The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිරිමි උපතක් ලැබූ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්

T

The Leader Desk

November 23, 2023 • 7:57 AM

පිරිමි උපතක් ලැබූ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය ආරක්ෂා කිරීමට හා එහි ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලය
  • කෙසේ වෙතත්, දේශීය තරගවල මේ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය පිළිබඳව අවසාන තීරණය ගැනීම ඒ ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවලට බාර දී ඇති බව ද ICC නිවේදනයේ දැක්වෙනවා.
  • Danielle McGahey මේ වසර මුලදී, කැනඩාවේ ඩැනිඅල් මැගේහි (Danielle McGahey) නමැති 29 හැවිරිදි ආරම්භක පිතිකාරිනිය හා කඩුලු රකින්නිය ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සංචිතයකට නම් කරනු ලැබූ ප්‍රථම සංක්‍රාන්තිකලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වුනා.
  • සැප්තැම්බර් 4 වැනිදා පැවති එම තරගයේ කැනඩා ඉනිම ආරම්භ කළ මැගේහි ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් ගෙන ඇති තීරණයකට අනුව පිරිමින් ලෙස උපත ලැබූ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ට මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම්.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) මීට කළින් 2018 වසරේ නිකුත් කර ඊට තෙවසරකට පසුව සංශෝධනය කෙරුණු ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම් නියාමනයන්ට අනුව ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග බිමේ ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන සංක්‍රාන්තික කාන්තාවන් ඔවුන්ගේ රුධිරද්‍රාවයේ තිබෙන ‘ටෙස්ටොස්ටරෝන්’ නමැති ප්‍රධාන පුරුෂ හොර්මෝනය 5 nmol/L1 ට අඩුවෙන් අවම වශයෙන් මාස 12ක කාලයක් අඛණ්ඩ ඒකාග්‍රතාවකින් යුතුව පැවති බවට ඔප්පු කළ යුතු වන අතර එය ඇය ක්‍රීඩා කරන තාක් කල් ඒ මට්ටමට අඩුවෙන් තබා ගැනීමට කැමැත්තක් සහ හැකියාවකින් යුතුව ඊට සූදානමින් ද සිටින බවට ඔප්පු කළ යුතුයි. 

මීට අමතරව, තමන්ගේ ස්ත්‍රී-පුරුෂභාවයේ අනන්‍යතාව ‘කාන්තාව’ බවට වෛද්‍ය නිලධාරියා සෑහීමකට පත්වන තරමේ, තමන්ගේ අත්සනින් යුත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ද අවශ්‍යයි. 

ICC 74
කෙසේ වෙතත්, මේ සුදුසුකම්වලට කාන්තා අයිතීන් පිළිබඳ සංවිධාන ඔවුන්ගේ විරෝධය පළකර සිටියේ සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ට වැඩි ශක්තියක් තිබෙන බැවින් එමගින් ස්වභාවිකව කාන්තාවන් වන ක්‍රීඩිකාවන්ට ලොකු අසාධාරණයක් සිදුවන බව පවසමින්.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම තහනම් කිරීමේ තීරණය ගෙන ඇත්තේ ක්‍රීඩිකාවන්‌ ආරක්ෂා කිරීම පිණිස සිදුකෙරුණු මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. 

“කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වය සුරැකීම, ආරක්ෂාව, සාධාරණත්වය හා අන්තර්ගතය...මෙයින් අදහස් වන්නේ ඕනෑම ආකාරයක පිරිමි වැඩිවියට පත්වීමකට ලක්ව ඇති කිසිම පිරිමි හෝ කාන්තා පුද්ගලයෙකුට, ඔවුන් කුමන ආකාරයේ ශෛල්‍යකර්මවලට බඳුන්ව සිටියත් හෝ ස්ත්‍රී-පුරුෂභාවයේ නැවත පත්වීමේ ප්‍රතිකාර ගෙන තිබුනත් ඔවුන් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසුකම් ලබන්නේ නැහැ...යන මූලධර්ම මත නව ප්‍රතිපත්තිය සෑදී තිබෙනවා” යනුවෙන් ICC නිවේදනයේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, දේශීය තරගවල මේ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය පිළිබඳව අවසාන තීරණය ගැනීම ඒ ඒ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවලට බාර දී ඇති බව ද ICC නිවේදනයේ දැක්වෙනවා.

daniel 20

Danielle McGahey

මේ වසර මුලදී, කැනඩාවේ ඩැනිඅල් මැගේහි (Danielle McGahey) නමැති 29 හැවිරිදි ආරම්භක පිතිකාරිනිය හා කඩුලු රකින්නිය ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සංචිතයකට නම් කරනු ලැබූ ප්‍රථම සංක්‍රාන්තිකලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වුනා. කැනඩා ක්‍රිකට් ආයතනය විසින් ඇය නම් කරනු ලැබුවේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අමෙරිකානු රටවලින් සුදුසුකම් ලබා ගැනීම පිණිස ලොස් ඇන්ජලීස් හි පසුගිය සැප්තැම්බරයේ පැවති ආජන්ටිනාව, බ්‍රසීලය හා අමෙරිකාව ට එරෙහි තරග සඳහා වූ කැනඩා සංචිතයට. 

මේ ක්‍රීඩිකාවගේ මංගල T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වුනේ බ්‍රසීලය ට එරෙහි තරගය. සැප්තැම්බර් 4 වැනිදා පැවති එම තරගයේ කැනඩා ඉනිම ආරම්භ කළ මැගේහි ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණයි. එහෙත් ඊට සිවුදිනකට පසුව බ්‍රසීලය සමග ම පැවති දෙවන තරගයේදී ඇය පන්දු 45කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 48ක් වාර්තා කළේ කැනඩාවේ ලකුණු 60ක ජයග්‍රහණයට මහඟු දායකත්වයක් ලබා දෙමින්. සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරග හයකට සහභාගි වූ ඇය 19.66ක සාමාන්‍යකින් යුතුව ලකුණු 118ක් රැස් කළා. මේ ලකුණු ප්‍රමාණයට හයේ පහරක් හා හතරේ පහර 16ක් ඇතුළත්ව තිබුනේ 95.93ක ප්‍රහාරක වේගයකින්. කඩුල්ල පිටුපස සිට උඩපන්දු 4ක් අල්ලා ගැනීමටද මේ ක්‍රීඩිකාව සමත් වුනා.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන මැගේහි 2020 වසරේ පෙබරවාරියේදී කැනඩාව ට සංක්‍රමණය වූ අතර එම වසරේ නොවැම්බරයේදී පිරිමියෙක්ව සිට කාන්තාවක් දක්වා සමාජමය වශයෙන් සංක්‍රාන්ති වීමෙන් පසුව 2021 වසරේ මැයි මාසයේදී වෛද්‍යමය වශයෙන් ඇගේ සංක්‍රාන්තිය සිදුවුනා. 

“මගේ ‘ටෙස්ටොස්ටරෝන්’ මට්ටම නිවැරදිව තහවුරු කර ගැනීම පිණිස මම අවුරුදු දෙකකට වැඩි කාලයක සිට හැම මාසෙකම රුධිර පරීක්ෂාවක් සිදුකර තියෙනවා” යනුවෙන් ඇය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට යාමට පෙර ප්‍රකාශ කළා.

“මම කාට එරෙහිවද ක්‍රීඩා කළේ, මම කොච්චර ලකුණු ගත්තාද කියලා මම මගේ ක්‍රීඩක විස්තරවල සඳහන් කර තිබෙනවා. මගේ වෛද්‍ය වාර්තා ICCයට යවන්න මට දොස්තරලා එක්ක ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලබා දෙන විස්තර සියල්ල පරීක්ෂා කර විශේෂ කමිටුවකට මං ගැන නිගමණයකට එන්න අවශ්‍ය ප්‍රමාණවත් විස්තර ලබා දී තියෙනවද කියා තීරණය කරන්න ඔවුන් වෛද්‍ය නිලධාරියෙක් පත්කර තිබෙනවා.”

“හැම මාසෙකම රුධිර පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාව තමයි මට තියෙන ලොකුම අභියෝගය. මොකද, ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ගොඩක් ගමන් බිමන් යන්න සිදුවන නිසා.”

TELEMMGLPICT000348111241 16939373147870 trans NvBQzQNjv4Bq25pT1XS8nwKNuquwKbuq8uZVzLn4BNxgngm8pnoZKYA

මැගේහි කැනේඩියානු ක්‍රිකට් තේරීම් නිලධාරීන්ගේ අවධානයට ලක්වුනේ ස්ත්‍රී-පුරුෂ බවේ ස්වයං හැඳින්වීමක් පමණක් මත සහභාගි වීමට අවස්ථාව තිබෙන  එරට අන්තර් පළාත් තරගාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ පිතිහරඹයෙන්. එමගින් ඇයට ජාත්‍යන්තරයේ මං විවර වුනේ 2022 ඔක්තෝබරයේ පැවති, අමුත්තෙකු ලෙස සහභාගි වන ලෙසට කැනඩාව ට ආරාධනා කෙරුණු දකුණු අමෙරිකානු T20 ශූරතාවලියේ තරග හතරකට ක්‍රීඩා කිරීමට. මේවා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පිළිගැනෙන තරග නොවූ බැවින් ඇයට ඔවුන්ගේ නීති සම්පූර්ණ කිරීමට අවශ්‍යතාවක් නොතිබුනද ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමට පියවර තබන විට එය අවශ්‍යතාවක්.

“මගේ කණ්ඩායමත් එක්ක විශේෂයෙන් තරග පිටියේදීත් තරග බිමෙන් පිටතදීත් මම මුහුණ දුන් එක ම සෘණාත්මක අත්දැකීමක්වත් මට මතක නැහැ. හැමෝම මට ඉතාමත් හොඳින් සලකලා තියෙනවා” යැයි මැගේහි පවසනවා. 

“මම මගේ සංක්‍රාන්තිය ගැන හරිම විවෘතයි. මං වගේ වන ඊළඟ හා ඊළඟ අයටත් ඉදිරියට යන්න කියා පොලඹවමින් එතනිනුත් එහාට යාම පමණයි මට අවශ්‍ය.”

danielle mcgahey

 

සංක්‍රාන්තික ලිංගික ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර තරග සහභාගිත්වය තහනම් කර තිබූ රග්බි, මලල ක්‍රීඩා, පාපැදි සහ පිහිනුම් වැනි ක්‍රීඩාවන් සමග ක්‍රිකට් ක්‍රීඩාව ඒ වන විට එකතු වී තිබුනේ නැහැ. නමුත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව නීතියට අනුව ඩැනිඅල් මැගේහි ක්‍රීඩිකාවට තවදුරටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තරග කරන්න බැහැ.

 

Shutterstock 14092293mකෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලයේ මේ නව නීතිය මත තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් තමා ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඩැනිඅල් මැහේගි ප්‍රකාශ කළා. 

 
“ICCයේ තීරණයට අනුව මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් බවට මම ප්‍රකාශ කරන්නේ ඉතාමත් දුකින්” මැහේගි කියා සිටියා.
 
“නමුත් මම අපේ ක්‍රීඩාවේ අපේ සමානතාව වෙනුවෙන් සටන් කිරීම නවත්වන්නේ නැති බවට මම පොරොන්දු වෙනවා. උපරිම තලයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අයිතිය අපට ලැබිය යුතුයි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකත්වයට හෝ ආරක්ෂාවට අපි තර්ජනයක් නෙවෙයි. කවදාවත් සටන අතහරින්න එපා!”
සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...