The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පොල් පොග්බා සිවුවසරක තරග තහනමක් ලැබීමේ අවදානමක

T

The Leader Desk

December 11, 2023 • 10:45 AM

පොල් පොග්බා සිවුවසරක තරග තහනමක් ලැබීමේ අවදානමක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක පොල් පොග්බා (Paul Pogba) සිවු වසරක තරග තහනමකට ලක්වීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.
  • තහනම් මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් අසමත් වීම නිසා පොග්බා ට අවුරුදු හතරක තරග තහනමක් පනවන ලෙසට ඉතාලි නීතිඥවරුන් පසුගියදා බලකර සිටියා.
  • පොල් පොග්බා දැන් තමන්ට ලැබෙන දඬුවම කුමක්ද යන්න දැනගැනීම සඳහා බලා සිටින අතර වාර්තා වන පරිදි පැමිණිල්ලේ නීතිඥයින් ඉල්ලා තිබෙන්නේ ලෝක මත්ද්‍රව්‍ය විරෝධී නීති යටතේ අනිවාර්ය තහනම වන වසර හතරක තහනම පොග්බා ට පමුණුවන ලෙස.
  • ලබන වසර මුලදී පොග්බාගේ අවසන් නඩු විභාගය පැවැත්වෙන අතර එහිදී ඔහු දෙපසේ නීතිඥවරුන්ගේ එකඟත්වය ඇතිව අඩු දඩුවමක් අපේක්ෂාවෙන් අඩු චෝදනාවකට වරද පිළිගැනීමකට එකඟ වීමට ඉඩ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමට හා එංගලන්තයේ ‘මැන්චෙස්ට යුනයිටඩ්’ ප්‍රිමිය ලීග් කණ්ඩායමට ක්‍රීඩා කරන පොග්බා 2018 වසරේදී රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයෙක්. 

මේ ක්‍රීඩකයා මෙසේ තරග තහනමකට ලක්වීමේ අවදානමට පත්ව සිටින්නේ ඔහු තහනම් ශරීර උත්තේජනයක් භාවිතා කළ බවට පසුගිය අගෝස්තු මාසයේදී  ඔප්පු වීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත නඩු විභාගයේදී පොග්බාගේ තහනම දෙවසරකට පමණක් අඩුකර ගැනීමට ඔහුගේ නීතිඥයින් දැන් වෙහෙසෙමින් සිටිනවා.

pogba 3
තහනම් මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් අසමත් වීම නිසා පොග්බා ට අවුරුදු හතරක තරග තහනමක් පනවන ලෙසට ඉතාලි නීතිඥවරුන් පසුගියදා බලකර සිටියා.

මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් වසර හයක් ක්‍රීඩා කිරීමෙන් පසුව පොල් පොග්බා පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී ඉතාලියේ Serie A පාපන්දු දැවැන්තයින් වන ජුවෙන්ටස් (Juventus) කණ්ඩායමට එක්වුනා. අගෝස්තු 20 වැනිදා Udinese කණ්ඩායම සමග පැවති තම කණ්ඩායම ජයග්‍රහණය කළ තරගයේදී පොග්බා DHEA නමැති තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට තහවුරු වීමෙන් පසුව ඔහුට තාවකාලික තරග තහනමක් පැනවුනා. 

පොග්බාගේ ‘බී’ සාම්පලයෙන්ද  ඔහු මේ තහනම් ශරීර උත්තේජනය පාවිච්චි කළ බවට ස්ථිර වී තිබෙනවා.

16672462463385
පොල් පොග්බා දැන් තමන්ට ලැබෙන දඬුවම කුමක්ද යන්න දැනගැනීම සඳහා බලා සිටින අතර වාර්තා වන පරිදි පැමිණිල්ලේ නීතිඥයින් ඉල්ලා තිබෙන්නේ ලෝක මත්ද්‍රව්‍ය විරෝධී නීති යටතේ අනිවාර්ය තහනම වන වසර හතරක තහනම පොග්බා ට පමුණුවන ලෙස.

මේ ප්‍රංශ ක්‍රීඩකයාගේ නීතිඥ කණ්ඩායම දැන් වෙහෙසෙන්නේ එම සිවු වසරක තහනමට එරෙහිව සටන් කර එම දඬුවම් කාලය භාගයකින් අඩු කර ගැනීමට.

ලබන වසර මුලදී පොග්බාගේ අවසන් නඩු විභාගය පැවැත්වෙන අතර එහිදී ඔහු දෙපසේ නීතිඥවරුන්ගේ එකඟත්වය ඇතිව අඩු දඩුවමක් අපේක්ෂාවෙන් අඩු චෝදනාවකට වරද පිළිගැනීමකට එකඟ වීමට ඉඩ තිබෙනවා.

ජනවාරි මස අග භාගයේදී විභාග වීමට නියමිත නඩුවේදී පොග්බා තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කළේ චේතනාවකින් තොරව බවට උසාවියට ඒත්තු ගැන්වීමට ඔහුගේ නීතිඥ කණ්ඩායම උත්සාහ කරනු ඇතැයි පැවසෙනවා. 

ae6d20918e5bdf68f66423268faa4286 XL
සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සහභාගිත්වයක් නැතැයි දැනටමත් ප්‍රකාශ කර ඇති ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය එම නීති විරෝධී ශරීර උත්තේජනය ක්‍රීඩා සමාජයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් නොවිමසා ලබා ගන්නට ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.

මේ පරීක්ෂණය හේතුවෙන් ජුවෙන්ටස් හි පොල් පොග්බාගේ අනාගතය සම්බන්ධයෙන් එම ක්‍රීඩා සමාජ කළමනාකාරිත්වයේ අවධානය යොමුව තිබෙන්නේ සිවු වසරක දඩුවම අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 34ක් වනු ඇති නිසා.

පොග්බා ට දීර්ඝ කාලීන තරග තහනමක් ලැබුනොත් ජුවෙන්ටස් පාපන්දු ක්‍රීඩා සමාජය ඔහු සමග තිබෙන සම්බන්ධතාව අහෝසි කිරීම සඳහා කැමති වනු ඇත්තේ එමගින් ඔවුන්ට පවුම් මිලියන 25ක් (යුරෝ මිලියන 30)ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවන නිසා.

මැද පෙල ක්‍රීඩක පොල් පොග්බා පසුගිය සැප්තැම්බරයේ සිට ඔහුගේ කණ්ඩායම් සගයින් සමග පුහුණුවීම්වල යෙදී නැති අතර ඔහුගේ පඩියෙන් සැලකිය යුතු තරමේ කොටසක් කපා දමා තිබෙනවා.

FILE - Juventus' Paul Pogba controls the ball during an Italian Cup soccer match between Internazionale and Juventus, at the Giuseppe Meazza San Siro Stadium, in Milan, Italy, April 26, 2023. Anti-doping prosecutors in Italy requested a four-year ban for Juventus midfielder Paul Pogba on Thursday, Dec. 7, 2023 after the World Cup winner tested positive for testosterone. (Spada/LaPresse via AP, File)
පොග්බාගේ පවුම් 130000ක සතියක වැටුප තවදුරටත් නොගෙවන ජුවෙන්ටස් දැන් ඔහුගේ වැටුප මාසයකට පවුම් 1,700 (යුරෝ 2,000) දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.

2022 වසරේදී ඉතාලිය ට පැමිණීමෙන් පසුව ජුවෙන්ටස් කණ්ඩායම වෙනුවෙන් පොග්බා සහභාග වී ඇත්තේ තරග 12කට පමණක් වන අතර එම කණ්ඩායම වෙනුවෙන් තරගයක මිනිත්තු 90ක සම්පූර්ණ කාලය එක් වරක් හෝ සම්පූර්ණ කිරීමට ඔහු අසමත්ව තිබෙනවා.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...