The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ - මෙසී ප්‍රතිවාදිත්වය යළි ඇරඹෙන ඩුබායි පාපන්දු සම්මාන උළෙල

T

The Leader Desk

December 17, 2023 • 9:57 AM

රොනාල්ඩෝ - මෙසී ප්‍රතිවාදිත්වය යළි ඇරඹෙන ඩුබායි පාපන්දු සම්මාන උළෙල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලයනල් මෙසී හා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ නැවත වතාවක් උරෙන් උර ගැටෙනු ඇත්තේ ලබන ජනවාරියේ පැවැත්වෙන ඩුබායි ගෝලීය පාපන්දු සම්මාන උළෙලේ (Dubai Globe Soccer Awards).
  • අංශ 20ක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරෙන ‌මේ උත්සවය The Palm තරු පහේ හෝටලයේදී ජනවාරි 19 වැනිදා පැවැත්වීමටයි නියමිත.
  • එදා සිට අද දක්වා එය සම්මාන තුනේ සිට විස්ස දක්වා වර්ධනය වී තිබෙනවා.
  • ජනප්‍රිය ක්‍රීඩකයා සම්මානය සඳහා මෙසී, බෙලිංඇම්, නෙයිමා හා මොහමඩ් සලාගේ නම් ද ඇතුළත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මිලියන 27කට වැඩි ක්‍රීඩා ලෝලීන් මේ සම්මාන ප්‍රදානෝත්සවයේ අවසාන කෙටි ලැයිස්තුව සඳහා ඡන්දය දී තිබෙන්නේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර දස වසරකට වැඩි කාලයක් තිස්සේ පවතින ප්‍රතිවාදිත්වය අවුළුවමින්.

Globe Soccer Premio Home 2022

අංශ 20ක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරෙන ‌මේ උත්සවය The Palm තරු පහේ හෝටලයේදී ජනවාරි 19 වැනිදා පැවැත්වීමටයි නියමිත.

skysports erling haaland jude bellingham 5899164

Jude Bellingham - Erling Haaland

මේ වසර මුලදී බැලන් ඩි ඕර් (Ballon d’Or) සම්මාන උළෙලේ හොඳම ඉදිරි පෙළ ක්‍රීඩකයාට හිමි තිළිණය දිනා ගැනීමෙන් පසුව නෝවේජියානු සුපිරි ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් (Erling Haaland) ද අවසාන කෙටි ලැයිස්තුවට ඇතුළත් වීමට සමත්ව සිටින අතර වාර්තාගත අයුරින් සම්මාන හතරකට එංගලන්ත ක්‍රීඩක ජූඩ් බෙලිංඇම් (Jude Bellingham) නම් කර තිබෙනවා.

සම්මාන පිරිනැමෙන අනෙකුත් අංශ වනුයේ නැගී එන ක්‍රීඩකයා, හොඳම මැද පෙරදිග ක්‍රීඩකයා, හොඳම පුහුණුකරු සහ වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාව හා ක්‍රීඩා සමාජය.

ඩුබායි ගෝලීය පාපන්දු සම්මාන ප්‍රදානෝත්සවය ස්ථාපිත කෙරුනේ 2010 වසරේ. එදා සිට අද දක්වා එය සම්මාන තුනේ සිට විස්ස දක්වා වර්ධනය වී තිබෙනවා.

EqR2Bu3XEAEP sk

පාපන්දු ක්‍රීඩා‌වේ හොඳම තරුණ කණ්ඩායම හා හොඳම ක්‍රීඩක මාරු වීමේ ගනුදෙනුව සඳහා ද දැන් මෙහිදී තිළිණ ප්‍රදානය කරනවා.
FbJez vUIAEi0EH.jpg large

Karim Benzema - Alexia Putellas

පසුගිය වසරේ මේ සම්මාන වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් මිලියන 33ක් ජයග්‍රාහකයින්ට ඡන්දය දී තිබුනු අතර ප්‍රංශ ක්‍රීඩක කරිම් බෙන්සමා (Karim Benzema) හා ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පියුටෙලස් (Alexia Putellas) පිළිවෙලින් හොඳම ක්‍රීඩකයා හා හොඳම ක්‍රීඩිකාව සම්මාන දිනා ගත්තා.

සෞදි අරාබියේ අල් නසර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ හොඳම ක්‍රීඩකයා, හොඳම මැද පෙරදිග ක්‍රීඩකයා සහ ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රිය ක්‍රීඩකයා යන ඔහුව නම් කර තිබෙන අංශ තුනේ ම පළමු ඡන්ද වටය පසුගිය සතියේ අවසන් වන විට පෙරමුණ ගෙන සිටියා. ජනප්‍රිය ක්‍රීඩකයා සම්මානය සඳහා මෙසී, බෙලිංඇම්, නෙයිමා හා මොහමඩ් සලාගේ නම් ද ඇතුළත්ව තිබෙනවා.

19947499 globe soccer awards 2023 best 3077x1823

හොඳම මැද පෙරදිග ක්‍රීඩකයාගේ සම්මානය සඳහා රොනාල්ඩෝ මුහුණ දී සිටින්නේ අල් හිලාල් කණ්ඩායමේ බෙන්සමා, රියාඩ් මාරස් (Riyad Mahrez), සලිම් අල්ඩෝසරි (Salem Al-Dawsari) සහ අල් අහ්ලි කණ්ඩායමේ මොහමඩ් එල්-ෂනාවි (Mohamed El Shenawy) සමග.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...