The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ පළමු ජගත් ටයිකොන්ඩෝ තරගාවලිය අද සිට

T

The Leader Desk

December 6, 2023 • 11:08 AM

ශ්‍රී ලංකාවේ පළමු ජගත් ටයිකොන්ඩෝ තරගාවලිය අද සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුෂ්ටි සහ පා පහර එල්ල කිරීමේ තාක්ෂණය යොදා ගැනෙණ කොරියානු නිරායුධ සටන් කලාවක් වන ටයිකොන්ඩෝ වසර 2000 සිට ඔලිම්පික් ක්‍රීඩාවක්.
  • ඒ ඔලිම්පික් සමාරම්භක උළෙලේ ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙසින් කෙරුණු ටයිකොන්ඩෝ රංගනයේදී දහස් ගණන් වැඩිහිටියන් හා දරුවන් චලනය වුනේ එකා මෙන්.
  • ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවති 1992 ඔලිම්පික් උළෙලේදී ද එය නැවත දක්නට ලැබුනේ ප්‍රදර්ශන ක්‍රීඩාවක් ලෙසින්.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජගත් ටයිකොන්ඩෝ ශූරතාවලියක් රටවල් පහළොවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අද (6) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ටයිකොන්ඩෝ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක දිස්වුනේ දකුණු කොරියාවේ සෝල් අගනුවරදී 1988 වසරේ. ඒ ඔලිම්පික් සමාරම්භක උළෙලේ ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙසින් කෙරුණු ටයිකොන්ඩෝ රංගනයේදී දහස් ගණන් වැඩිහිටියන් හා දරුවන් චලනය වුනේ එකා මෙන්. ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවති 1992 ඔලිම්පික් උළෙලේදී ද එය නැවත දක්නට ලැබුනේ ප්‍රදර්ශන ක්‍රීඩාවක් ලෙසින්. ටයිකොන්ඩෝ පූර්ණ පදක්කම් ක්‍රීඩාවක් බවට පත්වූයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මිලේනියම් වසරේදී පැවති ඔලිම්පික් උළෙලේ. 



එදා සිට අද දක්වා ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසින් පවත්වා ගෙන එන ටයිකොන්ඩෝ නිරායුධ සටන් කලාව කොරියාවේ ජාතික සටන් කලාව ලෙස දකුණු කොරියානු රජය 2018 වසරේදී නිළ වශයෙන් නම් කළා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජගත් ටයිකොන්ඩෝ ශූරතාවලියක් රටවල් පහළොවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අද (6) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා.

ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ ඉසව් අද ආරම්භ වුනත් මේ තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ හෙට. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ධූරය දරණ කොරියානු ජාතික ආචාර්ය චුන්ග්වොන් චෝ ද මේ අවස්ථාවට සහභාගි වීමටයි නියමිත.

the martial art of taekwondo orig
අද ඇරඹෙන ශූරතාවලියට පළමු දකුණු ආසියානු විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය, ආසියානු ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය හා අන්තර්ජාතික ටයිකොන්ඩෝ කොළඹ ශූරතාවලිය යන කලාපීය තරගාවලි තුනක් ඇතුළත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා අන්තර්ජාතික ටයිකොන්ඩෝ මානුෂවාදී පදනම ඒකාබද්ධව සංවිධානය කරන මේ ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියට සමගාමීව ලෝක ටයිකොන්ඩෝ මහා සභාව හා ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ විශේෂ සභාවේ රැස්වීම් ද පැවැත්වෙනවා.

3eac0433 f4e1098c sag ranuka 850x460 acf cropped

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ පදක්කම් වාර්තා වන්නේ 2019 වසරේ පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ. නේපාලයේ පැවති එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 27ක් දිනා ගත්තේ රන් 4, රිදී 7ක් හා ලෝකඩ 16ක් වශයෙන්. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගි වී ඔවුන්ගෙන් 27 දෙනෙකු පදක්කම් දිනා ගත් පළමු ජාත්‍යන්තර තරගාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ හෙට (7) පස්වරු 4.00 ට පැවැත්වෙන්නේ හරීන් ප්‍රනාන්දු නව ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ලී මියෝන් ද සහභාගි වන මේ අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා ද සහභාගි වීමට නියමිතයි.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ පළමු ජගත් ටයිකොන්ඩෝ තරගාවලිය අද සිට | The Leader