The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩාට්ස් ශූරයාට සමාන පෙනුම හෝටල් සේවකයාට වාසනාව ගෙන එයි

T

The Leader Desk

January 18, 2024 • 3:42 PM

ඩාට්ස් ශූරයාට සමාන පෙනුම හෝටල් සේවකයාට වාසනාව ගෙන එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තනිකඩයෙක් වන ඇලෙක්ස් සම්නර් (Alex Sumner) ඩාට් ගැනවත් ඩාට්ස් ක්‍රීඩාව ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැහැ.
  • මේ විස්මිත සමාන රූපය නිසා තමා කාන්තාවන්ගේ ආදරය දිනා ගෙන සිටින බවට එංගලන්තයේ ප්‍රෙස්ටන් නගරයේ හෝටලයක රථවාහන ගාල්කරන සේවකයා මහත් ආඩම්බරයෙන් පවසන්නේ ලිට්ල ට ඉතාමත් සමාන තම පෙනුම නිසා තමාගේ බැංකු ගිණුම ද තරවෙමින් තිබෙන බව හෙළි කරමින්.
  • 25 හැවිරිදි වියේ පසුවන සම්නර් මෙසේ කියනවා: “පහුගිය මාසයේ ලූක් මාධ්‍ය සිරස්තල බවට පත්වූ තැන් පටන් දුසිම් ගණනින් මිනිස්සු මට දුරකථන පණිවුඩ එවමින් මම එයා වගේමයි කියනවා.
  • මේ සියල්ල මට ලැබී තියෙන්නේ ලූක් ට ස්තූතිවන්ත වන්නටයි.” “මට අවුරුදු 25 යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඒ ක්‍රීඩාව සඳහා ඔහුට තිබෙන එක ම සුදුසුකම වී තිබෙන්නේ ඔහු සතුව ඇති 16 හැවිරිදි ලෝක ඩාට්ස් අනුශූර ලූක් ලිට්ලගේ පෙනුම.

එංගලන්තයේ අනෙක් බොහෝ වැසියන් මෙන්ම ඇලෙක්ස් සම්නර් ද ලූක් ලිට්ල පිළිබඳව දැන ගත්තේ ඔහු ලෝක ඩාට්ස් ශූරතාවලියේදී රොකට්ටුවක වේගයෙන් ජනප්‍රිය වීමෙන් පසුව.


මේ විස්මිත සමාන රූපය නිසා තමා කාන්තාවන්ගේ ආදරය දිනා ගෙන සිටින බවට එංගලන්තයේ ප්‍රෙස්ටන් නගරයේ හෝටලයක රථවාහන ගාල්කරන සේවකයා මහත් ආඩම්බරයෙන් පවසන්නේ ලිට්ල ට ඉතාමත් සමාන තම පෙනුම නිසා තමාගේ බැංකු ගිණුම ද තරවෙමින් තිබෙන බව හෙළි කරමින්. 

 එක සමාන පුද්ගලයන් දෙදෙනෙකු වෙනුවෙන් තිබෙන ඒජන්සියක් සමග අත්සන් කිරීමෙන් පසුව ඇලෙක්ස් සම්නර් ට ඔහු පෞද්ගලිකව පෙනී සිටින වතාවක් පාසා පවුම් සිය ගණනක මුදලක් උපයා ගැනීමේ පොටක් පෑදී තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන සම්නර් මෙසේ කියනවා:

“පහුගිය මාසයේ ලූක් මාධ්‍ය සිරස්තල බවට පත්වූ තැන් පටන් දුසිම් ගණනින් මිනිස්සු මට දුරකථන පණිවුඩ එවමින් මම එයා වගේමයි කියනවා. මමත් පුළුල් දේහයක් තියෙන කෙනෙක් හැරුනු විට වෙනත් වැඩි සමානකමක් මට නම් පේන්නේ නැහැ.”

“දැනට නං මම තනිකඩයෙක්. නමුත් මේ පෙනුම නිසා කාන්තාවන් මං ගැන උනන්දුවක් දක්වනවා. ඊට අමතරව මේකෙන් මට සල්ලි ටිකක් හම්බු කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.”

“මම පාරේ යනකොට මිනිස්සු මම ළඟට ඇවිත් කතා කරනවා. මම කවදාවත් මෙච්චර ජනප්‍රිය වෙලා නැහැ. මේ සියල්ල මට ලැබී තියෙන්නේ ලූක් ට ස්තූතිවන්ත වන්නටයි.”

“මට අවුරුදු 25 යි. ඒ නිසා වයස අතින් මම ලූක් ළඟින්වත් නැහැ. ඒ නිසා එයත් එක්ක මගේ සමානකම තියෙන්නේ පෙනුමෙන් හා ඇඟේ හැඩයෙන් වෙන්න ඇති.”

“මේකෙන් මට සිද්ධ වුනු තවත් හොඳ දෙයක් තමයි ග්‍රීෂ්ම සෘතුවක ශරීරයක් සඳහා මට මහත අඩුකර ගන්න ඕන නැතිවෙන එක. මම මගේ ජිම් එකේ සාමාජිකත්වය අහෝසි කළා.”

“ඩාට්ස් ක්‍රීඩාවේදී මම වැදගැම්මකට නැති කෙනෙක්. ඒ නිසා මම දැන් ඒ ගැන උනන්දු වෙලා ඩාට්ස් විසිකිරීමේ හැකියාව දියුණු කර ගන්නවා.”

“මට පළමු පණිවුඩය ආවේ මගේ යාළුවෙකුගෙන් දෙසැම්බර් මාසයේදී. එයා මට ලූක් ලිට්ලගේ පිංතූරයක් එවමින් , ‘ඔයා ලූක් ලිට්ල’ යනුවෙන් ලියා තිබුනා.”


Channel 4 සහ Netflix හි පෙනී සිට ඇති Lookalikes ඒජන්සිය ඔවුන්ගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ පිටුවේ ලූක්ගේ ඡායාරූපයක් පළ කරමින් ඒ හා සමාන ද්විත්ව කායක් තිබෙන අයට ඉල්ලුම් කරන ලෙසට දැන්වූ විට ඇලෙක්ස් ට ද ඊට අත්සන් කරන ලෙසට මිතුරන්ගෙන් ලැබුනු ඉල්ලීම්වල කෙළවරක් තිබුනේ නැහැ.


“පුද්ගලයන් 50ක් විතර මට ඉදිරිපත් වෙන්න කියලා බල කරන්න ඇති. ඒ නිසා මම ඒකට කැමති වුනා” යැයි ඇලෙක්ස් පවසනවා.

xfgdrt56


එසෙක්ස් ප්‍රාන්තය මූලස්ථානය කොට ගත් ඒජන්සියේ ප්‍රධානියා වන ඇන්ඩි හාම (Andy Harmer) මෙසේ සඳහන් කරනවා: “ඇලෙක්ස් සතුව ලූක්ගේ පෙනුමට සුවිශේෂ සමානකමක් තියෙන නිසා එයාට ප්‍රවර්ධන ඉසව්වලට, අවන්හල්, බීරහල්, සමාජ ශාලා හා සාප්පු විවෘත කිරීම් වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා.”


සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙකුට සමාන පෙනුමක් තිබෙන අයට ආයතනවල සාද වැනි අවස්ථාවන් මෙන්ම රූපවාහිනී හා චිත්‍රපටවල ද පෙනී සිටිමින් පවුම් සිය ගණනින් උපයන්න පුළුවන්. ඔ්නෑම උත්සවයකට හෝ ව්‍යාපාර මෙහෙයුමකට තමා කැමති ප්‍රභූ බලපෑමක සාර්ථක ප්‍රතිඵලයක් ලැබීම තහවුරු කිරීම පිණිස ඒ ප්‍රභූවරයාට හොඳ ට ම සමාන පෙනුම තිබෙන පුද්ගලයන් තම ඒජන්සිය මගින් සපයන බව ඇන්ඩි කියනවා.

එංගලන්තෙ එහෙම වුනාට ලංකාවෙ එහෙම වුනොත් නඩු කෝටියයි!

 

සටහන :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...