The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මට එන්න කිවුවේ නැහැ...ඒ නිසා මම ගියේ නැහැ' - කපිල් දේව්

T

The Leader Desk

November 20, 2023 • 2:27 PM

'මට එන්න කිවුවේ නැහැ...ඒ නිසා මම ගියේ නැහැ' - කපිල් දේව්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1983 වසරේදී ඉන්දියාව ඔවුන්ගේ පළමු ක්‍රිකට් ලෝක කුසලානය කරා මෙහෙයවූ පුරාවෘත්ත නායක
  • මට උවමනා වුනේ මාත් එක්ක 1983 මුළු කණ්ඩායම ම එතන ඉන්නයි.
  • නමුත් එය ඉතාමත් ලොකු අවස්ථාවක් වූ නිසාත් වගකීම් සම්බන්ධයෙන් ඒ අය ගොඩක් කාර්යබහුලව සිටි නිසාත් ඔවුන්ට මාව අමතක වෙන්න ඇති” යැයි දේව් කියනවා.
  •   1983 වසරේ ජූනි 25 දිනය ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට අමතක කරන්න බැරි දවසක්.
අකුරු ප්‍රමාණය (Font Size):
කපිල් දේව් ට ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවති 2023 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහා තරගයට ආරාධනා කර තිබුනේ නැහැ.
 
sere3

අහමදාබාද් හි නරේන්ද්‍ර සිං මෝඩි ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍ර්ලියාව ට එරෙහිව ඉන්දියාව සිය තෙවැනි ලෝක කුසලාන කිරුළ හඹා ගිය දිනයේදී ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ බළකණුවක් බවට පත් කිරීමට අඩිතාලම දැමූ මේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් නායකයා කියා සිටියේ තමා එදා ලෝක ශූරයින් වූ තම කණ්ඩායමේ සගයන් සමග තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට යාමට ආශාවෙන් සිටියත් ඒ සඳහා තමන්ට ආරාධනාවක් නොලැබුනු බව.

“මට එහෙ එන්න කියා ආරාධනාවක් ලැබුනේ නැහැ. ඔවුන් මට දුරකථනයෙන්වත් කතා කළේ නැහැ. ඒ නිසා මම ගි‌යේ නැහැ. මට උවමනා වුනේ මාත් එක්ක 1983 මුළු කණ්ඩායම ම එතන ඉන්නයි. නමුත් එය ඉතාමත් ලොකු අවස්ථාවක් වූ නිසාත් වගකීම් සම්බන්ධයෙන් ඒ අය ගොඩක් කාර්යබහුලව සිටි නිසාත් ඔවුන්ට මාව අමතක වෙන්න ඇති” යැයි දේව් කියනවා.
 
India Team 1983

1983 වසරේ ජූනි 25 දිනය ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට අමතක කරන්න බැරි දවසක්. ‘පෘඩෙන්ෂල් කුසලානය’ (Prudential Cup) ලෙසින් එකළ හදුන්වනු ලැබූ ලෝක කුසලානය කපිල් දේව්ගේ නායකත්වය යටතේ ඉන්දියාව ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දිනා ගත්තේ එදා. මේ ජයග්‍රහණය වඩාත් සුවිශේෂී වන්නේ ඔවුන් පරාජය කළේ සුපිරි තරුවලින් පිරුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් නිසා.
 
dfse2e
ඒ තරගය පැවැත්වුනේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිවස ලෙසින් සැලකෙන එංගලන්තයේ ලන්ඩන් අගනුවර පිහිටි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ. පළමුව පන්දුවට පහර දුන්නේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව. ඔවුන් හොඳ ආරම්භයක් ලබා ගත්තත් ඇන්ඩි රොබට්ස්, මැල්කම් මාෂල්, මයිකල් හෝල්ඩිං සහ ජොයෙල් ගානගෙන් සමන්විත වූ කොදෙව් වේග පන්දු බළඇණිය විසින් ඉන්දියාව ලකුණු 183කට සීමා කරනු ලැබුවා.

කෙසේ වෙතත් පන්දු යවන්නන් ඔවුන්ගේ කාර්යය නිසි අයුරින් ඉටුකළද මේ පහසු ඉලක්කය හඹා යාමට කොදෙව් පිතිකරුවන් අසමත් වූ නිසා ජයග්‍රහණයට ලකුණු 43ක් අඩුවෙන් ඔවුන්ගේ ඉනිම අවසන් වුනේ ඉන්දියාව ට තරගයේ ජය අත්කර දෙමින්.
 
1983 kapil
මේ අනපේක්ෂිත විශිෂ්ට ජයග්‍රහණය ලෝක කුසලාන ක්‍රිකට් තරග බිම උඩුයටිකුරු කළ පෙරලිකාර සිදුවීමක් වූ අතර එය ඉන්දියාව නමැති රට ට ‌ෙඑතිහාසික අවස්ථාවක් ද වුනා. ඔවුන් ලෝක ක්‍රිකට් කුසලානයක් දිනා ගත් මේ පළමු අවස්ථාව ඉන්දියාව ලෝක ක්‍රිකට් සිතියමේ වැදගත් තැනක තැබීමට ද උපකාරී වුනා.
 

 සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...