The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ කවාජා ක්‍රිකට් පිටියේ

T

The Leader Desk

December 28, 2023 • 10:05 AM

දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ කවාජා ක්‍රිකට් පිටියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ මිය යමින් සිටින අහිංසක ජීවිත සම්බන්ධයෙන් මානව හිතවාදී පණිවුඩ ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු පිතිකරු
  • මෙල්බර්න් හි දැන් පැවැත්වෙන පාකිස්තානය ට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පෙරේදා ආරම්භක දිනයේදී 37 හැවිරිදි කවාජාගේ පාවහන්වල ගත් ‘ඒ.එෆ්.පී.’ සමීප ඡායාරූපයක ඔහුගේ දියණියන් වන Aisha හා Aylaගේ නම් සපත්තු පැත්තක අලවා තිබෙන අයුරු දිස්වෙනවා.
  • නමුත් ලෝක ක්‍රිකට් පාලකයින් වන ICCය ඊට හරස් වුනේ දේශපාලනය, ආගම හෝ ජාතිය සම්බන්ධයෙන් තිබෙන ඔවුන්ගේ නීතිවලට එය පටහැනි ක්‍රියාවක් බව පවසමින්.  කවාජා ඔහුගේ ඉච්ඡා භංගත්වය පිටකළේ නත්තල් දවසේ තැබූ මේ ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනෙන්: “සියළු දෙනාටම සුභ නත්තලක්.
  • සමහර අවස්ථාවලදී ඔබට ඔහේ  හිනාවෙලා ඉන්න සිදුවෙනවා......” ‘අස්ථිර’ හා ‘දෙබිඩි පිළිවෙත්’ යන වචන ද එම සටහනේ සඳහන්ව තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

උස්මාන් කවාජා ගත් සෑම උත්සාහයක් ම ව්‍යර්ථ වූ තැන ඔහු තම දියණියන්ගේ නම් සළකුණු කෙරුණු සපත්තු පැළඳ ක්‍රීඩා කළා.

මෙල්බර්න් හි දැන් පැවැත්වෙන පාකිස්තානය ට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පෙරේදා ආරම්භක දිනයේදී 37 හැවිරිදි කවාජාගේ පාවහන්වල ගත් ‘ඒ.එෆ්.පී.’ සමීප ඡායාරූපයක ඔහුගේ දියණියන් වන Aisha හා Aylaගේ නම් සපත්තු පැත්තක අලවා තිබෙන අයුරු දිස්වෙනවා.

Screenshot 2023 12 28 at 15.25.39

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර පැවැත්වෙන යුද්ධයෙන් අහිමි වන ජීවිත පිළිබඳව ශෝකය පළ කිරීමේ කවාජාගේ අලුත් ම වෑයම වුනේ සාමයේ ගෝලීය සංකේතය වන ඔලිව් අත්තක් අල්ලා ගත් කළු පරෙවියෙකුගේ ස්ටිකරයක් ඔහුගේ පිත්තේ හා පාවහන්වල ප්‍රදර්ශනය කිරීම. නමුත් මීට පෙර ඔහුගේ විවිධ උත්සාහවලදී මෙන්ම මේ අවස්ථාවේදී ද ජගත් ක්‍රිකට් කවුන්සලය ඊට අවසර දුන්නේ නැහැ. 

TELEMMGLPICT000360159579 17031674496680 trans NvBQzQNjv4Bq cVLixJZjJiTSS6NRQsYH mJDQle8zhAnRj3nA8oxTY

තරගය ආරම්භ වීමට පෙර පැවති පුහුණුවීම්වලදී කවාජා ප්‍රදර්ශනය කළ ලාංජනයේ ද මානව අයිතීන් පිළිබඳ ගෝලීය ප්‍රකාශයේ 1 වගන්තිය වෙත අවධානය යොමු කෙරෙන 01:UDHR යන වචන සඳහන්ව තිබුනා.

ලෝකයේ ක්‍රීඩාව පැවැත්වෙන අතරතුර ඊශ්‍රායල් - හමාස් යුද්ධයෙන් මිය යන ජීවිත දෙස ද ලෝකයාගේ අවධානය යොමු කිරීම පිණිස මානව හිතවාදී පණිවුඩ ප්‍රදර්ශනය කිරීමේ මුස්ලිම් ජාතික උස්මාන් කවාජාගේ පළමු උත්සාහය වුනේ “නිදහස මානව අයිතියක්” හා “සියළු ජීවිත සමානයි” යනුවෙන් අතින් ලියන ලද පාඨයන් සළකුණු කළ පාවහන් පැළඳ ක්‍රීඩා කිරීම. නමුත් ලෝක ක්‍රිකට් පාලකයින් වන ICCය ඊට හරස් වුනේ දේශපාලනය, ආගම හෝ ජාතිය සම්බන්ධයෙන් තිබෙන ඔවුන්ගේ නීතිවලට එය පටහැනි ක්‍රියාවක් බව පවසමින්. 

කවාජා ඔහුගේ ඉච්ඡා භංගත්වය පිටකළේ නත්තල් දවසේ තැබූ මේ ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනෙන්: “සියළු දෙනාටම සුභ නත්තලක්. සමහර අවස්ථාවලදී ඔබට ඔහේ  හිනාවෙලා ඉන්න සිදුවෙනවා......”

‘අස්ථිර’ හා ‘දෙබිඩි පිළිවෙත්’ යන වචන ද එම සටහනේ සඳහන්ව තිබුනා.

කවාජා මානව අයිතීන් පිළිබඳව දැඩි ආවේගයෙන් සිටින කෙනෙක් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නික් හොක්ලි (Nick Hockley) පැවසුවා.

පරෙවි සංකේතය ප්‍රදර්ශනය කිරීමේ කවාජාගේ උත්සාහය සම්බන්ධයෙන් ABC ප්‍රවෘත්ති විකාශයට ප්‍රකාශයක් කරමින් හොක්ලි මෙසේ සඳහන් කළා.

91388c5dd112d4a0072e7c0c2439983e

නික් හොක්ලි 

“ඒකපාක්ශික නොවන, ආගමික නොවන හා දේශපාලනික නොවන ලෙසින් හැඟුනු කවාජාගේ ICCයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අපි ඔහුට සහයෝගය දැක්වූවා. ඒ හා සමානව ම ICCටත් ඔවුන්ගේ නීති තියෙනවා. ඒවා තිබෙන්නේ හොඳ හේතුවලට. ඒ නිසා අපි ඒවාටත් ගරු කරන්න ඕන.”

“නමුත් මෙවැනි කාරණා සමග ගනුදෙනු කිරීමේදී ප්‍රධාන මාර්ගය වන්නේ හොඳ සන්නිවේදනයක් හා එකට වැඩකිරීමක් හරහා බව මම හිතනවා.” 

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර යුද්ධය තමන්ට බලපා ඇති අන්දම පිළිබඳව කවාජා ගෙවුනු සතියේදී මෙසේ කියා තිබුනා.

 132123788 gettyimages 1873505756 1

“මම මගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ බලද්දී මිය යමින් සිටින අහිංසක දරුවන් හා මිය ගොස් සිටින දරුවන් දකින්න ලැබීම තමයි මාව වැඩියෙන්ම පීඩාවට පත් කරන්නේ. තුවාල සිදුවුනු මගේ තරුණ දුව මගේ අත්වලින් වඩාගෙන ඉන්න අයුරු මට මැවිල පේනවා. ඒ ගැන නැවත කතා කිරීමේදී මම සංවේදී වෙනවා. මගෙ ළඟ කිසිම සැඟවුනු න්‍යායපත්‍රයක් නැහැ.”

දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ පිතිකරණයේ යෙදුනු උස්මාන් කවාජා ලකුණු 42කට දැවී ගියා.

සටහන :
IPL තරග බිමට පිවිසෙන පළමු ආදිවාසී ඉන්දියානුවා - රොබින් මින්ස්

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...