The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇමරිකානු උසාවිය රොනාල්ඩෝට එරෙහි පැමිණිලිකාරියගේ ඇපෑල ඉවත දමයි

T

The Leader Desk

December 1, 2023 • 12:33 PM

ඇමරිකානු උසාවිය රොනාල්ඩෝට එරෙහි පැමිණිලිකාරියගේ ඇපෑල ඉවත දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ යනු අද ලෝකයේ සිටින වඩාත්ම පිළිගැනීමකට ලක්වූ සහ වැඩියෙන්ම ධනවත් ක්‍රීඩකයන් කිහිප දෙනා අතර සිටින
  • ලාස් වේගාස් හි පදිංචි ඇය 2009 වසරේ ජූනි මාසයේ රාත්‍රී සමාජ ශාලාවකදී රොනාල්ඩෝ මුණගැසෙන විට ඇගේ වයස අවුරුදු 25ක් වූ අතර ඇය රොනාල්ඩෝ මුණගැසීමෙන් පසුව ඔහු සමග ඔහුගේ හෝටල කාමරයට ගොස් තිබෙනවා.
  • එහෙත් ඒ ගිවිසුම කඩකරමින් ඇය රොනාල්ඩෝ ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළත් එය නිෂ්ප්‍රභ කෙරුණා.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු ක්‍රීඩකයෙක්. 

සිය මව්රට වන පෘතුගාල‌යේ ජාතික පාපන්දු කණ්ඩායමට නායකත්වය දෙන ඔහු ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්, ඉතාලියේ ජුවෙන්ටස් හා එංගලන්තයේ මැන්චෙස්ට යුනයිටඩ් යන වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම්වලට ක්‍රීඩා කර වර්තමානයේ සෞදි අරාබියේ අල් නසර් නමැති පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

 103694029 ronaldo moyorga matrix
කෑත්රින් මයෝගා (Kathryn Mayorga) යනු හිටපු ගුරුවරියක් හා නිරූපිකාවක්. ලාස් වේගාස් හි පදිංචි ඇය 2009 වසරේ ජූනි මාසයේ රාත්‍රී සමාජ ශාලාවකදී රොනාල්ඩෝ මුණගැසෙන විට ඇගේ වයස අවුරුදු 25ක් වූ අතර ඇය රොනාල්ඩෝ මුණගැසීමෙන් පසුව ඔහු සමග ඔහුගේ හෝටල කාමරයට ගොස් තිබෙනවා. ඒ වන විට 24 වැනි වියේ පසුවූ රොනාල්ඩෝ කාමරයේදී තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් ඇය නඩුවක් පවරන විට සිද්ධියෙන් වසර දහයකට ආසන්න කාලයක් ගතවි තිබුණා. 

ලිංගික අතවර කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළ රොනාල්ඩෝ 2010 වසරේදී කැත්රින් සමග රහස්‍ය එකඟත්වයකට එළඹෙමින් ඇයට ඩොලර් 375,000 (පවුම් 299,385)ක මුදලක් ගෙවා සිද්ධිය සමථයකට පත්කර ගත්තා. එහෙත් ඒ ගිවිසුම කඩකරමින් ඇය රොනාල්ඩෝ ට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළත් එය නිෂ්ප්‍රභ කෙරුණා.

skysports cristiano ronaldo 4376820
තමාට ලබා දුන් මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා රොනාල්ඩෝ ට බල කරමින් ඇය ඇපෑලක් ඉදිරිපත් කළ අතර ඒ අභියාචනයට එරෙහිව රොනාල්ඩෝගේ පැත්ත ගත් අමෙරිකාවේ අභියාචන උසාවියක් පසුගිය 21 වැනි අඟහරුවාදා එය ඉවත දැමුවා. 

2022 ජූනි මාසයේදී ජෙනිෆ ඩෝසි විනිසුරුවරිය විසින් නඩුව නිෂ්ප්‍රභ කරමින් දෙන ලද තීන්දුව වෙනස් කර 2018 වසරේදී කෑත්රින් මයෝගා විසින් ගොනු කරන ලද සිවිල් නඩුව නැවත විවෘත කරන ලෙසට ඇගේ නීතිඥවරයා අභියාචන උසාවියෙන් ඉල්ලා තිබුණා.

 methode times prod web bin 97fed36a c39a 11e9 b964 2cc1b53edc70

2010 වසරේදී රොනාල්ඩෝගෙන් මුදල් ලබා ගනිමින් ඇය අත්සන් කළ රහස්‍ය එකඟත්වය අනාවරණය කර එය ප්‍රසිද්ධ කිරීමේ කැත්රින්ගේ උත්සාහය නෙවෑඩා දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ජෙනිෆ ඩෝසි (Jennifer Dorsey) විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුව තිබුණු බවට ඇගේ නීතිඥයින් තර්ක කළා. එහෙත් සැන් ෆ්‍රැන්සිස්කෝ අභියාචන උසාවියේ ත්‍රි-පුද්ගල විනිසුරු මඩුල්ල මෙයට එකඟ වුනේ නැහැ. මීට අමතරව, මේ නඩුව විසිකිරීමට හේතු වූ නීති කිහිපයක් නිසා කෑත්රින් ට මේ නඩුව නැවත ගොනු කළ නොහැකි වන අතර ඊටත් එහා ගිය අසාමාන්‍ය පියවරක් තබමින් විනිසුරු මඩුල්ල විසින් කෑත්රින්ගේ නීතිඥවරයා වන ලෙස්ලී මාක් ස්ටෝවල් (Leslie Mark Stovall) ට ඩොලර් 335,000 (පවුම් 267,450)ක දඩයක්ද  පමුණුවා තිබෙනවා.

‘නඩුව ඉවතට විසිකිරීමේ බැරෑරුම්කම පැහැදිළිව හඳුනා ගෙන තිබුණු දිස්ත්‍රික් උසාවිය ඒ අනුව සත්‍ය සොයාගැනීම්වලින් සෑහෙන්න පෝෂණය වූ සම්පූර්ණ විශ්ලේෂණයක් සපයා දී තිබෙනවා’ යනුවෙන් විනිසුරු ජොනී රෝලින්සන් අඟහරුවාදා නිකුත් කළ පිටු හයකින් යුත් නිගමනයේ සඳහන් කර තිබෙනවා. 

කෑත්රින් මයෝගා තමාගේ නම ප්‍රසිද්ධ කිරීම සඳහා ස්ටෝවල් ඇතුළු තමන්ගේ නීතිඥවරුන් හරහා අවසර දී තිබුණා.

එදා දිස්ත්‍රික් උසාවියේදී නඩුව ඉවතට විසිකළ ජෙනිෆ ඩෝසි, ස්ටෝවල් නීතිඥවරයා සිදුකළ ‘රැවටීමේ අදහස’ වරද මත ඔහුට සම්බාධක පමුණුවමින් ප්‍රකාශ කර තිබුනේ කෑත්රින් මයෝගාගේ නඩුවට අවධානය සොයා යාම පිණිස ඔහු සයිබ ප්‍රහාරයක රහස් හෙළිදරව්වකින් හෝ සොරකම් කිරීමකින් ලබා ගත් ලේඛන මත විශ්වාසය තබමින් ඒවා අයුතු අන්දමින් උපයෝගී කර ගැනීමට උත්සාහ කර ඇති බව.


සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...