The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග - අර්ජුන යයි, මයියා එයි!

T

The Leader Desk

December 4, 2023 • 5:26 PM

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග - අර්ජුන යයි, මයියා එයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට
  • තේරීම් කමිටුව පත්කිරීම සඳහා නිර්දේශ නම් 10 ක් ක්‍රිකට් ආයතනය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
  • ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇත.
  • එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

තේරීම් කමිටුව පත්කිරීම සඳහා නිර්දේශ නම් 10 ක් ක්‍රිකට් ආයතනය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යි.


ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්...

මේ අතර ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇත.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර ඇත.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග යි.

jhbkhsdflk3

හරින්ගෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව එම කවුන්සිලය ප්‍රකාශ කළේ යැයි  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය

ශම්මි සිල්වාට එරෙහිව ඇති සෑම චෝදනාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

ක්‍රීඩා සංගම් දේශපාලන ඇඟිලි ගැසීම් ගැන මවු සංගම්වලට පැමිණිලි කිරීම වැරදි බවත්, තමා ක්‍රීඩා ඇමති ධූරයට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරක්ෂා කිරීමට නොවන බවත් ඔහු කිවේය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.

සමහර පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල මැරෙන තුරා සිටින බවත් ඔවුන් කරන්නේ විදේශ සංචාරවල යෙදීම පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ක්‍රීඩා සංගම් ලියන්නෙ දේශපාලනඥයන්ට නොව මවු සංගමයට බවද ඔහු කීවේය.

''ක්‍රමවේදය හරිද වැරදිද කියන එක මම කියන්නේ නැහැ. ඒක වැරදියි. අපි පිටින් බැලුවොත් ඒක වැරදියි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මවු සමිතියට. ඒ ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොතේරුණේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒක තමයි.'' ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග - අර්ජුන යයි, මයියා එයි! | The Leader