The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෙන් නදියේ ඔලිම්පික් උත්සවය ගැන නැවත හිතන්න වෙනවා -ප්‍රංශ ජනාධිපති

T

The Leader Desk

December 24, 2023 • 5:35 PM

සෙන් නදියේ ඔලිම්පික් උත්සවය ගැන නැවත හිතන්න වෙනවා -ප්‍රංශ ජනාධිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර කාලය තුළ ප්‍රංශය ට නැවත වතාවක් අන්තවාදීන්ගේ ප්‍රහාරයක්
  • ජූලි 26 වැනිදා පැවැත්වීමට නියමිත ‘පැරිස් ඔලිම්පික් 2024’ සමාරම්භක උත්සවයේ බොහෝ විස්තර ආරක්ෂක හේතුන් මත සඟවා තබා ගෙන සිටිනවා.
  • දස දහස් ගණනින් පොලිසිය හා හමුදා භටයින් යෙදවෙන මේ උළෙලේ ආරක්ෂාව ඉතාමත් ප්‍රබල මට්ටමක පවතිනු ඇතැයි වාර්තා‌ වෙනවා.
  • ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකා පෙළපාළිය ප්‍රංශ අගනුවර හදවත හරහා ප්‍රදර්ශනය වනු ඇත්තේ සෙන් නදියේ බෝට්ටුවල ගමන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්ල වුනොත් සෙන් නදියේ පැවැත්වීමට පැරිසිය විසින් සැලසුම් කරගෙන යන විචිත්‍රවත් දැවැන්ත සමාරම්භක උළෙල වෙනත් ස්ථානයනට ගෙන යාමට සිදුවනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමැන්යුඅල් මැක්රොන් (Emmanuel Macron) ප්‍රකාශ කරනවා.



ජූලි 26 වැනිදා පැවැත්වීමට නියමිත ‘පැරිස් ඔලිම්පික් 2024’ සමාරම්භක උත්සවයේ බොහෝ විස්තර ආරක්ෂක හේතුන් මත සඟවා තබා ගෙන සිටිනවා. දස දහස් ගණනින් පොලිසිය හා හමුදා භටයින් යෙදවෙන මේ උළෙලේ ආරක්ෂාව ඉතාමත් ප්‍රබල මට්ටමක පවතිනු ඇතැයි වාර්තා‌ වෙනවා.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකා පෙළපාළිය ප්‍රංශ අගනුවර හදවත හරහා ප්‍රදර්ශනය වනු ඇත්තේ සෙන් නදියේ බෝට්ටුවල ගමන් කරමින්. සාමාන්‍ය ක්‍රීඩාංගණයක සිදුවන සාම්ප්‍රදායික උත්සවයකින් බැහැරව මේ අයුරින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක සමාරම්භක උත්සවයක් පැවැත්වෙන්නේ ප්‍රථම වරට. ගංගාවේ ඉවුරු දෙක ම සිය දහස් ගණන් නරඹන්නන්ගෙන් පේළි ගැසී තිබෙනු ඇත්තේ දැඩි ආරක්ෂක මුරකාවල් මැද.

parice

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් දිග බෝට්ටුවල නැගී සෙන් ගංගාවේ පෙළපාළියේ යන අයුරු දෙපස ඉවුරු දිගේ පෙළට වී සිටින 600,000ක පිරිසක් විසින් නරඹනු ඇතැයි පැරිස් සංවිධායකයින් අපේක්ෂා කරනවා. මෙයින් බොහෝ දෙනෙක් මේ අවස්ථාව නරඹනු ඇත්තේ නොමිලයේ.


“අපි අද්විතීය සමාරම්භක උළෙලකට ලෑස්ති වෙනවා. එය ප්‍රංශ ජනතාවට ආඩම්බරය ගෙන එන්නක් වේවි කියා මම ප්‍රාර්ථනා කරනවා” යැයි ප්‍රංශයේ මහජන විකාශය වන ‘France 5’ ට ජනාධිපතිවරයා කියා සිටියා. “එය ක්‍රීඩාව හා අපේ වටිනාකම් සෙන් නදිය හා අගනුවර සුන්දරත්වය සමග උත්සවශ්‍රීයෙන් සමරන අලංකාරයේ සහ නියම කලාවේ අමරණීය අවස්ථාවක් වේවි.”


නමුත් මේ සැලසුම් ආරක්ෂක හේතුන් නිසා සංශෝධනය කිරීමට ඉඩ තිබෙන බව ද මැක්රොන් කියා සිටියේ අල්ඛයිඩා සහ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම යන නම්වලින් හඳුන්වා ගත් තුවක්කුකරුවන් විසින් 2015 වසරේ පැරිසියේදී පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනය කිරීම සිහිගන්වමින්. 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙස පැරිස් නුවර බලන්නේ ඒ අන්තවාදී ප්‍රහාරවලින් ලැබූ තුවාළ සුවකර ගැනීමට ලැබුනු අවස්ථාවක් ලෙසින්. සමාරම්භක උළෙල ගැන නැවත සිතීමට සිදුවන තරමේ උදාහරණයක් ලෙසයි ජනාධිපතිවරයා ඒ සිදුවීම හුවා දැක්වූයේ.

cvxv
“මෙහෙම කල්පනා කරන්න. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තව තියෙන්නේ දවස් 15යි...හිටපු ගමන් ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් සිදුවෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ සෙන් ගංගාවේ උත්සවයක් සංවිධානය කරන්නේ නැහැ නේ” මැක්රොන් අසා සිටිනවා.

“අපි වෘත්තිමය දක්ෂතා තිබෙන අය නිසා පැහැදිළිව ම B සැලසුම්, C සැලසුම් යනාදිය තියෙනවා.”

“අපි හැම දේක ට ම සූදානම්ව සිටිය යුතුයි” ඔහු තවදුරටත් සඳහන් කරනවා. “ජාත්‍යන්තර හෝ කලාපීය කලබල රැල්ලක් ඇතිවුනොත්....අපට B ප්ලෑනකට යන්න වෙනවා.”


එහෙත් දැනට, පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කියා සිටින්නේ සෙන් නදිය දිගේ සමාරම්භක උත්සවය ඔවුන්ගේ A සැලසුම බවයි.

ආරම්භක උත්සවය මෙන්ම අගෝස්තු 11 වැනිදා Stade de France හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් සමාප්ති උළෙලේ ද කලාත්මක අන්තර්ගතය අධීක්ෂණය කරන්නේ සම්මානලාභී රැඟුම් අධ්‍යක්ෂ තොමා ජුලි (Thomas Jolly).

cvxcvx
1998 වසරේ ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය පැවැත්වුනේත් Stade de France ක්‍රීඩාංගණයේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසුව පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ සමාරම්භක හා සමාප්ති උත්සව අධ්‍යක්ෂණය බාරව සිටින්නේත් තොමා ජුලි. ඔහු ප්‍රංශයේ ඉහළ ම රංග කලා සම්මානය වන Moliere ත්‍යාගයක් 2015 වසරේ දිනා ගත්තේ රැඟුම් අධ්‍යක්ෂණය වෙනුවෙන්.


ජනාධිපති මැක්රොන්ගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට පෙර, වසර අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවක කතා කරමින් පැරිස් ඔලිම්පික් ප්‍රධාන සංවිධායක ටෝනි එස්ටොන්ගෙ (Tony Estanguet) පවසා සිටියේ සෙන් ගංගාවේ උත්සවය “අපි කටයුතු කරමින් සිටින එක ම ව්‍යාපෘතිය” බව.

Tony Estanguet
“සම්මතය බිඳ දමා ඊළඟ පියවරට යන්නෙ කොහොමද කියලා තොමා ජුලි දන්නවා. මේ උත්සව සඳහා පෙර නොදුටුවිරූ කලාත්මක සංකල්ප සිතෙහි මවා ගන්න ජුලි ට පුළුවන්” එස්ටොන්ගෙ සඳහන් කරනවා.


ප්‍රංශ විප්ලවයේදී 16 වැනි ලුවී රජ සහ අනෙකුත් පුද්ගලයින්ට මරණ දණ්ඩනය දුන් Place de la Concorde නමැති මධ්‍යම පැරිසියේ විශාල චතුරස්‍රය පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක උත්සවය පවත්වන ස්ථානයක් ලෙසින් සලකා බලාගෙන යන බව ද  එස්ටොන්ගෙ පවසනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...