The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇවිදින්න බැරි වෙනකම් අයි.පී.එල්. ක්‍රීඩා කරන්න ග්ලෙන් මැක්ස්වල් සූදානම්

T

The Leader Desk

December 7, 2023 • 12:03 PM

ඇවිදින්න බැරි වෙනකම් අයි.පී.එල්. ක්‍රීඩා කරන්න ග්ලෙන් මැක්ස්වල් සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව වඩාත්ම ධනවත් විස්සයි20 තරගාවලිය වන ඉන්දියා ප්‍රිමිය ලීගය (අයි.පී.එල්.) තමාට කොතරම් යහපත් ප්‍රතිඵල ගෙන දී තිබෙනවාද
  • තරග වාරය වෙනුවෙන් ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ කණ්ඩායම තවදුරටත් සේවයේ රඳවා ගෙන සිටින විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් 35 හැවිරිදි ග්ලෙන් මැක්ස්වල් ද කෙනෙක්.
  • බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් මැක්ස්වල් ප්‍රදර්ශනය කර තිබෙන විනාශකාරී පිතිකරණය නිසා ඔහු ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රියතම පිතිකරුවෙක් බවට පත්ව සිටිනවා.
  • ඔහු 2017 වසරේදී ඔහුගේ එක ම ටෙස්ට් ශතකය වාර්තා කළේත් ඉන්දියාවේදී.
අකුරු ප්‍රමාණය (Font Size):

කියතොත් “තවදුරටත් ඇවිදින්න බැරිවෙනකම්” තමා එම T20 තරගාවලියේ ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වල් පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ අතිප්‍රබල ආක්‍රමණශීලී පිතිහරඹයක යෙදීමට මැක්ස්වල් ට මං විවර කළේ අයි.පී.එල්. තරගාවලිය බව නොරහසක්. ඊට කදිම ආරම්භක වේදිකාවක් ඔහුට තනා දුන්නේ ද එම තරගාවලිය යි.

මීළඟ අයි.පී.එල්. තරග වාරය වෙනුවෙන් ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ කණ්ඩායම තවදුරටත් සේවයේ රඳවා ගෙන සිටින විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනාගෙන් 35 හැවිරිදි ග්ලෙන් මැක්ස්වල් ද කෙනෙක්.



මැක්ස්වල් ඔහුගේ අයි.පී.එල්. ගමන ආරම්භ කළේ 2012 වසරේ. ඒ, ‘දිල්ලි ඩෙයාඩෙවිල්ස්’ කණ්ඩායම නියෝජනය කරමින්. ඊළඟ වසරේදී ඔහු මේ තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මුදල් වටිනාකම අත්කර ගත්තේ ‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායම ඔහුගේ සේවය වෙනුවෙන් ඩොලර් මිලියනයක් ගෙවූ නිසාවෙන්.

පන්ජාබ් හි තෙවසරක ක්‍රීඩාවකින් පසුව ඔහු තවත් එක් තරග වාරයක් සඳහා නැවත දිල්ලියට පැමිණියේ ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ කණ්ඩායමට මාරු වීමට පෙර. බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් මැක්ස්වල් ප්‍රදර්ශනය කර තිබෙන විනාශකාරී පිතිකරණය නිසා ඔහු ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රියතම පිතිකරුවෙක් බවට පත්ව සිටිනවා.

ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ග්ලෙන් මැක්ස්වල් ට හොඳින් ගැළපෙනවා. ඔහු 2017 වසරේදී ඔහුගේ එක ම ටෙස්ට් ශතකය වාර්තා කළේත් ඉන්දියාවේදී. පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාව ට එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට ඔහු මහඟු උපකාරයක් වූයේත් ඉන්දියාවේදී.

image 6f54fd3334
“බොහෝ විට අයි.පී.එල්. මම මගේ ජීවිතයේ ක්‍රීඩා කරන අන්තිම තරගාවලිය වේවි. මොකද, මට ආයෙ කවදාවත් ඇවිදින්න බැරි වෙනකම් මම අයි.පී.එල්. ක්‍රීඩා කරන නිසා” යනුවෙන් මැක්ස්වල් පවසනවා. 

“මගේ ක්‍රීඩා දිවිය පුරා අයි.පී.එල්. තරගාවලිය මට ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙනැවිත් තියෙනවා. මට හමුවුනු මිනිස්සු, මගේ පුහුණුකරුවන්, උරෙන් උර ස්පර්ශ වෙමින් සිටීමට අවස්ථාව ලැබෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින්....”

maxi34

“ඒ.බී. ඩි විලියර්ස් හා විරාට් කෝලි සමග එකට සිටිමින් මාස දෙකක් ගත කරන්න ලැබෙනවා. අනෙක් තරග නරඹන ගමන් ඔවුන් සමග පිළිසඳරේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා” යනුවෙන් මැක්ස්වල් සඳහන් කරන්නේ තමා සමග ක්‍රීඩකයින් ඇඳුම් මාරු කරන කාමරය බෙදා ගන්නා සුපිරි ක්‍රීඩකයින් පිළිබඳව විස්තර කරමින්.

“එය ඕනෑම ක්‍රීඩකයෙක් සිහින මවන විශිෂ්ටතම ඉගෙනීමේ අත්දැකීමක්.” 

ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී මැක්ස්වල්ගෙන් අගනා දායකත්වයක් ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන අතර ඊට පෙර එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ කරන ක්‍රීඩාවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වටිනා පළපුරුද්දක් තමා ලබා ගත් බව ඔප්පු වනු ඇතැයි මැක්ස්වල් බලාපොරොත්තු වෙනවා. 

43a61207056aae07e94ac1b135c06d6d04175186

අපේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට අයි.පී.එල්. තරග පිටියට පිවිසෙන්න හැකිවේවි කියා මම ප්‍රාර්ථනා කරනවා. ටිකක් වැඩිපුර වේලී තිබෙන නිසා පන්දුව දඟ කැවෙන, කොදෙව් තණතීරුවලට මඳක් සමාන තත්ත්වයන් මෙහිදී අධ්‍යයනය කරන්න ඔවුන්ට එවිට අවස්ථාව උදාවේවි” ග්ලෙන් මැක්ස්වල් වැඩිදුරටත් කියා සිටිනවා.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...