The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායල් ක්‍රීඩකයා තුර්කි පාපන්දු තරගාවලියෙන් ඉවතට !

T

The Leader Desk

January 17, 2024 • 4:59 PM

ඊශ්‍රායල් ක්‍රීඩකයා තුර්කි පාපන්දු තරගාවලියෙන් ඉවතට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ගාසා තීරයේ සිරකර ගෙන සිටීම පිළිබඳව
  • ඔක්තෝබර් 7 වැනිදා පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ට එල්ල කළ මාරක ප්‍රහාරයෙන් පසුව දින 100ක් තිස්සේ ගාසා හි සිරකර ගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙනුයි ඒ බැන්ඩේජ් පණිවුඩය.
  • නමුත් ප්‍රාණ ඇපකරුවන් 107 දෙනෙකු මෙන්ම මිය ගිය 25 දෙනෙකුගේ මෘතදේහ ගාසා තීරයේ තවමත් රඳවා ගෙන සිටින බවට ඊශ්‍රායලය විශ්වාස කරනවා.
  •   නැවත තම රට ට පැමිණීම ගැන තමා සතුටු වන බව පැවසූ ඔහු ඊශ්‍රායලය තරම් තවත් රටක් වෙනත් කොහේවත් නැති බවත් තමාගේ අත්දැකීම් ගැන දැන් ම ම කතා කිරීමට අකමැති බවත් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග බිමේදී විරුද්ධත්වය ප්‍රදර්ශනය කළ ඊශ්‍රායල් පාපන්දු ක්‍රීඩකයෙකු තුර්කියේ සිට ආපසු ඊශ්‍රායලයට යවා තිබෙනවා.

තුර්කි පොලිසිය විසින් සිදුකළ කෙටි රඳවා ගැනීමකින් පසුව ෂෙගිව් ජේසස්කිල් (Sagiv Jehezkel) නමැති ඊශ්‍රායල් ක්‍රීඩකයා යළි මවුබිමට පැමිණ සිටින්නේ තුර්කියේ ඉහළ ම පාපන්දු ලීගයේ ක්‍රීඩා සමාජයක් වන අන්ටාලියස්පෝර් (Antalyaspor) විසින් ඔහුගේ ක්‍රීඩාව අත්හිටුවීමෙන් පසුව.


zdfwe5
ඇන්ටාල්යා නගරයේ පොලිසිය විසින් රඳවා ගෙන සිටි ජේසස්කිල් පසුගිය ඉරිදා අන්ටාලියස්පෝර් ක්‍රීඩා සමාජය විසින් ඉවත් කර තිබෙන්නේ ඔහු ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් සහයෝගය දක්වමින් ඔහුගේ මැණික් කටුවේ වෙළන ලද බැන්ඩේජයේ “දින 100, 7/10” යනුවෙන් සඳහන් පණිවුඩය ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්. ඔහු මේ පණිවුඩය ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමෙන් පසුව.



ඔක්තෝබර් 7 වැනිදා පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ට එල්ල කළ මාරක ප්‍රහාරයෙන් පසුව දින 100ක් තිස්සේ ගාසා හි සිරකර ගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙනුයි ඒ බැන්ඩේජ් පණිවුඩය.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නොවැම්බර් මස අග පැවති එකඟත්ව ගිවිසුම දින හයකින් පසුව අවසන් වුනේ සියයකට වැඩි පිරිසක් නිදහස් වෙමින්. නමුත් ප්‍රාණ ඇපකරුවන් 107 දෙනෙකු මෙන්ම මිය ගිය 25 දෙනෙකුගේ මෘතදේහ ගාසා තීරයේ තවමත් රඳවා ගෙන සිටින බවට ඊශ්‍රායලය විශ්වාස කරනවා.

ෂෙගිව් ජේසස්කිල් සඳුදා රාත්‍රියේ යළි ඊශ්‍රායලය ට ගොඩබැස්සේ දේශීය වැසියන්ගේ ඔල්වරසන මැද.

 

zdfert54
නැවත තම රට ට පැමිණීම ගැන තමා සතුටු වන බව පැවසූ ඔහු ඊශ්‍රායලය තරම් තවත් රටක් වෙනත් කොහේවත් නැති බවත් තමාගේ අත්දැකීම් ගැන දැන් ම ම කතා කිරීමට අකමැති බවත් කියා සිටියා.

28 හැවිරිදි ඊශ්‍රායල් ක්‍රීඩකයාගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියක් දැන් පැවැත්වෙන බව අන්ටාලියස්පෝර් නියෝජ්‍ය සභාපති Alkan Evren ප්‍රකාශ කර තිබෙනවා.

ජේසස්කිල් පවසා තිබුනේ කිසිම කෙනෙක් ප්‍රකෝප කිරීම පිණිස තමා ක්‍රියා නොකළ බව.

rte4sdf
‘ජාතික වටිනාකම්’වලට එරෙහිව යමින් ඔහු කටයුතු කර තිබෙන බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට අනුව ජේසස්කිල් සංචිතයෙන් ඉවත් කළ බවත් අන්ටාලියස්පෝර් පාපන්දු ක්‍රීඩා සමාජය ඉරිදා නිවේදනය කළා.

“ශූරතාවලියක් හෝ කුසලාන ජයග්‍රහණයකට හෝ අපේ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිම විටක රටේ සංවේදිතාවට එරෙහි හැසිරීමකට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් එම ක්‍රීඩා සමාජය නිකුත් කළ නිවේදනයක සඳහන්.


තුර්කියේ අධිකරණ ඇමති Yilmaz Tunc ද X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, ට්‍රබ්සොන්ස්පෝර් (Trabzonspor) කණ්ඩායම සමග ගෝල් 1-1කින් සමව අවසන් වූ අන්ටාලියස්පෝර් කණ්ඩායමේ තරගයේදී ගෝලයක් ලබා ගැනීමෙන් පසුව ජේසස්කිල් ඊශ්‍රායලය ගාසා හි සිදුකළ සමූල ඝාතනයට සහයෝගය දක්වමින් අශෝභන ක්‍රියාවක් ප්‍රදර්ශනය කළ බව කියා සිටියා.


ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වන ජේසස්කිල් මේ ක්‍රීඩා වාරයේදී අන්ටාලියස්පෝර් වෙනුවෙන් තරග 13කට ක්‍රීඩා කරමින් ගෝල් හයක් ලබා ගෙන තවත් ගෝල් දෙකකට සහාය වීමක් වාර්තා කර තිබෙනවා.

fhr5
ජේසස්කිල්ගේ මැණික් කටුවෙන් ප්‍රදර්ශනය කෙරුනු පණිවුඩය ගැන මුලින් දැනීමක් නොතිබුනු අන්ටාලියස්පෝර් නිලධාරීන් තරගයේ ඔහුගේ ප්‍රීතිවීමේ ඡායාරූපයක් එම ක්‍රීඩා සමාජයේ සමාජ මාධ්‍යයේ පළ කල ද පසුව එය ඉවත් කර ගත්තා.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැත්වෙන යුද්ධය සම්බන්ධයෙන් පාපන්දු ක්‍රීඩකයෙක් මතභේදයක පටලැවුනු පළමු අවස්ථාව මෙය නෙවෙයි.

dgfrt
මේ මස මුලදී, OGC Nice නමැති ප්‍රංශ සමාජයට ක්‍රීඩා කරන ඇල්ජීරියාවේ යූසෆ් අටාල් (Youcef Atal) ට අත්හිටවූ දඬුවමක් හා යුරෝ 45,000ක දඩයක් නියම කෙරුනේ ඔහු මේ යුද්ධය පිළිබඳව සමාජ මාධ්‍යයේ පළව තිබූ ප්‍රකාශයක් නැවත පළ කිරීමෙන් පසුව.

අටාල් විසින් යළි පළකර තිබෙන්නේ “යුදෙව්වන් වසාගන්නා කළු දිනයක් එවන්න” යැයි දෙවියන්ගෙන් ඉල්ලන පලස්තීන ආගමික දේශකයෙකුගේ මිනිත්තු 35ක වීඩියෝවක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...