The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හරින්, රොෂාන්ගේ ගැසට්ටුව 'රිවර්ස්' කළේ ඇයි ?

T

The Leader Desk

December 13, 2023 • 6:17 AM

හරින්, රොෂාන්ගේ ගැසට්ටුව 'රිවර්ස්' කළේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
  • හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 06 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පාලනය කිරීමට අතුරු කමිටුවක් පත් කරන ලදී.
  • එම අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත් නොවැම්බර් මස 11 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධිනව පවත්වාගෙන යෑමට ඉඩ නොලැබෙන බව පවසමිනි.
  • ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අද අත්සන් තැබූ බව සිය X ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.


harin x t234 copy
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා තමන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ද ලිඛිතව දැනුම් දී ඇති බවත් ඉදිරි ක්‍රියාමාර්ග සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගෙන ඇති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහි පණිවිඩයේ වැඩි දුරටත් සදහන් කොට තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඉකුත් නොවැම්බර් මස 06 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු පාලනය කිරීමට අතුරු කමිටුවක් පත් කරන ලදී.

එම අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉකුත් නොවැම්බර් මස 11 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට පියවර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධිනව පවත්වාගෙන යෑමට ඉඩ නොලැබෙන බව පවසමිනි.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අධිකරණයට මීට පෙර දුන් ප්‍රතිඥාව

harin rw983424 copy
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා, එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නාබවට, නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පසුගිය නොවැම්බර් 28 වනදා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය.

පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නේ ය.

ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේ දී, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත්, සේවාදායකයා වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන බව දන්වා සිටියේ ය.

එමෙන්ම මීළඟ නඩු දිනය තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේ තවදුරටත් පසුවන බව කියා සිටියේ ය.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම්දීමට නියමිත ය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...