The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගෙන් ග්ලෙන් මැක්ස්වල්ගේ බිරිඳට නින්දාසහගත දොස්

T

The Leader Desk

November 29, 2023 • 11:59 AM

 ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගෙන් ග්ලෙන් මැක්ස්වල්ගේ බිරිඳට නින්දාසහගත දොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ ම සමහරු පවසන පරිදි ඉන්දීය ක්‍රිකට් ලෝලී සමාජ මාධ්‍ය වේදිකාව විෂවලින් පිරිලා.
  • එහෙත් මේ අවධානයේදී සමහර ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය ඉන්දීය සම්භවයක් ඇති මැක්ස්වල්ගේ බිරිඳ වෙත එල්ල වීම කණගාටුවට කරුණක්.
  •   මැක්ස්වල්ගේ බිරිඳ සමාජ මාධ්‍යයේ පරිභව කිරීම්වල ඉලක්කය බවට පත්ව තිබෙන්නේ ඇගේ සැමියාගේ කණ්ඩායම ඉන්දියාව පරදා මෙවර ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමෙන් පසුව.
  • කෙසේ වෙතත් එය ඉන්දියානු පරාජය තහවුරු වීමේ ලකුණු කිහිපය වූ නිසා හටගත් ඉන්දියා ක්‍රීඩා ලෝලී වෛරයේ ඉලක්කය බවට පත්වුනේ විනි රාමන්.
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාජිත ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම ලක්ෂයකට ආසන්න නරඹන්නන් පිරිසක් ඉදිරියේ ඔවුන්ගේ රටේදී ම 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් පරාජය වීම ඉවසා දරා ගත නොහැකි මේ ඉන්දියානුවෝ ඔවුන්ගේ කෝපය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් වෙත එල්ල කර තිබෙන්නේ ඉතාමත් නින්දිත ආකාරයෙන්.

ක්‍රිකට් ලෝකයේදී ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ තරග බිමේ ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි පමණක් නෙවෙයි. පිටියෙන් පිටත ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් අවධානය යොමු වීම වළක්වන්න බැහැ.

 මෑතකදී පුවත් සිරස්තල මැවූ ක්‍රිකට් යුවලක් වුනේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ග්ලෙන් මැක්ස්වල් හා ඔහුගේ බිරිඳ වන විනි රාමන් (Vini Raman). එහෙත් මේ අවධානයේදී සමහර ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය ඉන්දීය සම්භවයක් ඇති මැක්ස්වල්ගේ බිරිඳ වෙත එල්ල වීම කණගාටුවට කරුණක්.

 

Vini Raman2
මැක්ස්වල්ගේ බිරිඳ සමාජ මාධ්‍යයේ පරිභව කිරීම්වල ඉලක්කය බවට පත්ව තිබෙන්නේ ඇගේ සැමියාගේ කණ්ඩායම ඉන්දියාව පරදා මෙවර ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමෙන් පසුව.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවැති අවසාන තරගයේදී ග්ලෙන් මැක්ස්වල් කඩුල්ලට පිවිසෙන විටත් ඔස්ට්‍රේලියාව තරගය ජය ගෙන හමාරයි. ඔහු කළ යුතුව තිබුනේ තව ලකුණු දෙකක් ලබා ගැනීම පමණයි. කෙසේ වෙතත් එය ඉන්දියානු පරාජය තහවුරු වීමේ ලකුණු කිහිපය වූ නිසා හටගත් ඉන්දියා ක්‍රීඩා ලෝලී වෛරයේ ඉලක්කය බවට පත්වුනේ විනි රාමන්. තරගාවලිය පුරා ම අපරාජිත ගමනක යෙදී අවසාන කඩුල්ල පැනීමට නොහැකි වීම නිසා ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළ ඇතිවුනේ කෝපය මුසු වුනු දැඩි කම්පනයක්.

ඒ පරාජය සමහර ඉන්දියා ආධාරකරුවන් විසින් උවමනාවට වඩා වැඩි දුරක් ගෙන ගොස් තිබෙන බව විනි රාමන් පවසන්නේ තමාටත් මැක්ස්වල්ටත් එල්ල වන පරිභව කිරීම් පිළිබඳව විස්මය පළ කරමින්.

 “මට මේක අදහා ගන්න බැහැ. නමුත් මේ දේ කියන්න ඔ්න. ඉන්දියානුවෙකු වෙන ගමන් තමන් හැදී වැඩුනු තමාගේ උපන් රටටත් සහයෝගය පළ කරන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ සැමියා හා තමාගේ දරුවාගේ පියා ක්‍රීඩා කරන කණ්ඩායමට.”
“සීතල නැතිවෙන්න පෙත්තක් අරගෙන ඔය කෝපය ලෝකයේ සිද්ධ වෙන මීට වඩා වැදගත් දේවලට යොමු කරන්න!” යනුවෙන්ද ඇය තමන්ට දොස් පවරන ක්‍රිකට් ලෝලීන්ට X නමැති සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ කියා තිබෙනවා.

 F XdkRnaMAA5XGb

විනි රාමන් 1993 වසරේ මාර්තු 3 වැනිදා උපත ලැබුවේ ඔස්ට්‍රේලියාවේ. ඇයගේ මවුපියන් ඉන්දියාවේ සිට මෙල්බර්න් නුවරට සංක්‍රමණය වූ අතර විනිගේ මූලාශ්‍ර තිබෙන්නේ දකුණු ඉන්දියාවේ.

ක්‍රිස්තියානි සිරිත් විරිත් අනුව ග්ලෙන් මැක්ස්වල් සමග 2022 මාර්තු 18 වැනිදා ඔස්ට්‍රේලියාවේදී විවාහ වූ ඇය මාර්තු 27 වැනිදා චෙන්නායි හිදී සාම්ප්‍රදායික දෙමළ පිළිවෙත් ක්‍රමයට විවාහ වුනා.
Max 2023.11.12
පසුගිය සැප්තැම්බරයේදී මේ යුවල පුතෙක් බිහිකළ අතර ඔහු නම් කර තිබෙන්නේ ලෝගන් මැව්රික් මැක්ස්වල් ලෙසින්. සමාජ මාධ්‍යයේ ඉතාමත් ක්‍රියාකාරී කෙනෙකු වන විනි රාමන් ට අනුගාමිකයින් ලක්ෂ 1.9කට වැඩියෙන් ඉන්නවා.

තමන්ට එල්ල වුනු අපහාසයන්ට ඇය දුන් පිළිතුරෙන් සිදුවුනේ ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය තවත් වැඩිවීම.

“ඔබ සතුටු වෙන්නේ ඉන්දියාවේ පරාජය ගැනද එහෙම නැත්නම් ඔබේ සැමියාගේ ජයග්‍රහණය ගැනද?” යනුවෙන් එක් පුද්ගලයෙක් ප්‍රශ්න කර තිබුනා.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයෙන් පසුව එම ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ගෙන් පරිභවයන්ට ලක්වුනේ විනි රාමන් පමණක් නෙවෙයි. ලෝක කුසලාන අවසාන තරගයේ වීරයා වූ ට්‍රැවිස් හෙඩ් (Travis Head)ගේ බිරිඳ ජෙසිකා (Jessica) ද සමාජ මාධ්‍යවල අපහාසයන්ට ලක්වුනා. ඒ, තම ස්වාමිපුරුෂයාගේ ලකුණු 137ක අතිදක්ෂ පිතිහරඹය මත තරගය ජය ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණයෙන් සතුටු වෙමින් සිටියදී ජෙසිකා ද ඇගේ සැමියා අසල සිටින අයුරු දිස්වීමෙන් පසුව.

Travis Head Jessica world cup
ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් ට කිසිම නෑකමක් නැති ‘ඊ.එස්.පී.එන්.’ මාධ්‍යවේදියෙකු ද ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ කෝපයේ ඉලක්කයක් බවට පත්වූ අතර ඔහු තමාට ලැබුනු සිත රිදවන ඊ-මේල් සටහන් අනාවරණය කළා.

“උඹ යන ගුවන්යානය කඩා වැටේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. එයින් උඹේ මුළු කණ්ඩායම ම උන්ගේ පවුලේ සාමාජිකයනුත් එක්කම මැරිලා ගියාවේ” යනුවෙන් එක් පණිවුඩයක සඳහන් වී තිබුනා.

“මම කවදා හරි උඹව කොහේදි හරි හම්බවුනොත් උඹ එතනින් එළියට ඇවිද ගෙන යන්නේ නැහැ” යනු තවත් පණිවුඩයක්.

330575.3                           Jimmy Neesham


නවසිලන්ත ක්‍රීඩක ජිමී නීෂම් (Jimmy Neesham) පවා ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ නින්දිත අපහාසවලට ඉලක්කයක් බවට පත්වුනේ ඔහු ඔස්ට්‍රේලියානුවෙක් බවට ඔවුන් සිතාගෙන සිටි නිසාවෙන්. ඔහු ඊට පිළිතුරු දී තිබුනේ හාස්‍යමය අයුරින්:

“ඔස්ට්‍රේලියාවයි නවසිලන්තයයි කියන්නේ එකිනෙකට වෙනස්  රටවල් දෙකක් කියලවත් දන්නේ නැති මිනිස්සු!”

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...