The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වය වොරියර්ස් දිනවයි

T

The Leader Desk

November 29, 2023 • 2:56 PM

මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වය වොරියර්ස් දිනවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස්
  • අබුඩාබි ටී ටෙන් හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර ඊයේ (28) ආරම්භ විය.
  • ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.
  • පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

නායකත්වය දරන නොදර්න් වොරියර්ස් කණ්ඩායම ජය ගෙන තිබේ.

අබුඩාබි ටී ටෙන් හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර ඊයේ (28) ආරම්භ විය.

එහි නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි කණ්ඩායම තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණි.

ඒ අනුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 9කිනි.

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගත්තේ ය.

zdfvsdf
තරගයේ 9වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තෙවන පන්දුවලදී මැතිව්ස් මෙම දක්ෂතාවය දක්වනු ලැබීය.

නොදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 103
(කෙනාර් ලුවිස් 18, හස්රතුල්ලා සසායි 20, කොලින් මුන්රෝ නොදැවී 36, කයිස් අහමඞ් 12/2)

මොරිස්විල් සැම්ප් ආමි පිල - ඕවර 10 කදී කඩුලු 4 කට 94
(ඇන්ඩි්‍රස් ගූස් 15, මුයින් අලී 37, නජිබුල්ලා සද්‍රාන් 13, ඇන්ජලෝ මැතිව්ස් 19/3, අභිමන්‍යු මිතුන් 12/2, ජේම්ස් නීෂම් 19/2)

(News 1st) 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...