The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුර්කි පාපන්දු තරගාවලිය නැවත ආරම්භයේදීම තවත් හුටපටයක්

T

The Leader Desk

December 21, 2023 • 11:02 AM

තුර්කි පාපන්දු තරගාවලිය නැවත ආරම්භයේදීම තවත් හුටපටයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුර්කියේ පාපන්දු ක්‍රීඩා සමාජ සභාපතිවරයෙකු විසින් පිටියේ තරග විනිසුරුවරයෙකුට කළ සාහසික පහර දීමකින් පසුව අත්හිටුවනු ලැබූ තුර්කියේ
  • “තරගයකින් ඉවත් වන කණ්ඩායමක් ක්‍රීඩාව නොකිරීම නිසා පරාජිතයෙක් බවට තීරණය කෙරෙන අතර ඊට අමතරව, ජයග්‍රහණයක් ලැබුවොත් පිරිනැමෙන ලකුණු ප්‍රමාණය එම කණ්ඩායම ඒ වන විට ලබා ගෙන සිටි ලකුණුවලින් අඩු කරනවා” යනුවෙන් TFF නීතිවල සඳහන්.
  •   ඉස්සාන්බුල්සපෝෂ් කණ්ඩායම වර්තමානයේ සිටින්නේ 19 වැනි ස්ථානයේ පසුවන පැන්ඩිස්පෝර් (Pendikspor) පිලට ලකුණු 5ක් පිටුපසින් ලකුණු සටහනේ අන්තිම ස්ථානයේ.
  • පෙරේදා ඇතිවූ සිද්ධියෙන් පසුව, තුර්කි පාපන්දුවේ දෙවැනි පෙළට වැටීමෙන් වැළකී සිටීමේ ඉස්සාන්බුල්සපෝෂ් අපේක්ෂාවන් පැහැදිලිවම අනතුරට පාත්‍ර වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
වෘත්තීය පාපන්දු තරගාවලිය අඟහරුවාදා (19) යළි ආරම්භ වූයේ තවත් මතභේදයක පටලැවෙමින්.
 
ට්‍රබ්සොන්ස්පෝර් (Trabzonspor) කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දෙවැනි භාගයේ මැදදී ඉස්සාන්බුල්සපෝෂ් (Istanbulspor) කණ්ඩායම විසින් ඉල්ලා සිටි පෙනල්ටියක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව කෝපයට පත්ව සිටි එම කණ්ඩායමේ සභාපති එජ්මෙල් ෆයික් සරාලිඔග්ලෝ (Ecmel Faik Sarialioglu) ඔහුගේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් කර ගත්තේ තරගය අහෝසි වීමකට මග පාදමින්.
 Ecmel Faik Sarıalioğlu
 
දෙපිලේ ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදුවූ ඝට්ටනයකින් පසුව මේ පෙනල්ටිය ඉල්ලා තදින් කෑ ගැසුවත් තරගය දිග ට ම පැවතුනා. 

අනතුරුව ප්‍රතිවාදී කණ්ඩායම ඉක්මණින් ගෝලයක් ලබා ගෙන 68 වැනි මිනිත්තුවේදී ගෝල් 2-1කින් ඉදිරියට පැමිණීමත් සමග පිටියට පැමිණි සරාලිඔග්ලෝ තම කණ්ඩාමට පිටියෙන් ඉවත්ව යන ලෙසට තරගයේ 73 වැනි මිනිත්තුවේදී අණ කළා. ඉස්සාන්බුල්සපෝෂ් කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක සයිමන් ඩෙලි (Simon Deli) දණක් වැටී තරගය ක්‍රීඩා කිරීමට කණ්ඩායමට ඉඩ දෙන ලෙසට සරාලිඔග්ලෝ ට බැගෑපත් වූවද අවසානයේ ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ සභාපතිගේ නියෝගයට අවනත වෙමින් පිටියෙන් ඉවතට ගිය අතර තරග විනිසුරුවන් ද ඒ සමග ම පිටියෙන් බැහැර වුනා.
 


තුර්කියේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන Anadolu ට අනුව ඊළඟට සිදුවන්නේ කුමක්ද කියා තුර්කි පාපන්දු සම්මේලනය (TFF) විසින් තීරණය කළ යුතුව තිබෙනවා.

“තරගයකින් ඉවත් වන කණ්ඩායමක් ක්‍රීඩාව නොකිරීම නිසා පරාජිතයෙක් බවට තීරණය කෙරෙන අතර ඊට අමතරව, ජයග්‍රහණයක් ලැබුවොත් පිරිනැමෙන ලකුණු ප්‍රමාණය එම කණ්ඩායම ඒ වන විට ලබා ගෙන සිටි ලකුණුවලින් අඩු කරනවා” යනුවෙන් TFF නීතිවල සඳහන්.
 
ඉස්සාන්බුල්සපෝෂ් කණ්ඩායම වර්තමානයේ සිටින්නේ 19 වැනි ස්ථානයේ පසුවන පැන්ඩිස්පෝර් (Pendikspor) පිලට ලකුණු 5ක් පිටුපසින් ලකුණු සටහනේ අන්තිම ස්ථානයේ. පෙරේදා ඇතිවූ සිද්ධියෙන් පසුව, තුර්කි පාපන්දුවේ දෙවැනි පෙළට වැටීමෙන් වැළකී සිටීමේ ඉස්සාන්බුල්සපෝෂ් අපේක්ෂාවන් පැහැදිලිවම අනතුරට පාත්‍ර වෙනවා.
Abdullah Avcı 2016
Abdullah Avci
 
“මෙය පාපන්දුවට දුක්මුසු දවසක්....ප්‍රතිඵලය ගැන සිදුවන්නේ කුමක්ද කියා පාපන්දු සම්මේලනයේ තීරණය එනතුරු අපි බලා සිටිනවා” ට්‍රබ්සොන්ස්පෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා ආව්චේ (Abdullah Avci) තරගයෙන් පසුව ප්‍රකාශ කළා.

ලෝකයේ වෙනත් ස්ථානවල කෙරෙන පාපන්දු ක්‍රීඩාව දෙස බලන විට තරග විනිසුරුවන්ට ගෞරව කිරීම අතින් තුර්කිය සිටින්නේ ඉතාමත් නරක තැනක.
 
 
අන්කාරාගුජු ක්‍රීඩා සමාජයේ සභාපති ෆාරුක් කෝජා තරග පිටිය කඩා පැන හලිල් මු මෙල තරග විනිසුරුවරයාගේ මුහුණට පහර දී දරුණු තුවාල සිදු කළේ පසුගිය සතියේ.

ඒ පහරින් තරග විනිසුරු බිම ඇද වැටී සිටියදී අවම වශයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඔහුට පයින් පහර දුන් අතර සිද්ධියෙන් පසුව කෝජා ඇතුළුව පුද්ගලයින් තිදෙනෙක් තුර්කි බළධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

අපරාධ චෝදනාවන් හා බොහෝ විට ලැබිය හැකි සිරදඬුවමකටද මුහුණ දී සිටින පුද්ගලයින් අතර කෝජා ද වනවා.

“මම කවදාවත් මට මේ දේ කළ අයට හෝ මීට උසිගැන්වූ අයට සමාව දෙන්නේ නැහැ” යනුවෙන් සඳහන් මෙල සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් තුර්කි පුවත්පතක් වන Hurriyet ඊයේ පළකර තිබුනා.

තරග විනිසුරුවන්ට කරනු ලබන වැරදි හැසිරීම් සම්බන්ධයෙන් මීට වඩා දැඩි නීති ගෙන එන බවට තුර්කි පාපන්දු සම්මේලනය පොරොන්දු වී තිබෙනවා. 
 
“කෝජා ට දෙන දඩුවම කොතරම් දැඩි වුනත්, අවසානයේ බලන විට ප්‍රශ්නය ආරම්භ වන්නේ ක්‍රීඩා ලෝලීන්ගෙන්. පළමුව අපි අප ට ම උගත්කම ලබා ගැනීම අවශ්‍යයි. ඊට පස්සෙ විතරයි, බළධාරීන් ගෙන එන නීතිවලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කරන්නේ තුර්කි පාපන්දු ක්‍රීඩා ලෝලියෙක් ම යි.
සටහන :
සුජීව විජයනායක : චීනුන්ටත් බේස්බෝල් උගන්වන ශ්‍රී ලාංකිකයා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තුර්කි පාපන්දු තරගාවලිය නැවත ආරම්භයේදීම තවත් හුටපටයක් | The Leader