The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිට පිට සුපර් ඕවර් දෙකක් - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලොව උණුසුම් කරයි

T

The Leader Desk

January 18, 2024 • 10:26 AM

පිට පිට සුපර් ඕවර් දෙකක් - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලොව උණුසුම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිට පිට ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාර දෙකකින් පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක ප්‍රතිඵලය තීරණය කෙරුණු උණුසුම් අවස්ථාවක්
  • තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 04 කට ලකුණු 212 ක් රැස් කළා.
  • නායක රෝහිත් ශර්මා පන්දු 69 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 ක්.
  • රින්කු සින් පන්දු 39කදී වේගවත් ලකුණු 69 ක් රැස් කළේ හයේ පහර 6 ක් ද සමඟයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැක ගැනීමට ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඊයේ රාත්‍රියේ හැකි වුණා.

ඒ, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඉන්දියාවේ බැංගලෝර්හි පැවති තුන්වන පන්දුවාර විස්ස තරඟයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේදී කඬුලු 04 කට ලකුණු 212 ක් රැස් කළා.

නායක රෝහිත් ශර්මා පන්දු 69 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 ක්. ඊට හයේ පහර 8 ක් ඇතුලත්.

රින්කු සින් පන්දු 39කදී වේගවත් ලකුණු 69 ක් රැස් කළේ හයේ පහර 6 ක් ද සමඟයි.

 rohith

 

ඉන්දිය කණ්ඩායමේ කඬුලු 4 ක් ලකුණු 22 ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක්වූ ඔවුන් දෙදෙනා පස්වන කඬුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 190 ක සබඳතාවක් ගොඩනැගුවා.

ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 නිම කළේ කඬුලු 6 කට ලකුණු 212 ක් ලබාගනිමින් තරඟය සම කරමින්.

ඉවසිලිවන්ත ලෙස ඉනිම ගොඩනැගූ ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ආරම්භක කඬුල්ලට ලකුණු 93 ක සබඳතාවක් ගොඩනැගුවා.

වේගවත් පිතිහරඹයක නිරතවූ ගුලාබ්දින් නබී පන්දු 23 කදී හයේ පහර 4 ක් සමඟ නොදැවී ලකුණු 55 ක් රැස් කළා.

අවසන් පන්දුවාරයේදී තරඟයේ ජයග්‍රහණයට ඇෆ්ගනිස්තානයට ලකුණු 19 ක් ලබාගත යුතු වුවවත් ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 18 ක් පමණයි.

ඒ අනුව තරඟයේ තීරණය ලබාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළා.

එහිදී ඇෆ්ගනිස්තානය ලකුණු 16 ක් රැස්කර ගත්තා.

කෙසේවෙතත් ඉන්දියාවට ද සුපිරි පන්දුවාරයේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණයි.

ඒ අනුව එම පන්දුවාරය ද සම වුණා.

පසුව තීරණය කෙරුණේ තරඟයේ තීරණය ලබාගැනීමට තවත් සුපිරි පබන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමටයි.

එහිදී ඉන්දිය කණ්ඩායම ලකුණු 11 කට සීමා කිරීමට ඇෆ්ගන් පන්දුයාවන්නන්ට හැකි වුණා.

එහෙත් එම පන්දුවාරයේ කඬුලු 2ක් බිඳවැටීමත් සමඟ ඉන්දියාව තරඟය ජයගත්තා.

win indian

ලෝක ක්‍රිකට් පිටියට මතක රැසක් එක්කළ මෙම උණුසුම් තරඟය ඉතිහාසගත වුණේ එදාමෙදා තුර පන්දුවාර 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක වූ පළමු තරඟය ලෙසයි.

ඉන්දියාවේ පැවති මෙම තරඟාවලිය ඇෆ්ගනිස්තානය පරාජයට පත්වුව ද ඉන්දියාවට ගොස් ඇෆ්ගනිස්තානය තරඟාවලිය පුරා දැක්වූ මෙම විශිෂ්ඨ දක්ෂතා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතර දැන් කතාබහක් ඇතිකර තිබෙනවා.

පෙරළිකාර ඇෆ්ගනිස්තානය ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ද තරඟ සංචාරයකට එක්වීමට නියමිතයි.

(nethnews.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිට පිට සුපර් ඕවර් දෙකක් - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලොව උණුසුම් කරයි | The Leader