The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට ආසියානු සම්මේලනයෙන් කෘතිම තණතිලි දෙකක්

T

The Leader Desk

December 22, 2023 • 7:56 AM

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට ආසියානු සම්මේලනයෙන් කෘතිම තණතිලි දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳ තත්ත්වයේ කෘතිම තණතිල්ලක් නොමැති වීම ශ්‍රී ලංකා හොකී ක්‍රීඩා ක්ෂේත්‍රයට දිගු කලක් තිස්සේ තිබෙන ලොකු අඩුපාඩුවක්.
  • නිල් Polytan Astro Hockey Turf එකක මිල අමෙරිකානු ඩොලර් 500,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 163)ක්.
  • නමුත් ශ්‍රී ලංකාව මේ කෘතිම තණතිලි ලෝක සහ ආසියානු හොකී සම්මේලන හරහා ලබා ගන්නේ අමෙරිකානු ඩොලර් 235,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 77)ක විශේෂ වට්ටම් සහිත ඒකක මිලකට බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරන වා.
  • ඉතා කඩිනමින් වැඩ නිම කිරීමට අපේක්ෂා කෙරෙන මේ කෘතිම තණතිලි ස්ථාපනය කිරීමේ වගකීම දරන්නේ ආසියානු හොකී සම්මේලනය.
අකුරු ප්‍රමාණය (Font Size):


දක්ෂතා ඔප්නංවා ගනිමින් ජාත්‍යන්තර ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෙන ඒමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන ලාංකික හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දී සිටින මේ අවශ්‍යතාවට ආසියානු හොකී සම්මේලනය මාර්ගයෙන් විසඳුමක් ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය සමත්ව සිටිනවා. ඒ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඔලිම්පික් මට්ටමේ Blue Polytan Astro හොකී කෘතිම තණතිලි දෙකක් ආසියානු හොකී සම්මේලනය වෙතින් කොළඹ හා මාතලේ හොකී ක්‍රීඩාංගණවලට ලබා ගැනීමට කටයුතු කරමින්.

polytan hockeyrasen blaue farbe m15 mobile

නිල් Polytan Astro Hockey Turf එකක මිල අමෙරිකානු ඩොලර් 500,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 163)ක්. නමුත් ශ්‍රී ලංකාව මේ කෘතිම තණතිලි ලෝක සහ ආසියානු හොකී සම්මේලන හරහා ලබා ගන්නේ අමෙරිකානු ඩොලර් 235,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 77)ක විශේෂ වට්ටම් සහිත ඒකක මිලකට බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඉතා කඩිනමින් වැඩ නිම කිරීමට අපේක්ෂා කෙරෙන මේ කෘතිම තණතිලි ස්ථාපනය කිරීමේ වගකීම දරන්නේ ආසියානු හොකී සම්මේලනය. මේ ව්‍යාපෘතිය හරහා පුහුණු පාඨමාලා, විනිසුරු පාඨමාලා, තරුණ සංවර්ධන වැඩසටහන් හා කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමටයි නියමිත.

2 14
මේ කෘතිම හොකී තණතිලි ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය 15 වැනිදා සිදුවුනේ මැලේසියාවේ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරු ද, ආසියානු හොකී සම්මේලනය වෙනුවෙන් එහි සභාපති Fumio Ogura මහතා ද මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව දියුණු කිරීම පිණිස දක්වන උනන්දුව හා කැපවීම පිළිබඳව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු හා ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහත්වරුන් ජාත්‍යන්තර හොකී සම්මේලනයේ හා ආසියානු හොකී සම්මේලනයේ අගැයීමට ලක්ව සිටින බව ද අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

සටහන :
තුර්කි පාපන්දු තරගාවලිය නැවත ආරම්භයේදීම තවත් හුටපටයක්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...