The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම්

T

The Leader Desk

November 21, 2023 • 12:52 PM

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට ලෝක කුසලාන වරම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පැවසුයේ,.දකුණු අප්‍රිකාවට සත්කාරත්ව අද (21) හිමිවූ වයස 19 න් පහළ
  • අහමදාබාද්හිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම විශේෂ අනුමැතිය ලැබුණු බව ද කපුවත්ත වැඩි දුරටත් සඳහන් කළේය.
  • අහමදාබාද්හිදී පැවති අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි ඇත.
  • කෙසේවෙතත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව එකඟ වූ බවයි.

අහමදාබාද්හිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා දීර්ඝ වශයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම විශේෂ අනුමැතිය ලැබුණු බව ද කපුවත්ත වැඩි දුරටත් සඳහන් කළේය.


ලංකාවට 19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි


ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (21) පස්වරුවේ තීරණය කර තිබේ.

අහමදාබාද්හිදී පැවති අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණයට එළඹි ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබේ.

කෙසේවෙතත් ක්‍රිකට් තහනම පැවතියද ශ්‍රී ලංකා ජාතික කන්ඩායම සහභාගී වන තරගාවලි සඳහා එමගින් බලපෑමක් ඇතිනොවන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...