The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ

T

The Leader Desk

January 18, 2024 • 2:04 PM

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරාබියේ තෙල් සල්ලි හඹා ගිය සමහර සුපිරි පාපන්දු ක්‍රීඩකයින්ට සෞදි අරාබියේ ජීවිතය දැන් බියකුරු සිහිනයක් බවට පත්වෙලා.
  • ඉතා විශාල වැටුප් හා සෞදි වෘත්තීය ලීගයක තම ක්‍රීඩා දිවිය අලුතින් ආරම්භ කිරීමේ ඔවුන්ගේ සිහිනය අද බියජනක අත්දැකීමක් බවට පත්වෙලා.
  • මේ ක්‍රීඩකයන් අතර ප්‍රංශයේ Karim Benzema හා N’Golo Kante, බ්‍රසීලයේ Neymar සහ Roberto Firmino, එංගලන්තයේ Jordan Henderson, ඇල්ජීරියාවේ Riyad Mahrez, පෘතුගාලයේ Jota හා සර්බියාවේ Aleksandar Mitrovic ඇතුළු තවත් බොහෝ දෙනෙක් සිටිනවා.
  • නමුත් යුරෝපීය පාපන්දු තරග බිමෙන් ඉවත් වී මාස කිහිපයක් පමණක් ගතව තිබියදී මේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සෞදියෙන් පිටවී යුරෝපයේ ක්‍රීඩා සමාජ සමග නැවත එක්වීමට උත්සාහ දරමින් සිටින බවට වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ක්‍රීඩකයන් දැන් වෙහෙසෙන්නේ ඔවුන් අතහැර ගිය යුරෝපයට හැකි ඉක්මනින් ආපසු එන්න.

ඉතා විශාල වැටුප් හා සෞදි වෘත්තීය ලීගයක තම ක්‍රීඩා දිවිය අලුතින් ආරම්භ කිරීමේ ඔවුන්ගේ සිහිනය අද බියජනක අත්දැකීමක් බවට පත්වෙලා.

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා තමන් ඉදිරියට විසිකෙරුනු අති විශාල මුදල් කන්දරාව හමුවේ ලොව ජනප්‍රිය පාපන්දු තරු විශාල සංඛ්‍යාවක් යුරෝපයේ තමන් ක්‍රීඩා කරමින් සිටි පාපන්දු සමාජ අතහැර මැද පෙරදිග හුවමාරුවක යෙදුනා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධෛර්ය කරමින් 2034 ලෝක කුසලාන පාපන්දුවේ  සත්කාරකත්වය සෞදියට
මේ ක්‍රීඩකයන් අතර ප්‍රංශයේ Karim Benzema හා N’Golo Kante, බ්‍රසීලයේ Neymar සහ Roberto Firmino, එංගලන්තයේ Jordan Henderson, ඇල්ජීරියාවේ Riyad Mahrez, පෘතුගාලයේ Jota හා සර්බියාවේ Aleksandar Mitrovic ඇතුළු තවත් බොහෝ දෙනෙක් සිටිනවා.

මේ ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙක් බැඳුනේ සෞදි අරාබි රජය යටතේ තිබෙන පාපන්දු සමාජ හතරක් වන Al-Ittihad, Al-Nassr, Al-Ahli සහ Al-Hilal යන කණ්ඩායම්වලට. ලිවපූල් කණ්ඩායමේ හිටපු නායක හෙන්ඩර්සන් එංගලන්තයේ වෘත්තීය පාපන්දු පුහුණුකරුවෙකු වන Steven Gerrard සමග එක්වෙමින් සම්බන්ධ වුනේ Al-Ettifaq කණ්ඩායමට.

නමුත් යුරෝපීය පාපන්දු තරග බිමෙන් ඉවත් වී මාස කිහිපයක් පමණක් ගතව තිබියදී මේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සෞදියෙන් පිටවී යුරෝපයේ ක්‍රීඩා සමාජ සමග නැවත එක්වීමට උත්සාහ දරමින් සිටින බවට වාර්තා වෙනවා. රොබර්ටො Fulham ක්‍රීඩා සමාජය සමගත්, හෙන්ඩර්සන් Ajax සමගත්, ජොටා Tottenham සමගත් බෙන්සිමා Chelsea ක්‍රීඩා සමාජය සමගත් එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.

heat

ක්‍රීඩකයන් වැඩි දෙනෙක් සෞදියෙන් ඉක්මනින් මිදී ඒමට උත්සාහ කිරීමට හේතුවන කාරණා බොහොමයක් තිබුනත් ඉන් ප්‍රධාන තැන ගන්නේ වැලිකතරේ රත්වීම.

සෞදි අරාබියේ ඉතා උණුසුම් කාලගුණය නිසා ක්‍රීඩකයන් අව්වේ දැවෙමින් පීඩා විඳිනවා. දරන්න බැරි තරමේ ගිනියම නිසා පුහුණුවීම් තිබෙන්නේ සන්ධ්‍යාවේ. රටේ සමහර පෙදෙස්වල උෂ්ණත්වය බොහෝ විට සෙල්සියස් අංශක 40ක්.

33 හැවිරිදි හෙන්ඩර්සන් සෞදියෙන් පිටවීමට වෙර දරන්නේ ඔහුට තරග පැවැත්වෙන අතරතුර තිබෙන ගිනියම ඉවසා ගැනීමට නොහැකි නිසා බවට වාර්තා වී තිබෙනවා. නමුත් ඔහු මේ තත්ත්වය කළින් බලාපොරොත්තු විය යුතුව තිබුනා.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් 2023 වසරේ 50 වැනි ගෝලයක්
යුරෝපීය පාපන්දුවෙන් සෞදි වෘත්තීය පාපන්දු ලීගයට මාරු වූ පළමු ජනප්‍රිය ක්‍රීඩකයා වන්නේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. ඔහු දැන් සෞදියට හුරුවීමට පටන් ගෙන සිටියත් පසුගියදා ඔහු පැවසුවේ ලොකුම අභියෝගය වන්නේ වියැළෙන වායු තෙතමනයට හුරුපුරුදු වීම බව.

“සෞදියේ මා සොයා ගත් ලොකුම වෙනස වන්නේ පැහැදිලිවම අධික උණුසුම යි. සන්ධ්‍යා භාගයේ ටිකක් සීතල නිසා පුහුණුව යෙදෙන්නේ ඒ වෙලාවට. ඒ අනුව කාලසටහනකට හුරුවෙන්න සිද්ධ වෙලා තියෙනවා” යනුවෙන් රොනාල්ඩෝ කියා තිබෙනවා.

මේ තරග වාරයේදී සෞදි වෘත්තීය ලීගයේ තරග නැරඹීමට පැමිණියේ කුඩා පිරිසක් වීම ද කලකිරවන දසුනක් වී තිබෙනවා.

එංගලන්තයේ ලිවපූල් කණ්ඩායමේ පුරාවෘත්තයක් වන ජෝඩ්න් හෙන්ඩර්සන් පුරුදු වී සිටින්නේ ඇන්ෆීල්ඩ් හි නරඹන්නන් 50,000කගේ ගොරෝසු ඝෝෂාවක් ඉදිරියේ ක්‍රීඩා කිරීමට. නමුත් පසුගිය නොවැම්බරයේදී ඔහු සම්බන්ධ වුනේ 610ක සෙනඟක් පමණක් පැමිණෙන Al-Ettifaq කණ්ඩායමට. 

සෞදි ලීගයේ කණ්ඩායම් 18ක් අතරින් 15 වැනි ස්ථානයේ සිටින Al-Riyadh ක්‍රීඩා සමාජය මේ ක්‍රීඩා වාරය තුළ තරග දෙකකට සත්කාරකත්වය දක්වා තිබෙන්නේ පුද්ගලයන් 150කටත් අඩුවෙන් තරග නරඹමින්.

මේ අතර Abha හා Al-Hazm කණ්ඩායම් අතර පැවති සෞදි පාපන්දු ක්ෂේත්‍රයේ පහත තරග කොටසකට වැටීමේ තීරණාත්මක තරගය නැරඹීමට පැමිණ තිබෙන්නේ ක්‍රීඩාංගණය පිරෙන සෙනඟෙන් සියයට 1.2ක් පමණක් බව වාර්තා වෙනවා. ක්‍රීඩාංගණය පිරෙන්නේ 20,000ක සෙනඟකින්. නමුත් පැමිණියේ ක්‍රීඩා ලෝලීන් 257ක් පමණ යි.

සෞදි ලීගයේ සිටින කණ්ඩායම්වලින් අඩක ට ම සිටින්නේ පුද්ගලයින් 10,000කට අඩු සාමාන්‍ය පැමිණීමක්.

 
සුපිරි පාපන්දු තරු විශාල සංඛ්‍යාවක් ඇතුළු කර ගැනීමේ ක්‍රියාව තරග නරඹන දේශීය සෞදි වැසියන්ට හරි හැටි සන්නිවේදනය වී නැති බව මෙයින් ප්‍රත්‍යක්ෂ වෙනවා.
සෞදි අරාබියට පැමිණෙන බොහෝ විදෙස් පාපන්දු ක්‍රීඩකයන්ට එරට ට හැඩගැසීමට අසීරු වන සමාජමය සාධක කිහිපයක් ද තිබෙනවා.

ක්‍රීඩකයන් සමග පැමිණි ඔවුන්ගේ ජීවන සහකාරියන්ට රටේ තනිව ම ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නීතියෙන් අවසරයක් නැහැ. 
 
 102165161 smallstudent
සෞදි කාන්තාවන්ට මෝටර් රථ පැදවීමේ තහනම 2018 වසරේදී ඉවත් කෙරුනත් රිය පදවන කාන්තා දෑතක් සෞදියේ දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.

සියළු රටවැසියන්ට මෙන්ම අමුත්තන්ටත් මත්පැන් භාවිතය තහනම්.
 
යුරෝපය මූලස්ථානය කර ගත් පාපන්දු ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ක්‍රීඩා දිවිය තුළ අත්විඳ තිබෙන ජීවන රටාව සමග සන්සන්ධනය කරන විට මැද පෙරදිග සංස්කෘතිය තිබෙන්නේ වෙනත් ලෝකයක. මේ නිසා සෞදි අරාබියට පැමිණ සිටින බොහෝ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු හා පෙම්වතියන්ට එරට ජීවිතයට හැඩගැසීමට නොහැකි වී තිබෙනවා.
2119526
 
ක්‍රීඩකයන්ගේ අවධානය යොමුව ඇති ඉතා වැදගත් කරුණක් වී තිබෙන්නේ සෞදි ලීගයේ ප්‍රමිතිය හා එමගින් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාවට ඇතිවන බලපෑම. 

සෞදි වෘත්තීය පාපන්දු ලීගය ජාත්‍යන්තර සුපිරි තරුවලින් රසවත් වී තිබුනත් එම ලීගයේ සමාජවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු සිටින්නේ ප්‍රමිතිය අතින් දෙවැනි ලීගයක මට්ටමේ.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...