The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළිකරන්න ශිරාල් සමග පොලිසියට යයි

T

The Leader Desk

November 21, 2023 • 3:54 PM

ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළිකරන්න ශිරාල් සමග පොලිසියට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) පෙරවරු 11.15 පමණ ක්‍රීඩා වැරදි
  • ඔහුව මෙසේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය අවසන් කර දිවයිනට පැමිණීමේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමටය.
  • ක්‍රීඩාව සුදූට යටවී ඇති බවත් ඒ පිළිබඳව දින කිහිපයකින් ප්‍රකාශ කරන බවත් ඔහු එම අවස්ථාවේදී කියාසිටියේය.
  • එසේම ක්‍රිකට් අර්බුදය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රමෝද්‍ය පැමිණියේ සිය නීතිඥයා වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලකද සමගිනි.

ඔහුව මෙසේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය අවසන් කර දිවයිනට පැමිණීමේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමටය.

ක්‍රීඩාව සුදූට යටවී ඇති බවත් ඒ පිළිබඳව දින කිහිපයකින් ප්‍රකාශ කරන බවත් ඔහු එම අවස්ථාවේදී කියාසිටියේය.

එසේම ක්‍රිකට් අර්බුදය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) ඔහුව  නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.

වික්‍රමසිංහ ගෙන් එම පැය 5 තුළ ප්‍රකාශයෙන් හතරෙන් එකක් පමණ සටහන්කරගත් බව කී එම නිලධාරියා, ඔහුට මහන්සි යැයි පැවසීම හේතුවෙන් පස්වරු 4.15 ට පමණ ප්‍රකාශය සටහන් කරගැනීම අත්හිටුවූ බව ද සඳහන් කළේය.

ඒ අනුව හෙට පෙවරුවේ නැවත පැමිණෙන ලෙස ඔහුට දැන්නුව ද පැමිණිය නොහැකි යැයි පැවසූ බවත් අද දිනයේදී ඔහු පැවසූ කරුණු පමණක් සටහන්කරගත් බවත් එම නිලධාරියා කීය.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ ගේ අධීක්‍ෂණයෙන් එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විතානගේ එම ප්‍රකාශය ගැනීම මෙහෙයවීය.

 

 



සබැඳි පුවත් :

ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි

'ක්‍රිකට් කුමන්ත්‍රණයක්' ගැන ප්‍රමෝද්‍ය  ගෙන් බරපතල අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි - කුමන්ත්‍රණ කතාවක් ප්‍රමෝද්‍යය කියයි

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළිකරන්න ශිරාල් සමග පොලිසියට යයි | The Leader