The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාතික වොලිබෝල් ශූරයෝ යුද හමුදාව : ශූරියෝ ගුවන් හමුදාව

T

The Leader Desk

December 29, 2023 • 10:48 AM

ජාතික වොලිබෝල් ශූරයෝ යුද හමුදාව : ශූරියෝ ගුවන් හමුදාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරයින් බවට පත්වුනේ ශ්‍රී ලංකා යුද හමුදාව. ශූරියන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්.
  • ආධුනික වයස අවුරුදු 25න් පහළ පිරිමි ශූරතාව වයඹ පළාතේ සාන්ත ජෝසප් වාස් ක්‍රීඩා සමාජය හිමිකර ගත් අතර කාන්තා ශූරතාව සබරගමුව පළාතේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය දිනා ගත්තා.
  • සබරගමුව පළාතේ රාජසිංහ ක්‍රීඩා සමාජය හා නැගෙනහිර පළාතේ බිටුලින්ක් ක්‍රීඩා සමාජය එම අංශයේ පිළිවෙලින් අනුශූරයන් හා අනුශූරියන් බවට පත්වුනා.
  • කොළඹ ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති සුපර් ලීග් පිරිමි අවසාන තරගයේදී යුද හමුදාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම පරාජය කළේ වට 3-1ක් වශයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා වොලිබෝල් කණ්ඩායම ද දස්කම් ප්‍රදර්ශනය කරමින් සුපර් ලීග් අනුශූරියන් බවට පත්වීම විශේෂත්වයක්. ලංකා විදුලිබල මණ්ඩලය අනුශූරයන් වුනා.

ආධුනික වයස අවුරුදු 25න් පහළ පිරිමි ශූරතාව වයඹ පළාතේ සාන්ත ජෝසප් වාස් ක්‍රීඩා සමාජය හිමිකර ගත් අතර කාන්තා ශූරතාව සබරගමුව පළාතේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය දිනා ගත්තා. සබරගමුව පළාතේ රාජසිංහ ක්‍රීඩා සමාජය හා නැගෙනහිර පළාතේ බිටුලින්ක් ක්‍රීඩා සමාජය එම අංශයේ පිළිවෙලින් අනුශූරයන් හා අනුශූරියන් බවට පත්වුනා.

munchee 1
කොළඹ ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති සුපර් ලීග් පිරිමි අවසාන තරගයේදී යුද හමුදාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම පරාජය කළේ වට 3-1ක් වශයෙන්. තියුණු මුහුණුවරකින් පැවති තරගයේ පළමු වට දෙක ලකුණු 25-22ක් හා 25-13ක් ලෙසින් ජය ගත් යුද හමුදාව තෙවැනි වටය ලකුණු 18-25කින් පරාජය වුනා. එහෙත් වට පහකින් සමන්විත තරගයේ සිවුවැනි වටය 25-19කින් ජයග්‍රහණය කරමින් ශූරතාව හිමිකර ගැනීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා. වැඩියෙන්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුනේ යුද හමුදාවේ සජිත් කැළුම්රත්න.

munchee 2
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සුපර් ලීග් ශූරියන් බවට පත්වුනේ අවසාන තරගයේදී යුද හමුදා කණ්ඩායම ලකුණු 25-21, 25-18 හා 25-17 ලෙසින් කෙළින් ම වට 3-0කින් පරදවමින්. ගුවන් හමුදාවේ ජේ.ඩබ්ලිව්.පී.තුෂාරි වඩාත්ම වටිනා ම ක්‍රීඩිකාව ලෙස තේරුණා.

munchee 4
වයස අවුරුදු 25න් පහළ ආධුනික පිරිමි හා කාන්තා අවසාන තරග පැවැත්වුනේ පේරාදෙණිය සරසවියේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. එහි පිරිමි අවසාන තරගය ද වට හතරක් පුරා පැවති අතර අවසානයේ සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජයීය කණ්ඩායම විසින් රාජසිංහ ක්‍රීඩා සමාජය පරදවනු ලැබුවේ ලකුණු 31-33, 25-18, 25-12, 25-23ක් ලෙසින්. දක්ෂතම ක්‍රීඩකයා සාන්ත ජෝසප් වාස් ක්‍රීඩා සමාජයේ ටී.එම්.කවිශ්ක චතුමාල්.

munchee 3
කාන්තා අවසාන තරගයේදී බිටුලින්ක් කණ්ඩායම අභිබවා ලකුණු 25-11, 25-23, 25-22ක ජයක් ලබා ගැනීමට හයිඩ්‍රාමනි පිල සමත් වුනා. දක්ෂතම ක්‍රීඩිකාව වුනේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයේ එස්.ජී.ඩිලුක්ෂි හර්ෂනි.

සටහන :
දූවරුන්ගේ නම් සඳහන් පාවහන් පැළඳ කවාජා ක්‍රිකට් පිටියේ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...