The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සුජීව විජයනායක : චීනුන්ටත් බේස්බෝල් උගන්වන ශ්‍රී ලාංකිකයා

T

The Leader Desk

December 20, 2023 • 3:43 PM

සුජීව විජයනායක : චීනුන්ටත් බේස්බෝල් උගන්වන ශ්‍රී ලාංකිකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන බේස්බෝල් පුහුණු කඳවුරක ප්‍රධාන උපදේශකවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටිනවා.
  • මේ කඳවුරට සහභාගි වී සිටින චීනයේ බේස්බෝල් තාක්ෂණික නිලධාරීන් 38 දෙනෙකුට තාක්ෂණික දැනුම ලබා දෙන්නේ සුජීව.
  • මේ වැඩමුළුව අවසානයේ චීනයේ ප්‍රධාන ‘බේස්බෝල් 5’ තරගාවලිය පැවැත්වෙන්නේ ද සුජීව විජයනායකගේ ප්‍රධාන තාක්ෂණික උපදේශකත්වයෙන්.
  • තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවන්නේ සුජීවගේ වැඩමුළුවට සහභාගි වූ තාක්ෂණික නිළධාරීන්ට පමණක් බව චීනයේ බේස්බෝල් සංගමය පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයේ Zhongshan නුවර මේ දිනවල පැවැත්වෙන විශේෂ බේස්බෝල් පුහුණු කඳවුරේ ප්‍රධාන උපදේශක ලෙස ලෝක බේස්බෝල් සංගමය විසින් පත්කර තිබෙන මේ ශ්‍රී ලාංකිකයා සුජීව විජයනායක.

මේ කඳවුරට සහභාගි වී සිටින චීනයේ බේස්බෝල් තාක්ෂණික නිලධාරීන් 38 දෙනෙකුට තාක්ෂණික දැනුම ලබා දෙන්නේ සුජීව. ඔහුට සහාය වීම පිණිස ජපන් ජාතික උපදේශකවරු දෙදෙනෙක් ද ජපානයේ සිටින සුජීව සමග මේ දිනවල චීනයට ගිහින්.

xgef

මේ වැඩමුළුව අවසානයේ චීනයේ ප්‍රධාන ‘බේස්බෝල් 5’ තරගාවලිය පැවැත්වෙන්නේ ද සුජීව විජයනායකගේ ප්‍රධාන තාක්ෂණික උපදේශකත්වයෙන්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවන්නේ සුජීවගේ වැඩමුළුවට සහභාගි වූ තාක්ෂණික නිළධාරීන්ට පමණක් බව චීනයේ බේස්බෝල් සංගමය පවසා තිබෙනවා.

cxvhdryr

තරගාවලිය අවසානයේ තරග විනිසුරුවන්, පුහුණු සටහන් කරුවන් ඇතුළු සියලුම තාක්ෂණික නිළධාරීන් ශ්‍රේණිගත කරනු ලබන්නේ සුජීව විසින්. ලෝකයේ බලවත් රටක් වන චීනයේ තාක්ෂණික නිළධාරීන් ශ්‍රී ලාංකිකයෙකු අතින් ශ්‍රේණිගත වීම විශේෂත්වයක්.

තුර්කියේදී පසුගියදා පැවති ලෝක බේස්බෝල් ශූරතාවලියේ නියෝජ්‍ය තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේත් සුජීව විජයනායක. ලෝකයේ සියලුම මහාද්වීප නියෝජනය කරමින් රටවල් 12ක ක්‍රීඩකයින් මේ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...