The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !

T

The Leader Desk

December 9, 2023 • 5:05 PM

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශයේදී ලබන වසරේ පැවැත්වෙන ‘පැරිස් ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලට මධ්‍යස්ථ තරගකරුවන්
  • ඔලිම්පික් බළධාරීන්ගේ මේ තීරණය ප්‍රකාශ වන්නේ රුසියාව හා බෙලරුසියාවේ ක්‍රීඩකයින්ට ඔලිම්පික් සහභාගිත්වය තහනම් නොකළොත් යුක්රේනය ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට කියා සිටීමේ පසුබිමක.
  • එංගලන්තය ද ඇතුළුව ලොව වටා රජයන් IOC තීරණයට ප්‍රබල විරුද්ධත්වයක් දක්වා තිබෙනවා.
  • ‘මානව හිමිකම්වලට ගරු කිරීම’ මත මේ පියවර ගත් බව IOC ඔවුන්ගේ තීරණය සාධාරණීකරණය කරමින් පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි බව ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ඊයේ නිවේදනය කළා.


dserewr
ඔලිම්පික් බළධාරීන්ගේ මේ තීරණය ප්‍රකාශ වන්නේ රුසියාව හා බෙලරුසියාවේ ක්‍රීඩකයින්ට ඔලිම්පික් සහභාගිත්වය තහනම් නොකළොත් යුක්රේනය ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවට කියා සිටීමේ පසුබිමක. එංගලන්තය ද ඇතුළුව ලොව වටා රජයන් IOC තීරණයට ප්‍රබල විරුද්ධත්වයක් දක්වා තිබෙනවා.


කෙසේ වෙතත් යුද වැදී සිටින මේ රටවල් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේදී ඔවුන්ගේ රටේ ජාතික කොඩි සහ ලාංජන ප්‍රදර්ශනය කිරීම හෝ ජාතික ගීය ගායනා කිරීම තහනම්.

රුසියාව හා බෙලරුසියාව යන රටවල් දෙකේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරගාවලියන් බොහොමයකට සහභාගි වීමේ තහනම මුලින්ම පැනවූයේ රුසියාව 2022 වසරේ පෙබරාවාරි මාසයේදී බෙලරුසියාවේ ද සහාය ඇතිව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ.


zdgfwt
‘මානව හිමිකම්වලට ගරු කිරීම’ මත මේ පියවර ගත් බව IOC ඔවුන්ගේ තීරණය සාධාරණීකරණය කරමින් පවසා තිබෙනවා.


කෙසේ වෙතත්, මේ රටවල් දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේ තරග කිරීමට අවස්ථාව තිබෙන්නේ තනි තනිව (පෞද්ගලික) පමණයි. කණ්ඩායම් වශයෙන් තරග කළ නොහැකියි.

zdfwertw34
මීට අමතරව, යුක්රේනයේ සිදුවන යුද්ධයට ක්‍රියාකාරීව සහාය දක්වන රුසියානු හෝ බෙලරුසියානු ක්‍රීඩකයින් හා ඔවුන්ගේ ආධාරක කණ්ඩායමට, රුසියානු හා බෙලරුසියානු හමුදාවන් හෝ ආරක්ෂක ඒජන්සිවලට සම්බන්ධ කිසිම කෙනෙකුට ඔලිම්පික් උළෙල සපුරා තහනම්.


යුක්රේනයේ යුද්ධයට ක්‍රියාකාරී ලෙසින් සහාය වන ඕනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයෙකුට ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවසර නොදෙන බව ජගත් ඔලිම්පික් කමිටුව අවධාරණය කර තිබෙනවා.

රුසියානු හෝ බෙලරුසියානු කිසිම නිලධාරියෙකුට ඔලිම්පික් උළෙලට එන්න අවසරයක් නැහැ.


‘සිය රටවල ජාතික ඔලිම්පික් කමිටුවලට තහනමක් පනවා තිබියදී තරගාවලියන්ට තනි තනිව සහභාගි වීමේ මලල ක්‍රීඩකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම මානව හිමිකම්වලට ගරු කිරීම යටතේ කලක සිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියක්. පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලදීත් තහනමට ලක්වූ ජාතික ඔලිම්පික් කමිටු ගණනාවක් හරහා මෙය සිදුකර තිබෙනවා’ යනුවෙන් IOC නිවේදනයේ සඳහන්.


“ඔලිම්පික් තරගවලට තේරුණු පෞද්ගලික අපක්ෂපාත මලල ක්‍රීඩකයන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබනවා” යනුවෙන් IOC නිවේදනය කළා.

“පෞද්ගලික මධ්‍යස්ථ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනු රුසියානු හෝ බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රයක් හිම අය” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.  

edrtergdf
2024 පැරිස් ඔලිම්පික් උළෙලට මේ දක්වා සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,600 දෙනාගෙන් රුසියානු හා බෙලරුසියානු විදෙස් ගමන් බලපත්‍රයක් තිබෙන්නේ පිළිවෙලින් අට දෙනෙකු හා තිදෙනෙකුට පමණක් බව ජගත් ඔලිම්පික් කමිටුව ඊයේ කියා සිටියා.


ලබන වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි බහුවිධ සැලැස්මක් ජගත් ඔලිම්පික් කමිටුව පසුගිය මාර්තුවේදී සකස් කළා.

එය විවේචනයන්ට ලක්වූ තීරණයක් වූ අතර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන් පිළිබඳ ‘ගෝලීය මලල ක්‍රීඩා’ හා ‘යුක්රේනියානු මලල ක්‍රීඩා’ යන ක්‍රියාකාරීන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ සැලසුමෙන් සිදුවන එක ම දෙය රුසියාවේ ප්‍රචාරක යාන්ත්‍රනය ශක්තිමත් වන බව.

rtye56
මේ අතර, ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් අවසන් වූ වහාම පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට ද මධ්‍යස්ථ ධජයක් යටතේ සහභාගි වීමට රුසියානු හා බෙලරුසියානු පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර ලබා දීමට ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව පසුගිය සැප්තැම්බරයේදී තීරණය කළා.

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වාත්, පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 28 සිට සැප්තැම්බර් 8 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියානු හා බෙලරුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් යන්න වරම් ! | The Leader