The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නත්තල් පණිඩුඩයක් නිසා මොහමඩ් සලාට මුස්ලිම් ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය

T

The Leader Desk

December 26, 2023 • 8:26 AM

නත්තල් පණිඩුඩයක් නිසා මොහමඩ් සලාට මුස්ලිම් ක්‍රීඩා ලෝලීන්ගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසිරිමත් නත්තල ක්‍රිස්තියානි හෝ කතෝලික බැතිමතුන්ට පමණක් සීමාවූවක් නෙවෙයි.
  • සිය බිරිඳ Magi සහ දියණියන් වන Makka හා Kayan සමග එක සමාන පිජාමා ඇඳගෙන නත්තල් ගසක් ඉදිරිපිට සිටින ඡායාරූපයක් මොහමඩ් සලා පසුගිය වසරේ නත්තලේදී සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් පසුව මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් ඔහුව දැඩි ලෙස විවේචනය කළා.
  • දැන් ඔහුට සාම්ප්‍රදායික දෙයක් බවට පත්ව තිබෙන නත්තල් පෝස්ටුව නිසා සලා නැවත වතාවක් මුස්ලිම් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයන්ට මුහුණ දී සිටිනවා.
  • ‘සලා මුස්ලිම් ලෝකයට ලජ්ජා කරනවා’ යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙක් ලියා තිබූ අතර තවෙකෙක් කියා සිටියේ ඔවුන් ලිවපූල් තරුව ගැන කලකිරීමට පත්ව සිටින බව.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව පුරා විවිධ ජාතීන් නත්තල බොහෝ ආශාවෙන් හා උද්යෝගයෙන් යුතුව සමරනවා. නත්තල් සීයා නිසා විශේෂයෙන් කුඩා දරුවන් නත්තල එනතුරු බලා සිටින්නේ මහත් නොඉවසිල්ලෙන්.

එංගලන්තයේ ලිවපූල් සමාජයට ක්‍රීඩා කරන ඊජිප්තු පාපන්දු සුපිරි තරුව වන මොහමඩ් සලා ද නත්තල සමරන කෙනෙක්. එහෙත් ඔහු පළ කළ නත්තල් පණිවුඩයක් නිසා සමාජ මාධ්‍යයේ මුස්ලිම් ජාතික පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයට ලක්ව සිටිනවා. 

3824809 77729108 2560 1440

සමාජ මාධ්‍ය අනුගාමිකයන්ට ‘සුභ නත්තලක්’ කියා පතන්නට පෙර මුස්ලිම් ජාතිකයෙකු වන සලා නත්තල් ගසක ඡායාරූපයක් පළ කර තිබෙන්නේ ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින යුද්ධය පිළිබඳව තමා කතා කරන කැප්ෂනයක්ද ඇතුළත් කරමින්.

මුස්ලිම්වරුන් සාම්ප්‍රදායිකව නත්තල සමරන්නේ නැතත් නත්තල් සමයේ පැවැත්වෙන උත්සවයන්ට සමහර මුස්ලිම් ජාතිකයන් සහභාගි වෙනවා.

සිය බිරිඳ Magi සහ දියණියන් වන Makka හා Kayan සමග එක සමාන පිජාමා ඇඳගෙන නත්තල් ගසක් ඉදිරිපිට සිටින ඡායාරූපයක් මොහමඩ් සලා පසුගිය වසරේ නත්තලේදී සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් පසුව මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් ඔහුව දැඩි ලෙස විවේචනය කළා.

දැන් ඔහුට සාම්ප්‍රදායික දෙයක් බවට පත්ව තිබෙන නත්තල් පෝස්ටුව නිසා සලා නැවත වතාවක් මුස්ලිම් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ විවේචනයන්ට මුහුණ දී සිටිනවා.

sala 9824983
‘සලා මුස්ලිම් ලෝකයට ලජ්ජා කරනවා’ යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙක් ලියා තිබූ අතර තවෙකෙක් කියා සිටියේ ඔවුන් ලිවපූල් තරුව ගැන කලකිරීමට පත්ව සිටින බව.

තවත් ක්‍රීඩා ලෝලියෙක් මෙසේ සටහන් කර තිබෙනවා: ‘මේක හරිම අශෝභනයි සලා. ඔබ මුස්ලිම්. ක්‍රිස්තියානුවෙක් නෙවෙයි. අපේ නත්තල තියෙන්නේ අප්‍රේල් මාසයේ. ඔබ ගැන අපිට ලජ්ජයි සහෝදරයා.’

ආසනල් පාපන්දු ක්‍රීඩා සමාජ ලෝලියෙකු බවට කියා ගත් කෙනෙක් මෙසේ ලියා තිබුනා: ‘මෝ සලා, ආසනල් ක්‍රීඩා ලෝලියෙකු විදියට මම ඔබට ආදරය කළා. මා ඔබව දුටුවේ අතිවිශිෂ්ට ක්‍රීඩකයෙකු විදියට. ඔබ සැමවිටම මාව ප්‍රබෝධමත් කළා.’

Screenshot 2023 12 26 at 13.54.47
‘කෙසේ වෙතත්, මේ ට්වීට් එකෙන් පස්සෙ, මට තවදුරටත් ඔබව මගේ ආදර්ශ චරිතය ලෙස දකින්න බැහැ. ඔබ මාව කලකිරීමට පත් කළා. ඔබේ ට්වීට් පණිවුඩය ඉවත් කර ගත්තේ නැත්නම් මින් ඉදිරියට මම ඔබේ අනුගාමිකයෙක් වෙන්නේ නැහැ.’

සමහර ක්‍රීඩා ලෝලීන් සලාගේ පැත්තට කතා කළ අතර ඉන් එක් අයෙක් මෙසේ සටහන් කර තිබුනා. “මුස්ලිම්වරු විදියට අපි කෙනෙක්ව මැන බැලීම නොකළ යුතුයි. නමුත් හැම කෙනෙකුම සලා ගැන හැම නත්තලකදීම විමසා බලනවා. අපි ඔක්කොමලා පරිපූර්ණ මිනිස්සු නෙවෙයි. පලස්තීනය නිදහස් කරනු!”

තවත් කෙනෙක් මෙසේ ට්වීට් කර තිබුනා: ‘සලාගේ පණිවුඩය ඉතාම ප්‍රබලයි වගේම ඒ අහිංසක ජීවිත අපේ සිත්වල රඳවා තබා ගන්න අපට කරන මතක් කිරීමක්. ගොඩක් ආදරෙයි මෝ.’

msbty
නත්තල යනු පවුලේ අය එකට එකතු වී සමරන අවස්ථාවක් බව සලා නත්තල් ගසක පිංතූරයක් සමග මෙවර පළ කළ ඔහුගේ නත්තල් පණිවුඩයේ සඳහන් කර තිබුනා.

“මැද පෙරදිග කෙරෙන කුරිරු යුද්ධයේදී, විශේෂයෙන් ගාසා තීරයේ සිදුවන මරණ හා විනාශය නිසා, අපි මේ අවුරුද්දේ නත්තලට පිවිසෙන්නේ වේදනාවෙන් බරවුනු හදවත්වලින්. තමන්ගේ ආදරණීයයන් නැති වීමේ දුකෙන් පෙළෙන පවුල්වල වේදනාව අපි ඔවුන් සමග බෙදා ගන්නවා.”

“කරුණාකර ඔවුන්ව අමතක කරන්න එපා. ඔවුන් විඳින වේදනාව සාමාන්‍යයෙන් පුරුදු දෙයක් විදියට සළකන්න එපා. සුභ නත්තලක්!”

පාපන්දු තරග බිමේ වික්‍රමයන් නිසා මොහමඩ් සලා මුස්ලිම්වරුන්ගේ ලොකුම ක්‍රීඩා තරුව බවට පත්ව සිටිනවා.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...