The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හාලන්ඩ් වසරේ පාපන්දු ක්‍රීඩකයා වූ ගෝලීය සම්මාන උළෙලේදී මැන්චෙස්ට සිටි කණ්ඩායම ආධිපත්‍ය පතුරුවයි

T

The Leader Desk

January 20, 2024 • 12:20 PM

 හාලන්ඩ් වසරේ පාපන්දු ක්‍රීඩකයා වූ ගෝලීය සම්මාන උළෙලේදී මැන්චෙස්ට සිටි කණ්ඩායම ආධිපත්‍ය පතුරුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෝවේජියානු ජාතික අර්ලිං හාලන්ඩ් 2023 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස තේරුණු ගෝලීය පාපන්දු සම්මාන උළෙලේ - Globe Soccer
  • ගෝලීය පාපන්දුව විසින් 14 වැනි වතාවටත් සංවිධානය කළ මේ සම්මාන උළෙල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුනේ 2023 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ඒජන්තවරුන් හා ක්‍රීඩා ලෝලීන්ට ගෞරව පුද කරමින්.
  • මැන්චෙස්ට සිටි කණ්ඩායමේ ඉතාමත් සාර්ථක 2023 වසර ඩුබායි ගෝලීය පාපන්දු සම්මාන උළෙලේදී ඉහළ ම පිළිගැනීමකට ලක්වූ අතර උළෙලේ තිබුනු ප්‍රධාන සම්මානවලින් හයක් ම දිනා ගත්තේ එම කණ්ඩායම.
  • (UEFA යනු යුරෝපීය පාපන්දු සංගම් ඇතුළත් සම්මේලනය යි).
අකුරු ප්‍රමාණය (Font Size):

Awards - ආධිපත්‍ය පතුරුවා සිටියේ හාලන්ඩ් ක්‍රීඩා කරන එංගලන්තයේ මැන්චෙස්ට සිටි කණ්ඩායමයි.

ගෝලීය පාපන්දුව විසින් 14 වැනි වතාවටත් සංවිධානය කළ මේ සම්මාන උළෙල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුනේ 2023 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ඒජන්තවරුන් හා ක්‍රීඩා ලෝලීන්ට ගෞරව පුද කරමින්.

 

city win.jpgජාත්‍යන්තර පාපන්දු සංවිධානවල සහභාගිත්වයෙන් පැවැති මේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ප්‍රභූවරුන් සහභාගි වුනා.

මැන්චෙස්ට සිටි කණ්ඩායමේ ඉතාමත් සාර්ථක 2023 වසර ඩුබායි ගෝලීය පාපන්දු සම්මාන උළෙලේදී ඉහළ ම පිළිගැනීමකට ලක්වූ අතර උළෙලේ තිබුනු ප්‍රධාන සම්මානවලින් හයක් ම දිනා ගත්තේ එම කණ්ඩායම.

ප්‍රිමිය ලීගය, එෆ්.ඒ.කුසලානය, UEFA චැම්පියන්ස් ලීගය, UEFA සුපර් කුසලානය හා FIFA ලෝක කුසලානය යන ප්‍රධානතම ශූරතා පහ ම දිනා ගෙන සිටින මැන්චෙස්ට සිටි කණ්ඩායම ලොව හොඳම පාපන්දු ක්‍රීඩා සමාජයට හිමි සම්මානය 10 දෙනෙකුගෙන් සමන්විත කෙටි ලැයිස්තුවකින් ජයග්‍රහණය කළේ බාසිලෝනා (එංගලන්තය), ඉන්ට මිලාන් (ඉතාලිය) හා UEFA යුරෝපීය ලීග් ජයග්‍රාහකයින් වන සවීආ (ස්පාඤ්ඤය) වැනි සුපිරි කණ්ඩායම් පරදවමින්. (UEFA යනු යුරෝපීය පාපන්දු සංගම් ඇතුළත් සම්මේලනය යි).

අර්ලිං හාලන්ඩ් හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මාන දිනා ගත්තේ ක්‍රීඩකයන් 30 දෙනෙකු අතරින්. 2022 සම්මානය හිමිකර ගත් ප්‍රංශයේ කරිම් බෙන්සිමා, 2021 සම්මානලාභී ප්‍රංශයේ කිලියන් එම්බප්පෙ, ආජන්ටිනාවේ ලිඔනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ මෙන්ම ඔහුගේ මැන්චෙස්ට සිටි සගයන් වන බෙල්ජියමේ කෙවින් ඩි බ්‍රෝන් (Kevin De Bruyne) හා පෘතුගාලයේ බෙර්නාර්දෝ සිල්වා (Bernardo Silva) යන ක්‍රීඩකයන් මේ තිස් දෙනාට ඇතුළත්ව සිටියා.
pep guardiola 1705747311406 original
හොඳම පුහුණුකරු අංශයේ ජයග්‍රාහකයා වූයේ ස්පාඤ්ඤයේ පෙප් වරවියෝලා (Pep Guardiola). ඔහු මෙහිදී අභිබවා ගියේ ඉතාලියේ සමෝන් ඉන්සාගී (Simone Inzaghi) හා ලුචානෝ ස්පල්ලෙට්ටි (Luciano Spalletti) වැනි පුහුණුකරුවන්ව. වරවියෝලා මීට කළින් 2020 ඩුබායි ගෝලීය පාපන්දු සම්මාන ප්‍රදානෝත්සවයේදී 2001-2020 ශතකයේ පුහුණුකරු ලෙස සම්මානය දිනා ගත්තා.

වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජවල හොඳම සභාපති සම්මානය වෙනුවෙන් නම් කර තිබුනු අට දෙනෙක් අතරින් ජයග්‍රාහකයා වුනේ ‘මැන්චෙස්ට සිටි’ හි Khaldoon Al Mubarak.

gettyimages 1498398117.jpg
ස්පාඤ්ඤයේ රොඩ්රිගෝ 2023 පාපන්දු තරග බිමේ දක්ෂතම මැද පෙල ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබුවේ එම අංශයේ අවසාන හය දෙනා වූ Kevin De Bruyne, Bernardo Silva, Jude Bellingham (එංගලන්තය), Luka Modric (ක්‍රොඒෂියාව) සහ Pedri (ස්පාඤ්ඤය) අතරින්.

බ්‍රසීලයේ සුපිරි ගෝල්රකින්නා වන එඩසන් (Ederson) 2023 වසරේ දක්ෂතම ගෝල්රකින්නා ලෙස පිළිගනු ලැබුවේ බෙල්ජියමේ Thibault Courtois, මොරොක්කෝවේ Yassine Bounou හා කැමරූන් හි Andre Onana ඇතුළු හය දෙනෙකුගෙන්.

මේ සම්මාන වෙනුවෙන් කෙටි ලැයිස්තුගත කළ යුත්තේ කවුරුන්ද යනුවෙන් තීරණය කිරීමේ ක්‍රීඩා ලෝලීන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා පසුගිය දෙසැම්බරයේදී
ගෝලීය පාපන්දු වෙබ් අඩවිය හරහා අවස්ථාව ලබා දී තිබුනා. ඉන්පසු ඒ නම්වලට ක්‍රීඩා ලෝලීන් මෙන්ම ප්‍රධාන පෙළේ පාපන්දු ආයතනවල පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසකගෙන් සමන්විත වූ ගෝලීය පාපන්දුවේ නිළ ජූරිය ද ඡන්දය ප්‍රකාශ කළා.
114100881 a5f3916b 0aeb 4c45 b8b6 c6432bf0b1db
Globe Soccer Awards ජයග්‍රාහකයින්:

*හොඳම ක්‍රීඩකයා - අර්ලිං හාලන්ඩ් (මැන්චෙස්ට සිටි)
*හොඳම තරුණ ක්‍රීඩකයා - එඩර්සන් (මැන්චෙස්ට සිටි)
*හොඳම මැද පෙල ක්‍රීඩකයා - රොඩ්රිගෝ (මැන්චෙස්ට සිටි)
*හොඳම ක්‍රීඩා සමාජය - (මැන්චෙස්ට සිටි)
*මැද පෙරදිග හොඳම ක්‍රීඩකයා - ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ(අල්-නසර්)
*වසරේ වැඩිම ගෝල්ලාභියා - ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ (අල්-නසර්)
*හොඳම පුහුණුකරු - පෙප් වරවියෝලා (මැන්චෙස්ට සිටි)
*හොඳම ඒජන්ත - හොර්හේ මෙන්ඩස් (පෘතුගාලය)
*ක්‍රීඩා ලෝලීන්ගේ ජනප්‍රියතම ක්‍රීඩකයා - ක්‍රිස්ටිආනෝරොනාල්ඩෝ

warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...