The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වීරයා නැතත් නළුවා ඇවිත්...

T

The Leader Desk

November 24, 2023 • 10:59 AM

වීරයා නැතත් නළුවා ඇවිත්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1983 වසරේදී ඉන්දියාවට ප්‍රථම ලෝක ක්‍රිකට් කුසලානය දිනා දෙමින් ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ වීරයා බවට පත්වූ නායක කපිල් දේව් ට
  • ඒ නිසා මම ගියේ නැහැ” යනුවෙන් කපිල් දේව් පැවසීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් ලෝකයේ ඇතිවුනේ මහත් කැළඹීමක්.
  • මෙයින් කෝපයට පත් ක්‍රිකට් ලෝලීන් ඔවුන්ගේ විස්මය හා කලකිරීම ප්‍රකාශ කිරීම පිණිස Twitter වෙත යොමුවුනා.
  • “රන්වීර් කොච්චර හොඳට එයාගේ චරිතය 1983දී රඟපෑවාද කියනව නම් අදටත් හැමදෙනාම විශ්වාස කරන්නේ එයා තමයි නියම කපිල් දේව් කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහමදාබාද් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති 2023 ලෝක කුසලාන ක්‍රිකට් අවසාන මහා තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ආරාධනා කර නොතිබුනත් ’83 නමැති චිත්‍රපටයේ කපිල් දේව්ගේ චරිතය රඟපෑ රන්වීර් සිං (Ranveer Singh) ක්‍රීඩාංගණයේ නරඹන්නන් අතර සිටිනු දිස්වුනා.

“මට එන්න කියලා ආරාධනාවක් ලැබුනේ නැහැ. ඒ නිසා මම ගියේ නැහැ” යනුවෙන් කපිල් දේව් පැවසීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් ලෝකයේ ඇතිවුනේ මහත් කැළඹීමක්.

Celebs 8 scaled

එහෙත් සව්රව් ගංගුලි ඇතුළු හිටපු ඉන්දියා ක්‍රිකට් නායකයින් කිහිප දෙනෙකු ම අවසාන තරගය නැරඹීම පිණිස නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට පැමිණ සිටියත් කපිල් දේව් එහි දක්නට නොසිටීම බොහෝ දෙනාගේ කතාබහට මාතෘකාවක් වුනේ විශේෂයෙන් කපිල් දේව් ලෙස ’83 නමැති චිත්‍රපටයේ රඟපෑ රන්වීර් සිං නළුවාට හා ඔහුගේ බිරිඳ වන දීපිකා පදුකෝන් (Deepika Padukone) ට සහ බොලිවුඩ් සුපිරි තරුවක් වන ෂාරුක් ඛාන් හා ඔහුගේ මුළු පවුල ට ම ක්‍රීඩාමණ්ඩපයේ ඉතා වැදගත් පුද්ගලයන් සඳහා වන VIP කොටසේ ස්ථාන ලබා දී තිබුනු නිසාවෙන්.

මෙයින් කෝපයට පත් ක්‍රිකට් ලෝලීන් ඔවුන්ගේ විස්මය හා කලකිරීම ප්‍රකාශ කිරීම පිණිස Twitter වෙත යොමුවුනා.

shahrukhkhanworldcup71700392655
“රන්වීර් කොච්චර හොඳට එයාගේ චරිතය 1983දී රඟපෑවාද කියනව නම් අදටත් හැමදෙනාම විශ්වාස කරන්නේ එයා තමයි නියම කපිල් දේව් කියලා. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයත් ලෝක කුසලානය දිනා දුන් නායකයා වෙනුවට රන්වීර් ට ආරාධනා කර තිබෙන බවක් පේනවා” යනුවෙන් එක් ‘ට්විටර්’ භාවිතා කරන්නෙක් පවසා තිබුනා.

තවත් කෙනෙක් මෙසේ ලියා තිබුණා:

“1983 ලෝක කුසලාන ජයග්‍රාහී නායක කපිල් දේව් ට අවසාන තරගය නරඹන්න ආරාධනා කර තිබුනේ නැහැ. නමුත් ’83 චිත්‍රපටයේ කපිල් දේව් විදියට රඟපාපු රන්වීර් සිං ක්‍රීඩාංගණයේ ඉන්නවා අපිට පේනවා.”

.

රන්වීර් ‘ඩුප්ලිකේට් කපිල්’ ලෙස හඳුන්වමින් තවත් ක්‍රිකට් ලෝලියෙක් කියා තිබුනේ, “නියම කපිල් දේව් ට ආරාධනා නොකළත් ඩුප්ලිකේට් කපිල් දේව් ට 2023 ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ආරාධනා කරලා” යනුවෙන්.

කපිල් දේව් ලෙස රන්වීර් රඟපෑ චිත්‍රපටය අවාසනාවකට බොක්ස් ඔෆිස් හිදී අසාර්ථක වුනා. රුපියල් කෝටි 250ක විශාල වියදමකින් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය ට අවසානයේ ලැබුනේ රුපියල් කෝටි 190ක පමණ බොක්ස් ඔෆිස් මුදල් එකතුවක් පමණයි.



සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...