The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මොහමඩ් සලා ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල්ලාභීන් දස දෙනා අතරට

T

The Leader Desk

December 16, 2023 • 11:19 AM

 මොහමඩ් සලා ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල්ලාභීන් දස දෙනා අතරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ ප්‍රිමිය ලීග් පාපන්දු තරගාවලියේ දස්කම් දක්වන ඊජිප්තු ක්‍රීඩක මොහමඩ් සලා (Mohamed Salah) ලිවපූල් කණ්ඩායම වෙනුවෙන් ගෝල්
  • ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමග පැවති තරගයේදී සිය 200 වැනි ගෝලය ලබා ගැනීමත් සමග ඉදිරි පෙළ ක්‍රීඩක සලා ප්‍රිමිය ලීගයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටිනවා.
  • ලිවපූල් (Liverpool) පාපන්දු ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ගෝල් 200ක් ලබා ගත් පස්වැනි ක්‍රීඩකයා බවට පත්වන්නේත් මොහමඩ් සලා.
  • අන්තිමේදී අපිට ඒක එයාට දෙන්න හැකිවුනා” Klopp පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

200ක් ලබා ගැනීම අගය කරමින් ඔහුට ‘200’ නොම්මරය සඳහන් විශේෂ චාරිත්‍රානුකූල ක්‍රීඩා ජර්සිය පිරිනමා තිබෙනවා.

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමග පැවති තරගයේදී සිය 200 වැනි ගෝලය ලබා ගැනීමත් සමග ඉදිරි පෙළ ක්‍රීඩක සලා ප්‍රිමිය ලීගයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටිනවා.

Mohamed Salah2ලිවපූල් (Liverpool) පාපන්දු ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ගෝල් 200ක් ලබා ගත් පස්වැනි ක්‍රීඩකයා බවට පත්වන්නේත් මොහමඩ් සලා.

ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට එරෙහි තියුණු ජයග්‍රහණයෙන් පසුව තමාගේ අංක 11 ක්‍රීඩකයා ආමන්ත්‍රණය කිරීම සඳහා මහත් උනන්දුවෙන් සිටි ලිවපූල් කණ්ඩායමේ කළමනාකරු යෝගන් ක්ලොප් (Jurgen Klopp) විහිළුවෙන් කියා සිටියේ සලා ගෝල් 200 ට පිවිසෙන අවස්ථාවට සූදානම් වෙමින් සිටි තම කණ්ඩායමට මේ චාරිත්‍රානුකූල ජර්සිය ඔවුන්ගේ තරග සංචාරවලට අමතර බරක්ව තිබූ බව.

“අපි දැනට සුමාන දෙකක් තිස්සේ ඔය ජර්සිය අපිත් එක්ක අරගෙන ගියා. අන්තිමේදී අපිට ඒක එයාට දෙන්න හැකිවුනා” Klopp පැවසුවා. “සියයට 100ක්ම අවංක වෙනවා නම්, සලා ඒ ගෝලය ලබා ගත්තේ හොඳම මොහොතක.”
Sala 2023.12
“සුපිරි විශේෂ, සුපිරි-සුපිරි විශේෂ ක්‍රීඩකයෙකුට මෙය විස්මයජනක අංකයක්. නියම වෙලාවෙදී ගෝලයක් අරගෙන ඔහු අපිව බේරගත්ත අවස්ථා කොච්චර තියෙනවාද කියා මට මතක නැහැ.”

මේ ජනප්‍රිය ඊජිප්තු පාපන්දු ක්‍රීඩකයාගේ වික්‍රමය වාර්තා වන්නේ ඔහු පවුම් මිලියන 34ක මුදලකට ලිවපූල් ක්‍රීඩා සමාජයට එක්වී හය වසරක් ගතවීමෙන් පසුව.


Sala 2023.12.012
ප්‍රිමිය ලීග් වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම සිටින දස දෙනා අතරට පිවිස ඇති මොහමඩ් සලා ගෝල් ද්විත්ව ශතකයක් ලබා ගෙන තිබෙන්නේ තරග 327කට ක්‍රීඩා කරමින්.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මොහමඩ් සලා ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල්ලාභීන් දස දෙනා අතරට | The Leader