The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝකයේ වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ නහයෙන් ලේ ගලයි

T

The Leader Desk

December 6, 2023 • 6:06 PM

ලෝකයේ වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාවගේ නහයෙන් ලේ ගලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්විට්සලන්තය ට ප්‍රථම වතාවට ‘නේෂන්ස් ලීග්’ කාන්තා පාපන්දු ජයග්‍රහණයක් ලබා දීම සඳහා
  • ස්විට්සලන්තයේ ලූසර්න් (Luzern) නගරයේ හිම වැටී තිබූ තත්ත්වයන් යටතේ පැවති පාපන්දු තරගයේදී ලෝක කුසලාන අවසන් පූර්ව කණ්ඩායමක් වන ස්වීඩනය විස්මයට පත් කරමින් වාර්තා කළ ගෝල් 1-0ක ස්විස් ජයග්‍රහණයට ලේමන්ගේ දස්කම් තීරණාත්මක ලෙසින් උපයෝගී වුනා.
  • එංගලන්තයේ බර්මිංහැම් හි ඈස්ටන් විලා (Aston Villa) වෘත්තීය පාපන්දු සමාජයේ ක්‍රීඩිකාවක වන ස්විට්සලන්තයේ 24 හැවිරිදි එලීෂා ලේමන් ට ‘ලොව වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාව’ ලෙස නම පටබැඳී තිබෙනවා.
  • ප්‍රතිවාදී ක්‍රීඩිකාවක සමග ගැටීම හේතුවෙන් ලේමන් නාසයෙන් ලේ ගලමින් තරග බිමෙන් ඉවත් වුනේ මිනිත්තු 70ක ක්‍රීඩාවකින් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්වීඩනය ට එරෙහිව කෙරුණු සටන අවසන් වෙද්දී ලෝකයේ වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාව ලෙස හැඳින්වෙන එලීෂා ලේමන් (Alisha Lehmann) සිටියේ නාසයෙන් ලේ ගලමින්.

zfefewr


ස්විට්සලන්තයේ ලූසර්න් (Luzern) නගරයේ හිම වැටී තිබූ තත්ත්වයන් යටතේ පැවති පාපන්දු තරගයේදී ලෝක කුසලාන අවසන් පූර්ව කණ්ඩායමක් වන ස්වීඩනය විස්මයට පත් කරමින් වාර්තා කළ ගෝල් 1-0ක ස්විස් ජයග්‍රහණයට ලේමන්ගේ දස්කම් තීරණාත්මක ලෙසින් උපයෝගී වුනා.

එංගලන්තයේ බර්මිංහැම් හි ඈස්ටන් විලා (Aston Villa) වෘත්තීය පාපන්දු සමාජයේ ක්‍රීඩිකාවක වන ස්විට්සලන්තයේ 24 හැවිරිදි එලීෂා ලේමන් ට ‘ලොව වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩිකාව’ ලෙස නම පටබැඳී තිබෙනවා.

Alisha Lehmann 1
ප්‍රතිවාදී ක්‍රීඩිකාවක සමග ගැටීම හේතුවෙන් ලේමන් නාසයෙන් ලේ ගලමින් තරග බිමෙන් ඉවත් වුනේ මිනිත්තු 70ක ක්‍රීඩාවකින් පසුව.

මිලියන 16ක අනුගාමිකයන් සිටින ලොව වැඩියෙන්ම අනුගමනය කරනු ලබන පාපන්දු ක්‍රීඩිකාව වන එලීෂා ලේමන් ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනකින් කියා සිටියේ, “ලොකු සටනක් තිබුනේ...ලැබුණු ලකුණු තුන (තරගාවලියේ ලකුණු) ගැන හරිම සතුටුයි. කණ්ඩායම ගැන හරිම ආඩම්බරයි” යනුවෙන්.

ස්වීඩනය සමග තරගයේදී තමා පන්දුව සමග දුව යන ආකාරයත්, ඈන-මරීයා සෙනෙගෝස්වික් (Ana-Maria Crnogorcevic)ගේ ගෝලයෙන් සතුටු වන අයුරුත්, තමාගේ තුවාලයට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස යන අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් ද ලේමන් ඇතුළත් කර තිබුණා.

zdfswe

‘ඉතාම නිර්භීතයි, ඉතාම ශක්තිමත්, ඉතාමත් සරාගී’ යනුවෙන් ඊට සැණින් ප්‍රතාචාර දක්වා සිටියේ ‘ඈස්ටන් විලා’හි ලේමන්ගේ හිටපු කණ්ඩායම් සගයෙක් වන රූෂ ලිට්ල්ජෝනෙම් (Ruesha Littlejohnm).

ඉතාලිය, ස්පාඤ්ඤය හා ස්වීඩනය යන කණ්ඩායම්වලින් සමන්විත ‘නේෂන්ස් ලීග්’ කොටසේ අපහසුතාවකට පත්ව සිටි ස්විට්සලන්තය ට ඔවුන්ගේ පළමු ලකුණු ප්‍රමාණය තහවුරු කර ගැනීමට මේ ජයග්‍රහණය ඉවහල් වුනා.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ස්වීඩනය ට මේ පරාජය නිසා ලබන වසරේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ. ස්වීඩනය ට ඔලිම්පික් උළෙලක් අහිමි වන්නේ එදා මෙදා තුර ප්‍රථම වතාවට.

එලීෂා ලේමන් රූමත් ක්‍රීඩිකාව පසුගිය මාසයේදී සමාජ මාධ්‍ය පරිභවයන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටියා. ඒ, ස්පාඤ්ඤය වෙතින් ස්විට්සලන්තය ගෝල් 7-1ක පරාජයක් ලැබූ ස්විට්සලන්තයේ පැවති ‘නේෂන්ස් ලීග්’ තරගය ‘මේක්-අප්’වලින් සැරසී ක්‍රීඩා කළ නිසාවෙන්.

 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...