මහරුෆ් ද සමගින් දෙසැම්බර් 09වැනිදා රාත්‍රියේ හදිසියේම ඩුබායි හි රැඳී සිටින වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හමුව තිබේ.
ඩුබායි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීම සඳහා එහි ගොස් තිබූ ක්‍රීඩා ඇමැතිවරයා, ඒ සඳහා සහභාගී වීමෙන් අනතුරව ශ්‍රී ලංකාව බලා ඒමට ප්‍රථම ලැබුණු පැය කිහිපයක කෙටි කාලය අතරතුර, යොවුන් ආසියානු කුසලානට සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලයේදී ඔවුන්ව මුණගැසෙන විට දිනයේ මධ්‍යම රාත්‍රිය ආසන්න වී තිබූ බව සැලවේ.
කණ්ඩායමේ නිල ගමන් ඇඳුමෙන් සැරසී පැමිණෙන ලෙසට කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් ලැබුණු හදිසි දැනුම්දීමකින්, ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයද ඇමැතිවරයා හමුවට පමුණුවා ඇති අතර එහිදී ඇමතිවරයා විසින් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කරන අතරවාරයේ සනත් ජයසූරියව කණ්ඩායමට හඳුන්වාදී ඇත්තේ මෙම කණ්ඩායමේ ඉදිරි කටයුතු භාරවන පුද්ගලයා ලෙසිනි.
ඇමැතිවරයාගේ මෙම හඳුන්වාදීමත් සමගින්, තමන් කණ්ඩායමේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන සමගද නැතහොත් සනත් ජයසූරිය සමගද යන උභතෝකෝටිකයකට මුහුණදීමට යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවන් සහ නිලධාරීන් සිදුව ඇතැයි පැවසේ.
මේ අතර ඉකුත් ක්‍රීඩා ඇමැතිවරයා සහ ඔහුගේ උපදේශකයන්ගේ හැසිරීම මෙන්ම වත්මන් ක්‍රිකට් හැසිරීම් සම්බන්ධයෙන්ද මහේල් ජයවර්ධන දැඩි කලකිරීමකට ලක්ව සිටින්නේ යැයි සැලවන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග තීරණාත්මක සාකච්ඡාවක යෙදෙනු ඇතැයිද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තමන් මේ වන විට දරන වගකීම් තවදුරටත් දරන්නේද යන්න ගැන ඒ අවසානයේ තීරණය කරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
(aruna.lk- ඉන්ද්‍රජිත් සුබසිංහ)
මහේල තීරණයක් ගැනීමට යයි !
T
The Leader Desk
December 12, 2023 • 3:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඔහුගේ සමීපතමයන් ලෙසින් නව ක්‍රිකට් බල කඳවුරේ ප්‍රබල චරිත බවට පත්වෙමින් සිටින සනත් ජයසූරිය සහ ෆර්වේස්
- ඇමැතිවරයාගේ මෙම හඳුන්වාදීමත් සමගින්, තමන් කණ්ඩායමේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන සමගද නැතහොත් සනත් ජයසූරිය සමගද යන උභතෝකෝටිකයකට මුහුණදීමට යොවුන් කණ්ඩායමේ පුහුණුකරුවන් සහ නිලධාරීන් සිදුව ඇතැයි පැවසේ.
- මහරුෆ් ද සමගින් දෙසැම්බර් 09වැනිදා රාත්‍රියේ හදිසියේම ඩුබායි හි රැඳී සිටින වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හමුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



