The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇන්තනී ජොෂිවා තෙවැනි ලෝක හෙවිවේට් කිරුළකට සූදානම්

T

The Leader Desk

December 24, 2023 • 6:55 PM

ඇන්තනී ජොෂිවා තෙවැනි ලෝක හෙවිවේට් කිරුළකට සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Day of Reckoning බොක්සිං වළල්ලේදී ජෝසෆ් පාකට පෙරලිකාර ජයක්
  • මේ සමග, බොක්සිං ලෝලීන් ලබන වසර මුල පැවැත්වෙනු ඇතැයි මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි ඇන්තනී ජොෂිවා හා වයිල්ඩ අතර සටන සිහිනයකට පමණක් සීමා වුනා.
  • වයිල්ඩ මෙන් නොව ජොෂිවා ඊයේ රාත්‍රී ප්‍රධාන ඉසව්වේදී තමන්ගෙන් අපේක්ෂා කෙරුණු දස්කම් ඒ අයුරින් ම ප්‍රදර්ශනය කරමින් ඔටෝ වොලන් පරාජය කළේ තමා තෙවැනි වතාවටත් ලෝක හෙවිවේට් ශූරයා වීමට සූදානම් බව ඔප්පු කරමින්.
  • මේ ජයග්‍රහණවලින් ලැබූ පන්නරය සෞදි අරාබිය ට ද ගෙන ගිය WBO, IBF හා WBA ඒකාබද්ධ හෙවිවේට් ශූරයා බවට දෙවතාවක් පත්වූ ඇන්තනී ජොෂිවා වෙතින් ඊයේ පරාජය ලැබූ වොලන් බොක්සිං වළල්ලට පා තැබුවේ එක දිග ට ජයග්‍රහණ හයක් වාර්තා කරමින් ඇති කරගෙන සිටි මහත් විශ්වාසයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

සෞදි අරාබියේ ඊයේ පැවති Day of Reckoning දැවැන්ත බොක්සිං රාත්‍රියේ පෙරලිකාර සිදුවීම වුනේ නවසිලන්තයේ ජෝස‌ෆ් පාක අතින් ඩියොන්ටේ වයිල්ඩ පරාජය වීම.


Wildes defeat by Joseph Park
මේ සමග, බොක්සිං ලෝලීන් ලබන වසර මුල පැවැත්වෙනු ඇතැයි මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි ඇන්තනී ජොෂිවා හා වයිල්ඩ අතර සටන සිහිනයකට පමණක් සීමා වුනා.

වයිල්ඩ මෙන් නොව ජොෂිවා ඊයේ රාත්‍රී ප්‍රධාන ඉසව්වේදී තමන්ගෙන් අපේක්ෂා කෙරුණු දස්කම් ඒ අයුරින් ම ප්‍රදර්ශනය කරමින් ඔටෝ වොලන් පරාජය කළේ තමා තෙවැනි වතාවටත් ලෝක හෙවිවේට් ශූරයා වීමට සූදානම් බව ඔප්පු කරමින්.

Otto Wallen defeated Joseph

ජොෂිවා මේ තරගයට පැමිණියේ හොඳ ගැම්මකින්. අප්‍රේල් මාසයේදී විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් ජර්මයින් ෆ්‍රෑන්ක්ලින් (කණිෂ්ඨ) හා අගෝස්තු මාසයේදී හත්වැනි වටයේ තරගය නතර කිරීමකින් රොබට් හෙලිනීස් පරදවා ලැබූ සාර්ථකත්වය ජොෂිවා ට දැඩි අධිෂ්ඨානයක් ලබා දී තිබුනා.

මේ ජයග්‍රහණවලින් ලැබූ පන්නරය සෞදි අරාබිය ට ද ගෙන ගිය WBO, IBF හා WBA ඒකාබද්ධ හෙවිවේට් ශූරයා බවට දෙවතාවක් පත්වූ ඇන්තනී ජොෂිවා වෙතින් ඊයේ පරාජය ලැබූ වොලන් බොක්සිං වළල්ලට පා තැබුවේ එක දිග ට ජයග්‍රහණ හයක් වාර්තා කරමින් ඇති කරගෙන සිටි මහත් විශ්වාසයෙන්.

ජොෂිවාගේ පහරවල් නිසා කැඩුනු නහයකින් යුතුව වොලන් සටන් කරමින් සිටියදී පස්වැනි හා හයවැනි වට අතරතුර තරගය නතර කෙරුණු අතර ජොෂිවා කලකට පසුව ඉතාමත් තියුණු අයුරින් දිස් වූ බව සජීවී විස්තර ප්‍රචාරයේ සඳහන් වුනා.

තරගය නතර කළේ ඊට පෙර වට පහේම සිය ආධිපත්‍ය පතුරුවා සිටි ජොෂිවා, වොලන් ට පිට පිට දකුණතින් හා වමතින් එල්ල කළ දරුණු පහරවලින් පසුව.“ඔහු නැවත ඇවිත්, ඔහු නැවත ඇවිත්” යනුවෙන් ජොෂිවාගේ තරග ප්‍රවර්ධක එඩී හර්න් (Eddie Hearn) තරගයෙන් පසුව කියා සිටියා.


Anthony Joshua 1
“මේ මනුස්සයා ආයෙත් ඇවිත්. එයා පුහුණුවීම්වලදී එයත් එක්ක සටන් කරන අයව විනාශ කරනවා... ඔහු පහර ගහන්නේ ඉතාම හයියෙන් කියලා මට කළින් අහන්න ලැබුනා. අද මම දුටූ ඇන්තනී ජොෂිවා තමයි ලෝකයේ හොඳම හෙවිවේට් ක්‍රීඩකයා කියලා මම විශ්වාස කරනවා. අද රාත්‍රියේ ඔහු එල්ල කළේ ඉතාමත් පරිපූර්ණ පහරක්.”



“ඔටෝ වොලන් ඉතාමත් දක්ෂ හෙවිවේට් තරගකරුවෙක්.  නමුත් ජොෂිවා ඔහුව පැරදුවා. වොලන්ව බිඳ දැමුවා...එයාගෙ නහය කැඩුවා. මෙය නම් ඇත්තටම විස්මිත ක්‍රීඩාවක්. ජොෂිවා නැවතත් ඔහුගේ උපරිම දස්කම්වලට පිවිස සිටින බව එයින් කියවෙනවා.”

“මේ මානසිකත්වත් මේ කණ්ඩායමත් එක්ක ජොෂිවා යනු පරද්දන්න බැරි තරගකරුවෙක් කියා මම හිතනවා” යැයි හර්න් සඳහන් කළා.

“ශූරතාවලිය හා ඩියොන්ටේ වයිල්ඩ අතර දෝලනය වෙමින් තිබුනේ එළඹීමට අසීරු තීරණයක්. අපි අත්සන් කළේ ජොෂිවා සමග වයිල්ඩගේ ඉදිරි සටනක්. නමුත් වයිල්ඩ අද පැරදුනා. ඒකට කමක් නැහැ. බොක්සිං ක්‍රීඩාවේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවා.”

“සමහර විට එය ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. මොකද,  ජොෂිවා යනු ශූරතා හඹා යන්නෙක්. ඔහුට උවමනා වී තියෙන්නේ තෙවතාවක් ලෝක හෙවිටේට් ශූරයා වෙන්න” යැයි හර්න් පැවසුවා.

මේ ජයග්‍රහණයත් සමග ජොෂිවා පුරප්පාඩු වී තිබෙන IBF  කිරුළ සඳහා බොහෝ විට ෆිලිප් හර්ගොවිච් (Filip Hrgovic) සමග තරග වැදීමට ඉඩ තිබෙනවා.

zxcdca
“ලෝක කිරුළ සඳහා සටන තිබෙනු ඇත්තේ ජොෂිවා සහ හර්ගොවිච් අතර. සෑම හෙවිවේට් තරගකරුවෙක් ම හොඳින් සිහි තබා ගන්න. ඇන්තනී ජොෂිවා ආයෙත් ඇවිත්!” හර්න් වැඩිදුරටත් කියා සිටියා.

ජොෂිවා සමග සටනකට එළඹීම පිණිස තමා ජෝසෆ් පාක පරාජය කරන්නේ ඔහු බිම හෙළමින් බව කියමින් ඩියොන්ටේ වයිල්ඩ සතිය මුලදී පුරසාරම් දෙඩුවා. නමුත් ඒ වෙනුවට ඊයේ සිදුවුනේ නරඹන්නන් විශ්මයට පත් කරමින් වයිල්ඩ විනිසුරු ඒකමතික තීරණයකින් පාක ට පරාජය වීම.

“මා මෙතෙක් දුටු වඩාත් ම ඒකපාක්ශික සටන එය යි” එඩී හර්න් TNT Sports ට ප්‍රකාශ කළා. Day of Reckoning තවත් තරගයකදී ඔස්ට්‍රේලියාවේ ජේ ඔපටායා පළමු වටයේදී ම එංගලන්තයේ එලිස් සොරෝ (Ellis Zorro) එක පහරක් මගින් බිම හෙළමින් තමාගේ අපරාජිත වාර්තාව දිග ට ම පවත්වා ගෙන ගියේ වර්තමානයේ හොඳම ක්රූසවේට් සටන්කරුවා තමා බවට ලෝකය ට මතක් කර දෙමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...