුද්ගලයින් බවට පත්ව සිටිනවා. ඔවුන්ගේ පෝස්ටර මාර්ගයේ දැවැන්ත පුවරුවල දිස්වන අතර ඔවුන්ගේ තරග පිටියේ දක්ෂතා ඇෆ්ගන් තරුණයන්ගේ සිත්සතන් තුළ කිඳා බැස තිබෙනවා. අහමඩ්සායිගේ පුතා සිහින මවන්නේත් කවදා හෝ දවසක රෂිඩ් ඛාන් නමැති ඇෆ්ගන් පා-දඟ පන්දු සුපිරි තරුව මෙන් පන්දු යවන්න.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවති ඉන්දියාවේ ජීවත් වන දහස් ගණනින් යුත් ඇෆ්ගන්වරුන්ට ඔවුන්ගේ කණ්ඩායමේ දස්කම් විශේෂයෙන් වැදගත් වන්නේ අනාගතය පිළිබඳව බියකින් පසුවන ඔවුන්ට ඒ ක්‍රීඩාව කලාතුරකින් ලැබෙන සන්තෝෂයක් ගෙන එන නිසාවෙන්.

“ක්‍රිකට් තිබෙන විට අපි වගේ විඩාපත් ජාතියකට වුනත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා” යනුවෙන් පවසන්නේ වසර තුනකට පෙර ඉන්දියාව ට සංක්‍රමණය වූ ෆාෂිඩ් මොහම්මද්.

fghan t45
හැදී වැඩෙමින් සිටි කාලයේ ක්‍රිකට් යනු කුමක්දැයි දැන නොසිටි මොහම්මද් මෙන් නොව ඔහුගේ 16 හැවිරිදි පුතා දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සියල්ල දත් කෙනෙක්.

“ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් මගේ ළමයි දන්නේ එහි ඇති විනාශය හා දොම්නස ගැන විතරයි. ලෝක කුසලානය අපට තිබෙන බලාපොරොත්තුවේ ආරම්භය යි” මොහම්මද් කියනවා.

ද්විපාර්ශ්වික තරගාවලියන් වැඩිපුර ක්‍රීඩා කිරීම ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ උවමනාව වී තිබුනත් ඇෆ්ගනිස්තානය ට කාන්තා කණ්ඩායමක් නැතිකම හා ක්‍රීඩාව කාන්තාවන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් නැතිවීම හේතුවෙන් බොහෝ රටවල ක්‍රිකට් පාලකයින් ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කිරීමට අකමැත්තක් පෙන්නුම් කරනවා. 

af wn 30498

ලෝකයේ වඩාත්ම කුරිරු කාන්තා අයිතීන් මර්දනය සිදුවන්නේ ටලිබාන් පාලනය යටතේ. ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂාව සොයා රටින් පළා ගොස් දැන් ඔස්ට්‍රේලියාවේ සිරවී සිටින්නේ ඇෆ්ගනිස්තානයෙන් පිටුවහල් කළ පුද්ගලයන් ලෙසින්.

සටහන :
නේෂන්ස් කුසලාන' නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...