The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩිකාවක් බලෙන් සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට එංගලන්තයෙනුත් චෝදනා

T

The Leader Desk

December 8, 2023 • 10:56 AM

ක්‍රීඩිකාවක් බලෙන් සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට එංගලන්තයෙනුත් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකා ජෙනිෆ හමර්සෝ (Jennifer Hermoso)ගේ කැමැත්තකින් තොරව ඇය වැළඳ ගෙන තොල්පෙති සිප ගත් ස්පාඤ්ඤ
  • අවසාන තරගයෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී රීබියල්ස් සිටි ස්ථානයෙන් වෙනත් තැනකට නොයන ලෙසට නිලධාරීන් ඔහුට කියා සිටි විට රීබියල්ස්ගේ ස්වරය අප්‍රසන්න හා කලහකාරී ස්වරූපයක් ගත් බව එම අවස්ථාවේ රීබියල්ස් ළඟින්ම සිටගෙන සිටි හිවුවට් පවසා තිබෙනවා.
  • FIFA ට අනුව හිවුවට් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “රීබියල්ස් එංගලන්ත ක්‍රීඩිකා ලෝරා කූම්ස් (Laura Coombs)ගේ මුහුණ දෑතින් අල්ලා එය පිරිමදිනු දුටුවා.
  • එය මඳක් විකාර ක්‍රියාවක් බවයි මට හිතුනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුවීස් රීබියල්ස් (Luis Rubiales) ට දැන් තවත් චෝදනාවක් එල්ල වී තිබෙන්නේ එංගලන්තයෙන්.

ඔස්ට්‍රේලියාවේ පැවති ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගයේදී, ඒ වන විට ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපතිව සිටි රීබියල්ස් නුසුදුසු අයුරින් එංගලන්ත ක්‍රීඩිකාවන් ස්පර්ශ කළ බවට එංගලන්ත පාපන්දු සංගමයේ සභාපතිනි ඩෙබී හිවුවට් (Debbie Hewitt) චෝදනා කර තිබෙනවා.

මේ චෝදනා පෙරේදා ප්‍රසිද්ධියට පත්වූයේ අපකීර්තියට පත් හිටපු රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන සභාපතිවරයාට තෙවසරක් යනතුරු පාපන්දු ක්‍රීඩාවට අදාළ කිසිම කටයුත්තක නියැලීම තහනම් කරමින් පසුගිය ඔක්තෝබරයේදී දෙනු ලැබූ තීන්දුවට හේතු වූ කාරණා ජගත් පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව.

78682103 0 image m 1 1701939022822
අවසාන තරගයෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී රීබියල්ස් සිටි ස්ථානයෙන් වෙනත් තැනකට නොයන ලෙසට නිලධාරීන් ඔහුට කියා සිටි විට රීබියල්ස්ගේ ස්වරය අප්‍රසන්න හා කලහකාරී ස්වරූපයක් ගත් බව එම අවස්ථාවේ රීබියල්ස් ළඟින්ම සිටගෙන සිටි හිවුවට් පවසා තිබෙනවා.

FIFA ට අනුව හිවුවට් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “රීබියල්ස් එංගලන්ත ක්‍රීඩිකා ලෝරා කූම්ස් (Laura Coombs)ගේ මුහුණ දෑතින් අල්ලා එය පිරිමදිනු දුටුවා. එය මඳක් විකාර ක්‍රියාවක් බවයි මට හිතුනේ. ඉන්පසු ඔහු එංගලන්ත ක්‍රීඩිකා ලුසි බ්‍රොන්ස් (Lucy Bronze)ගේ මුහුණ බලෙන් සිපගත්තා.”

ස්පාඤ්ඤ ක්‍රීඩිකාවකගේ තට්ටම ට තට්ටු කිරීම ඇතුළුව රීබියල්ස් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට සුබපැතූ ආකාරය පිළිබඳව තමා ඉතාමත් අපහසුතාවට හා ලජ්ජාවට පත්වූ බව ද හිවුවට් කියා සිටියා.



රීබියල්ස් ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆ හමර්සෝගේ මුව සම්පූර්ණයෙන්ම බලෙන් සිපගත් ආකාරය ද තමාගේ අවධානයට යොමු වූ බව හිවුවට් කියා සිටියේ ඒ හාදුව හමර්සෝගේ කැමැත්තක් නැතිව සිදුවූවක් යන්න පැහැදිලිව තමන්ට පෙනුනු නිසා තමා ඉන් මඳක් තිගැස්සුනු බව ද සඳහන් කරමින්.

බලහත්කාරයෙන් කෙරුනු ඒ සිපගැනීම තැනට ඔබින ක්‍රියාවක් නොවූ බව හිවුවට් වැඩි දුරටත් සඳහන් කළා.

අනවශ්‍ය හාද්දෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවට තර්ජන

ජෙනිෆ හමර්සෝ

ඒ සිපගැනීම අන්‍යෝන්‍ය එකක් බව 46 හැවිරිදි රීබියල්ස් කියා සිටියත් එය ප්‍රතික්ෂේප කරමින් හමර්සෝ පවසා තිබුනේ ඒ හාද්දට තමාගේ කැමැත්තක් නොතිබුනු බව හා එයින් තමාගේ ගෞරවයට අපහාසයක් සිදුවූ බව.

හිවුවට් විසින් තමාව යම් ආකාරයක අප්‍රසන්න පුද්ගලයෙකු ලෙස විස්තර කිරීම පිළිකුල් සහගත බව පැවසූ රීබියල්ස් ඇය අශෝභන බොරු කියන බවට චෝදනා කර සිටියා. ඇය ප්‍රකාශ සිදු කරන්නේ නූගත්කම ප්‍රදර්ශනය කරමින් බව කී රීබියල්ස් ඇයගේ සමස්ත ප්‍රකාශය එංගලන්ත පාපන්දු සංගමයේ සභාපති ලෙසින් වන ඇගේ තත්ත්වයට කරන අනර්ථයක් බව ද පවසා සිටියා.

 131943360 gettyimages 1245020528

ඩෙබී හිවුවට්

රීබියල්ස්ගේ ඒ තක්සේරුව ප්‍රතික්ෂේප කරමින් FIFA කියා සිටියේ හිවුවට්ගේ නිරීක්ෂණ ගැන සැකයක් ඇතිකර ගැනීමට හේතුවක් නැති බව.

රීබියල්ස් කිසිම අවස්ථාවක තමාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පැහැදිළිව සමාව නොගත් බවටත් ඒ වෙනුවට ඔහු හුදෙක් ප්‍රකාශ කර සිටියේ එම ක්‍රියාවන් “සිදු නොවිය යුතුව තිබුනා” යනුවෙන් පමණක් බවටත් මෙහිදී ජගත් පාපන්දු සම්මේලනයේ අවධානය යොමුව තිබුනා.

ස්පාඤ්ඤයේ ලෝක කුසලාන ජයග්‍රහණය ක්‍රීඩිකාවන් සමග සමරන අවස්ථාවේදී රීබියල්ස් ඔහුගේ කලිසමේ දෙබල මිරිකමින් සිටිනු ප්‍රදර්ශනය වී ඇති බව ද FIFA තීන්දුවේ සඳහන්.


රීබියල්ස්ගේ හැසිරීම “සමාව දිය නොහැකි සහ පිළිගත නොහැකි” එකක් බව FIFA විනය කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

Luis Rubiales giving his speech as to why he won t be resigning on 25 August

සිද්ධියේ බරපතලකම හා වැදගත්කම දෙස බලන විටත් මේ ක්‍රියාව නිසා FIFA ප්‍රතිරූපයට, කාන්තා පාපන්දුවට හා පොදුවේ කාන්තාවන්ගේ ක්‍රීඩාවට ඇතිවන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කරන විටත් රීබියල්ස් ට මීට වඩා දැඩි දඬුවම් පැමිණවීමට පෙළඹවීමක් ඇතිවන බව කමිටුව සඳහන් කර තිබෙනවා.

‘ලිංගික අතවර හා බලහත්කාරකම’ යන චෝදනා මත ස්පාඤ්ඤ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන නඩුවක් නිසා ලුවීස් රීබියල්ස් වර්තමානයේ අපරාධ පරීක්ෂණයකට බඳුන්ව සිටිනවා. රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයෙන් ඉවත්ව යාම සති ගණනාවක් යන තුරුම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු පසුගිය සැප්තැම්බරයේ එම තනතුර හැර ගියා.

සටහන :

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි ලිපි:

බලෙන් දුන් හාදුව නිසා ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට වසර තුනක තහනමක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රීඩිකාවක් බලෙන් සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට එංගලන්තයෙනුත් චෝදනා | The Leader