The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බහරේන් මාස්ටර්ස් කුසලානය දිනා ගනිමින් ලිට්ල වෘත්තීය ඩාට්ස් ක්‍රීඩා දිවිය අරඹයි

T

The Leader Desk

January 20, 2024 • 1:59 PM

බහරේන් මාස්ටර්ස් කුසලානය දිනා ගනිමින් ලිට්ල වෘත්තීය ඩාට්ස් ක්‍රීඩා දිවිය අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලූක් ලිට්ල පුදුම කොල්ලාගේ සුරංගනා කතාව තවදුරටත් ලියවෙමින් තිබෙනවා.
  • මේ විශිෂ්ට ජයග්‍රහණය ලිට්ල කළින් ම ලබා ගත් උපන්දින තෑග්ගක් බවට පත්වුනා.
  • ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලොකු නාමයක් බවට වේගයෙන් පත්වීගෙන යන ලූක් ලිට්ල ඔහුගේ මේ ප්‍රථම වෘත්තීය ඩාට්ස් කිරුළ මැද පෙරදිග දී ජයග්‍රහණය කළේ තමන් ඉදිරියේ සිටි සියළු තරගකරුවන් අතුගා දමමින්.
  • මේ තරගාවලියේදී ඔහු රූපවාහිනියෙන් විකාශනය කෙරුනු NINE-DARTER හපන්කමක් පෑ ලොව ළාබාලතම ඩාට්ස් ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


හෙට 17 වැනි වියට පා තබන මේ එංගලන්ත ඩාට්ස් ශූරයා වෘත්තීය ඩාට්ස් ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ දිවිය ආරම්භ කළේ තෙවතාවක් ලෝක ශූරයා වූ නෙදර්ලන්තයේ මයිකල් වැන් ගර්වෙන් (Michael Van Gerwen) ඊයේ පරදවා බහරේන් ඩාට්ස් මාස්ටර්ස් ශූරතාව දිනා ගනිමින්. මේ විශිෂ්ට ජයග්‍රහණය ලිට්ල කළින් ම ලබා ගත් උපන්දින තෑග්ගක් බවට පත්වුනා.

xcvbdyr
පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක ඩාට්ස් තරගාවලියේදී අනුශූරයා වීමෙන් පසුව ලිට්ල ඔහුගේ මේ පළමු ජ්‍යෙෂ්ඨ ශූරතාව ඊයේ දිනා ගත්තේ මංගල වතාවට ලෝක ඩාට්ස් තරග චාරිකාවේ - World Series of Darts circuit - පෙනී සිටිමින්. ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලොකු නාමයක් බවට වේගයෙන් පත්වීගෙන යන ලූක් ලිට්ල ඔහුගේ මේ ප්‍රථම වෘත්තීය ඩාට්ස් කිරුළ මැද පෙරදිග දී ජයග්‍රහණය කළේ තමන් ඉදිරියේ සිටි සියළු තරගකරුවන් අතුගා දමමින්.


මේ තරගාවලියේදී ඔහු රූපවාහිනියෙන් විකාශනය කෙරුනු NINE-DARTER හපන්කමක් පෑ ලොව ළාබාලතම ඩාට්ස් ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයක්. ඔහු මේ සුවිශේෂී දක්ෂතාව ප්‍රදර්ශනය කළේ එංගලන්තයේ ම Nathan Aspinall 6-3කින් පරාජය කළ අර්ධ අවසන් පූර්ව තරගයේදී.

අවසන් පූර්ව තරගයේදී ලොව අංක 5 ට ශ්‍රේණිගතව සිටින වේල්සයේ Gerwyn Price 7-3කින් පැරද වූ ලිට්ලගේ ආශ්චර්යමත් දක්ෂතාව හමුවේ පිළිතුරක් නොතිබුනු වැන් ගර්වෙන් අවසාන තරගයේදී 8-5ක පරාජයක් ලැබුවා.

මෙය පරම්පරා දෙක ක හැකියාවන් අතර වීරභාවයෙන් යුක්ත ප්‍රතිවාදිත්වයක ආරම්භයක් වීමට ඉඩ තිබෙනවා.

xcfgdrty56

ඩාට්ස් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන මයිකල් වැන් ගර්වෙන් පරාජය කිරීමෙන් පසුව ලූක් ලිට්ල මෙසේ කියා සිටියා:

“මම මොකක්ද මේ කරගෙන තියෙන්නේ... ඔබ මට කියන්න. මම දන්නේ නැහැ. මට තියෙන්නේ දිනපු එක ගැන සතුට විතරයි.”

“බොහෝ විට කිසිම කෙනෙක් මාව විශ්වාස කරන්නෙ නැතිවෙයි. නමුත් මම ලෝක ශූරතාවලියේ අවසාන තරගයෙන් පස්සෙ එක ම ඩාට් එකක්වත් විසිකරලා නැහැ. පසුගිය බ්‍රහස්පතින්දා තමයි මම නියම විදියට පළමු වතාවට පුහුණුවක යෙදුනේ.”

“ඒකෙ ප්‍රතිඵල ලැබී තියෙනවා. දිනුව එක ගැන මට සතුටුයි. මයිකල් තවමත් ඩාට්ස් ක්‍රීඩාවේ ඉන්න හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඒ අයගෙනුත් ඔහු තමයි වැඩියෙන්ම දක්ෂයා. මම සතුටු වෙන්නේ මගේ මංගල වෘත්තීය තරගයෙන් ජය ගන්න පුළුවන් වුන එක ගැන විතරයි.”

ගෙවුනු සතිය විශ්වාස කළ නොහැකි එකක් බව ද ලූක් ලිට්ල ප්‍රකාශ කළා: “ප්‍රිමිය ලීගයේ අපි අට දෙනෙකුයි ආසියාවෙන් සුදුසුකම් ලැබූ අට දෙනෙකුයි...මේ තරගකරුවන් සියළු දෙනාම ඉතාම විශිෂ්ට මට්ටමේ ක්‍රීඩකයෝ. නමුත් ඒ අය අතරිනුත් ජයග්‍රාහකයා වීමට ලැබීම ගැන මට හරිම සතුටුයි.”

“ඇත්තටම මම මේ අවුරුද්දට විශේෂ ඉලක්ක කිසිවක් තීරණය කරලා නැහැ. මේ සතියේ මේ කුසලානය දිනා ගන්න මගේ බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. නමුත් බහරේන්වලට ඇවිත් විශිෂ්ට පුද්ගලයන් හා මට සහයෝගය දුන්න සෙනඟක් එක්ක ඉන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

“මේ අවුරුද්දේ මට කිසිම ඉලක්කයක් නැහැ. මගේ ඩාට්ස් කරන්නේ‌ මොනවද කියලා අපි බලා ඉඳිමු.”

ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඩාට්ස් ක්‍රීඩාවේදී nine-darter දක්ෂතාවක් දැක්වූ ළාබලතම පුද්ගලයා වශයෙන් වැන් ගර්වෙන්ගේ වාර්තාව ලූක් ලිට්ල දැන් පසුකර ගොසින්. දොළොස් වසරක World Series of Darts ඉතිහාසය තුළ මේ විශිෂ්ට හපන්කම කර තිබෙන්නේ ලිට්ල හා ඉංග්‍රීසි ජාතික Phil Taylor (2015 වසරේ සිඩ්නිහිදී) පමණයි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...