The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මොහමඩ් ෂාමිගේ පන්දු යැවීම ගැන මම පුදුම වුනා - මුරලිදරන්

T

The Leader Desk

December 2, 2023 • 2:00 PM

මොහමඩ් ෂාමිගේ පන්දු යැවීම ගැන මම පුදුම වුනා - මුරලිදරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකදී අවසන් වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවේ වේග පන්දු යවන
  • ෂාමි ලෝක කුසලාන තරගාවලිය අවසන් කළේ එහි වැඩිම කඩුලුලාභියා ලෙසින්.
  •   මේ ආරම්භක වේග පන්දු යවන්නා 10.70 සාමාන්‍යකින් හා 12.20 ප්‍රහාරක අනුපාතයකින් යුතුව මේ තරගාවලියේ තරග 7කින් කඩුලු 24ක් ලබා ගත්තේ බොහෝ පන්දු යවන්නන් ඔවුන්ගේ සමස්ත ලෝක කුසලාන ක්‍රිකට් ජීවිත තුළ අත්කර නොගත් ප්‍රතිඵල වාර්තා කරමින්.
  • මේ තරගාවලියේ ඔහුගේ හොඳම දක්ෂතාව වුනේ ලකුණු 57කට කඩුලු 7.
අකුරු ප්‍රමාණය (Font Size):
ක්‍රීඩක මොහමඩ් ෂාමි ප්‍රදර්ශනය කළ පන්දු යැවීමේ දස්කම් පිළිබඳව වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලු ලෝක වාර්තාව උසුලන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් විස්මය පළකර තිබෙනවා.

ෂාමි ලෝක කුසලාන තරගාවලිය අවසන් කළේ එහි වැඩිම කඩුලුලාභියා ලෙසින්. තරගාවලියේ පළමු භාගයේදී තරග බිමට අවතීර්ණ නොවූ ඔහු පළමු වතාවට පන්දු යැවුවේ නවසිලන්තය ට එරෙහි ඉන්දියා කණ්ඩායමේ පස්වැනි ලීග් තරගයේ.
 
safi 3

මේ ආරම්භක වේග පන්දු යවන්නා 10.70 සාමාන්‍යකින් හා 12.20 ප්‍රහාරක අනුපාතයකින් යුතුව මේ තරගාවලියේ තරග 7කින් කඩුලු 24ක් ලබා ගත්තේ බොහෝ පන්දු යවන්නන් ඔවුන්ගේ සමස්ත ලෝක කුසලාන ක්‍රිකට් ජීවිත තුළ අත්කර නොගත් ප්‍රතිඵල වාර්තා කරමින්. මේ තරගාවලියේ ඔහුගේ හොඳම දක්ෂතාව වුනේ ලකුණු 57කට කඩුලු 7.

“මොහමඩ් ෂාමි පන්දු යැවූ ආකාරය ගැන මම පුදුම වුනා” යනුවෙන් මුරලිදරන් පවසා තිබෙනවා.

ඉන්දියාවේ පැවති මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ෂාමි තරගයක කඩුලු පහක් ලබා ගැනීමේ අවස්ථා තුනක් සහ කඩුලු හතරක් ලබා ගැනීමේ එක් අවස්ථාවක් වාර්තා කළේ ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියානුවෙකුගේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්.
 
safi 1
මෙතෙක් සහභාගි වූ ලෝක කුසලාන ක්‍රීඩාවේ තරග 18කින් මොහමඩ් ෂාමි කඩුලු 55ක් ලබා ගෙන සිටින්නේ 13.52ක සාමාන්‍යක් හා 15.81ක ප්‍රහාරක අනුපාතයකින්. ඔහු සිය ලෝක කුසලාන ක්‍රිකට් දිවියේ තරග පහකදී කඩුලු පහක් බැගින් ලබා ගෙන තිබෙන අතර එය මෙතෙක් ඔ්නෑම පන්දු යවන්නෙකුගෙන් වාර්තා වුනු වැඩිම කඩුලු පහේ  දක්ෂතාවයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පුරා ම ෂාමි ඉන්දියාව වෙනුවෙන් නොවෙනස්ව කඩුලු ලබා ගන්නෙකු බවට පත්වූ අතර තරගයක වැදගත් අවස්ථාවලදී තීරණාත්මක කඩුලු ලබා ගැනීම සඳහා ඔහුට තිබුණු හැකියාව ඉන්දියාව ට ඉතා වැදගත් වූ බව සනාථ වුනා.
 
safi 2

“ෂාමි කොහොමත් ශ්‍රේෂ්ඨ පන්දු යවන්නෙක්. නමුත් මේ ලෝක කුසලාන තරගාවලියේදී මම ඇත්ත ට ම ෂාමිගෙන් දුටුවේ වෙනස් ම පන්දු යවන්නෙක්” යනුවෙන් මුරලිදරන් ප්‍රකාශ කළා.

අනාගතයේදී තවත් මුරලිදරන් කෙනෙකු සිටීවිදැයි නැගුනු ප්‍රශ්නයට ශ්‍රී ලාංකික පුරාවෘත්ත දඟ පන්දු යවන්නා පිළිතුරු දුන්නේ, “තවත් මුත්තයියා මුරලිදරන් කෙනෙක්...ඒක කියන්න අමාරුයි” යනුවෙන්.

“නමුත් විවිධ ක්‍රීඩකයන් ඒවි කියා මම හිතනවා. මටත් වැඩිය දක්ෂ අය වුනත් එන්න පුළුවන්. ඒ වගේ දේවල් සැමදා සිදුවෙනවා....!”

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මොහමඩ් ෂාමිගේ පන්දු යැවීම ගැන මම පුදුම වුනා - මුරලිදරන් | The Leader