The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්

T

The Leader Desk

December 14, 2023 • 5:56 PM

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ කැලැන්ඩර් වසරේ සිය 50 වැනි ගෝලය සඳුදා වාර්තා කළා.
  • රොනාල්ඩෝ තරගයේ 74 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමේ සිවුවැනි ගෝලය ලබා ගත්තේ මේ වසර මුලදී ආරම්භ කළ සෞදි අරාබි ක්‍රීඩාවේ ඔහුගේ ගෝල් ලබා ගැනීමේ චමත්කාරජනක අනුපාතය දිග ට ම ගෙන යමින්.
  • 2023 වසරේ මගේ 50 වැනි ගෝලය මම නිවේදනය කරන්නේ මහත් ප්‍රමෝදයෙන්.
  • මේ සියල්ල මගේ කණ්ඩායමේ සගයන්, ක්‍රීඩා ලෝලීන් හා මගේ පවුලේ අයගේ නොසැලෙන සහයෝගය නිසා” යැයි රොනාල්ඩෝ ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහන් කර තිබෙන්නේ “මේ අවුරුද්දේ තවත් ගෝල් කිහිපයකට තවමත් ඉඩ තියෙනවා”  යනුවෙන් ද සඳහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සමග ඔහුගේ අල් නසර් (Al Nassr) කණ්ඩායම ‘සෞදි රජා කුසලාන’ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේ අල් ෂබාබ් කණ්ඩායමට එරෙහිව ගෝල් 5-2 ජයග්‍රහණයකින්.

රොනාල්ඩෝ තරගයේ 74 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමේ සිවුවැනි ගෝලය ලබා ගත්තේ මේ වසර මුලදී ආරම්භ කළ සෞදි අරාබි ක්‍රීඩාවේ ඔහුගේ ගෝල් ලබා ගැනීමේ චමත්කාරජනක අනුපාතය දිග ට ම ගෙන යමින්.

xfgrger

“විශිෂ්ට ජයග්‍රහණයක්. 2023 වසරේ මගේ 50 වැනි ගෝලය මම නිවේදනය කරන්නේ මහත් ප්‍රමෝදයෙන්. මේ සියල්ල මගේ කණ්ඩායමේ සගයන්, ක්‍රීඩා ලෝලීන් හා මගේ පවුලේ අයගේ නොසැලෙන සහයෝගය නිසා” යැයි රොනාල්ඩෝ ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහන් කර තිබෙන්නේ “මේ අවුරුද්දේ තවත් ගෝල් කිහිපයකට තවමත් ඉඩ තියෙනවා”  යනුවෙන් ද සඳහන් කරමින්.


38 හැවිරිදි රොනාල්ඩෝ කැලැන්ඩර් වසරක් තුළ ගෝල් 50ක් ලබා ගත් මීට පෙර අවස්ථාව වන්නේ ඔහු රිආල් මෙඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි 2017 වසර.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සැම විටම තමන්ගේ විශේෂ අවස්ථාවන් තවත් වර්ණවත් කරන ක්‍රීඩකයෙක්. එබැවින් මේ පෘතුගීසී සුපිරි තරුව පසුගිය සතියේ පැවති ඔහුගේ 1,200 වැනි වෘත්තීය තරගය ගෝලයක් වාර්තා කරමින් සංකේතවත් කිරීම අරුමයක් නෙවෙයි. රිආල් මෙඩ්රිඩ් ට අමතරව මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමේ ද හිටපු ක්‍රීඩකයෙකු වන රොනාල්ඩෝ ඔහුගේ මේ විශේෂ තරගය අමතක නොවන එකක් බවට පත්කර ගත්තේ සෞදි අරාබි වෘත්තීය පාපන්දු ලීගයේ අල් රියාද් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින්. එහිදී රොනාල්ඩෝ පෞද්ගලිකව ගෝලයක් ලබා ගැනීමට අමතරව තවත් ගෝලයකට සහාය දක්වමින් ද තමාගේ අල් නසර් කණ්ඩායම ගෝල් 4-1ක ජයග්‍රහණයක් කරා ගෙන ගියා.


“මගේ 1,200 වැනි තරගයට පිවිසෙන්න මට උදව් කරපු මගේ සියළුම කණ්ඩායම් සගයන්ට මම ස්තූතිවන්ත වෙනවා. කොච්චර අපූරු ගමනක්ද ඒ. නමුත් අපි තාම ඉවර නැහැ” යනුවෙන් ඒ තරගයෙන් පසුව රොනාල්ඩෝ ‘ඉන්ස්ටග්‍රෑම්’හි සටහනක් තබා තිබුනා.


රොයිටර් පුවත් සේවයට අනුව වැඩිම වෘත්තීය පාපන්දු තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙන පාපන්දු ක්‍රීඩකයා ලෙසට සැලකෙන්නේ හිටපු එංගලන්ත ගෝල් රකින ක්‍රීඩක පීට ෂිල්ටන් (Peter Shilton). කළින් ට්විටර් ලෙසින් හැඳින්වුනු X මාධ්‍ය ජාලයෙන් ෂිල්ටන් කියා තිබෙන්නේ ඔහු වාර්තාගත තරග 1,387කට ක්‍රීඩා කර ඇති බවක්.

පෘතුගාලය ට තරගයේ අවසන් කාලයේදී ජයග්‍රාහී ගෝලයක් ලබා දෙමින් රොනාල්ඩෝ ජාත්‍යන්තර තරග 200ක් ක්‍රීඩා කළ ඉතිහාසයේ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්වුනේ පසුගිය ජූනි මාසයේ.

2022 වසරේදී මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන අවධියේ ඔහු පිරිමි පාපන්දු ඉතිහාසයේ වෘත්තීය තරගවල වැඩිම ගෝල්ලාභියාගේ FIFA එදා මෙදා තුර තිබූ වාර්තාව බිඳ දැමීමට සමත් වුනා.

xfgdfgrr
‘අල් නසර්’ සමග වසර දෙකහමාරක් සඳහා යුරෝ මිලියන 200 (ඩොලර් මිලියන 220.16)ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කළ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ එම කණ්ඩායම වෙනුවෙන් මංගල තරගයට ක්‍රීඩා කළේ ජනවාරියේ.


තරග 16කින් පසුව අල් නසර් කණ්ඩායම සෞදි පාපන්දු ලීගයේ සිටින්නේ අල් හිලාල් කණ්ඩායමට ලකුණු හතක් පිටුපසින් දෙවැනි ස්ථානයේ.

මේ අතර රොනාල්ඩෝ ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ලයනල් මෙසී තවත් එක් වතාවකට මුණගැසීමට ඉඩ තිබෙන බවට වාර්තා වන්නේ ආජන්ටිනාවේ ඉන්ට මයාමි (Inter Miami) කණ්ඩායම ලබන වසරේදී සෞදි අරාබියේ සංචාරයක නිරත වන බැවින්.

අල් නසර් හා ඉන්ට මයාමි කණ්ඩායම් දෙක පෙබරවාරි 1 වැනිදා රියාද් අගනුවරදී තරග වැදීමටයි නියමිත. මෙය රොනාල්ඩෝ හා මෙසී ඔවුනොවුන්ගේ ක්‍රීඩා ජීවිත තුළ මුණගැසෙන 36 වැනි අවස්ථාව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...