The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවල්ස්ට හය වසරක ක්‍රිකට් තහනමක්

T

The Leader Desk

November 23, 2023 • 12:54 PM

හිටපු කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවල්ස්ට හය වසරක ක්‍රිකට් තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටියත් පෙර වැරදි මත බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු
  • ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් සැමුවල්ස් ට අද (23) මේ දීර්ඝ කාලීන දඬුවම පැනවූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.
  • මීට කළින් චෝදනා හතරක් සම්බන්ධයෙන් ICCය මේ ක්‍රීඩකයාට 2021 වසරේ සැප්තැම්බරයේ නඩු පැවරූ අතර ඒ චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට 2023 අගෝස්තුවේදී තීරණය වුනා.
  • මේ අවුරුද හයක තහනම නීති කැඩීමට අදහස් කර සිටින ඕනෑම ක්‍රීඩකයෙකු වැළැක්වීමේ සාධකයක් බවට පත්වේවි” යැයි ICC මානව සම්පත් හා අවංකත්වය අංශයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් (Alex Marshall) ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලන් සැමුවල්ස් (Marlon Samuels) ට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියළුම ක්‍රියාකාරකම් අවුරුදු හයකට තහනම් කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් සැමුවල්ස් ට අද (23) මේ දීර්ඝ කාලීන දඬුවම පැනවූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.



මීට කළින් චෝදනා හතරක් සම්බන්ධයෙන් ICCය මේ ක්‍රීඩකයාට 2021 වසරේ සැප්තැම්බරයේ නඩු පැවරූ අතර ඒ චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට 2023 අගෝස්තුවේදී තීරණය වුනා.

ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත්වන අන්දමට ත්‍යාගයක්, දීමනාවක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් පහසුකමක් ලබා ගැනීම සහ අමෙරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ආගන්තුක සත්කාරයක් ලබා ගැනීම යන කාරණා දූෂණ විරෝධී නිලධාරියාට එළිදරව් කිරීමට අසමත් වීම, එම නිලධාරියාගේ පරීක්ෂණවලට සහාය දීමට අපොහොසත් වීම සහ පරීක්ෂණයට ප්‍රයෝජනවත් විය හැකි තොරතුරු වසන් කිරීමෙන් දූෂණ විරෝධී නිලධාරියාගේ පරීක්ෂණයට බාධා කිරීම හෝ එය ප්‍රමාද කිරීම යන චෝදනා හතර සැමුවල්ස් වැරදිකරු වූ චෝදනාවන්.


Alex Marshall“සැමුවල්ස් දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ කාලය තුළ දූෂණ විරෝධී සැසිවාර බොහොමයකට සහභාගි වූ ඔහු දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ඔහුගේ වගකීම් මොනවාද යන්න හරියටම දැන සිටියා. ඔහු දැන් විශ්‍රාම ගොස් සිටියත් මේ වැරදි සිදු කරද්දී ඔහු ක්‍රීඩාවේ නිරතව සිටියා. මේ අවුරුද හයක තහනම නීති කැඩීමට අදහස් කර සිටින ඕනෑම ක්‍රීඩකයෙකු වැළැක්වීමේ සාධකයක් බවට පත්වේවි” යැයි ICC මානව සම්පත් හා අවංකත්වය අංශයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් (Alex Marshall) ප්‍රකාශ කළා.



මාලන් සැමුවල්ස්ගේ හය වසරක තහනම ක්‍රියාත්මක වීම 2023 නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන බවත් ඔහු 2029 වසර වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියළුම කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය තහවුරු කළා.


හිටපු කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකක සිටි ක්‍රීඩකයෙක්. ඔහු විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරග දෙකකදී ම (2012 හා 2016) කොදෙව්වන් ජයග්‍රහණය කරා ගෙන ගිය ඉනිම දෙකක් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර මේ නිසා ඔහු මේ අවස්ථා දෙකේදී ම ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුණා.

ma s
තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මේ ක්‍රීඩකයා 2012 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට ඔවුන්ගේ ප්‍රථම විස්සයි20 ලෝක කුසලානය දිනා දීමට මුල් වුනා.

කොදෙව් කණ්ඩායම  වෙනුවෙන් සිය වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ සැමුවල්ස් තරග 300කට වැඩියෙන් ක්‍රීඩා කළා. ශතක 17ක් ද වාර්තා කර ඇති ඔහු ඕවර 50 ක්‍රිකට් ක්‍රීඩාවේදී කැරිබියන් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන සියළුම ආකාරයේ ක්‍රිකට් තරගවලින් ලකුණු 11,000කට වැඩියෙන් රැස්කර ගෙන ඇති ඔහු කඩුලු 150කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ද සමත් වුනා.

1981 පෙබරවාරි 5 වැනිදා ජැමෙයිකාවේ උපන් මාලන් සැමුවල්ස් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට 2000 වසරේදී සහභාගි වුනේ වයස අවුරුදු 19දී.

2000

ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගේ දායකත්වය වෙනුවෙන් ජැමෙයිකාවේ ඉහළ ම ගෞරවයක් වන Order of Jamaica සම්මානයෙන් 2016 අගෝස්තුවේදී පිදුම් ලැබූ මාලන් සැමුවල්ස් ජැමෙයිකාවේ සිටින එක් ජනප්‍රිය ම සහ ධනවත් ම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 2023 ජූනි 1 වැනිදා වන විට ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 5ක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...