The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක ස්ක්‍රැබල් ශූරයින් හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

T

The Leader Desk

December 14, 2023 • 10:16 AM

ලෝක ස්ක්‍රැබල් ශූරයින් හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේ ප්‍රථම ස්ථාන තුන ම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් තිදෙනෙකු සමත් වුනා.
  • දිල්මිත් මේ තරගාවලියේ හොඳම ආධුනික ක්‍රීඩකයා ලෙස ද තේරුණු අතර දිසානායක අවුරුදු 16න් පහළ ලෝක ශූරයා බවට පත්වුනා.
  • ශ්‍රී ලංකාව තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව නැවත ජයග්‍රහණය කිරීමට ද සමත් වූ අතර මේ අනුව මෙවර ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම හිමිකර ගත් කුසලාන සංඛ්‍යාව 6ක්.
  • ලකුණු 708ක් රැස්කර ගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනේ ඉමාඩ් ඉර්ෂාඩ්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව ශ්‍රී ලංකාව මේ ශූරතාවලි ඉතිහාසයේ ඉහළ ම ස්ථාන ත්‍රිත්වය ම හිමිකර ගත් පළමු රට බවට පත්වුනා.

මේ වසරේ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයා වුනේ ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත්. කොළඹ ගේට්වේ විද්‍යාලයේ අධීෂ දිසානායක දෙවැනි ස්ථානයත්, කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු මලවරආරච්චි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

හිවින් දිල්මිත් සහ අධීෂ දිසානායක තවත් ශූරතාවක් බැගින් දිනා ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්. දිල්මිත් මේ තරගාවලියේ හොඳම ආධුනික ක්‍රීඩකයා ලෙස ද තේරුණු අතර දිසානායක අවුරුදු 16න් පහළ ලෝක ශූරයා බවට පත්වුනා.

scrabble 2
ශ්‍රී ලංකාව තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව නැවත ජයග්‍රහණය කිරීමට ද සමත් වූ අතර මේ අනුව මෙවර ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම හිමිකර ගත් කුසලාන සංඛ්‍යාව 6ක්.

ලකුණු 708ක් රැස්කර ගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනේ ඉමාඩ් ඉර්ෂාඩ්. ඉනාම් ඉර්ෂාඩ් වයස අවුරුදු 12න් පහළ තෙවැනි ස්ථානයට පත්වුනා.

මෙවර ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලිය පැවැත්වුනේ තායිලන්තයේ ට්‍රන්ග් නුවර. එංගලන්තය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය, කටාර්, රුමේනියාව, සිංගප්පූරුව, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන  රටවල් 17න් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142ක් මීට සහභාගි වුනා.

scrabble 4

ලෝක ඉංග්‍රීසි ස්ක්‍රැබල් ක්‍රීඩක සංගමයේ WESPA Youth Cup ලෙසින් ද හැඳින්වෙන ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාවලිය වාර්ෂිකව පැවැත්වෙන්නේ වයස අවුරුදු 18 ට අඩු ක්‍රීඩකයින් වෙනුවෙන්. මේ තරගාවලියේ හොඳම කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ජයග්‍රහණය කළේ 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී. 

ඉන්පසු 2016 වසරේ ප්‍රංශයේ ලිලී නුවරදීත්, 2017 වසරේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදීත් ශ්‍රී ලංකාව කණ්ඩායම් ශූරතාව හිමිකර ගත්තා. මේ අනුව ශ්‍රී ලංකාව 2023 වසර ද ඇතුළත්ව සිවුවතාවක් ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරයින් වීමට සමත්ව සිටිනවා.

scrabble 1
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ස්ක්‍රැබල් කණ්ඩායම ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සංගමයේ සභාපති ධම්මික විතාරණ ද සමග ඊයේ (13) ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු හමුවුනා.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක ස්ක්‍රැබල් ශූරයින් හා ක්‍රීඩා ඇමති අතර හමුවක් | The Leader