The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන උරුමයක් ඇති එංගලන්ත ක්‍රීඩකයා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

January 24, 2024 • 12:15 PM

පාකිස්තාන උරුමයක් ඇති එංගලන්ත ක්‍රීඩකයා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂොඑබ් බෂීර්ගේ වෘත්තාන්තය අනපේක්ෂිත දඟ කැවීමකට ලක්වූයේ වීසා පටලැවිල්ලක් හේතුවෙන් ඔහුව ඊයේ රාත්‍රියේ අබුඩාබියේ සිට නැවත ලන්ඩනය ට ආපසු හරවා යැවුනු නිසා.
  • මේ හේතුවෙන් 20 හැවිරිදි දඟ පන්දු යවන්නාට හෙට ඇරඹෙන එංගලන්ත - ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි වනවා.
  • එංගලන්තයේ සරේ හි උපත ලබා බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් ද සතුව සිටින බෂීර් තමන්ගෙ වීසාව සඳහා කළින් ම පසුගිය මාසයේදී ඉල්ලුම් කර තිබුනත් ඉන්දියා බළධාරීන් බෂීර් ට රට ට ඇතුළු වීමට අවසර නොදුන්නේ ඔහුගේ පාකිස්තාන උරුමය නිසා.
  • මීට පෙර, ඔහු එම  කාර්යාලය සමග නියම කරගෙන තිබූ හමුවීමක් කිසිම හේතුවක් ප්‍රකාශ නොකර අහෝසි කරන ලද අතර තවත් හමුවකදී ඉන්දියා බළධාරීන් විසින් ඔහුට දන්වා තිබුනේ වීසා බලපත්‍රය වෙනුවෙන් නැවත අයදුම් කරන ලෙසට.
අකුරු ප්‍රමාණය (Font Size):

ෂොඑබ් බෂීර් (Shoaib Bashir) ට මේ මතභේදයට ලක්වීමට සිදුවුනේ ඔහුට බ්‍රිතාන්‍ය පාකිස්තානුවෙකු ලෙස රටට ඇතුළු වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බැවින්.

මේ හේතුවෙන් 20 හැවිරිදි දඟ පන්දු යවන්නාට හෙට ඇරඹෙන එංගලන්ත - ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සහභාගි වීමට නොහැකි වනවා.

එංගලන්තයේ සරේ හි උපත ලබා බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් ද සතුව සිටින බෂීර් තමන්ගෙ වීසාව සඳහා කළින් ම පසුගිය මාසයේදී ඉල්ලුම් කර තිබුනත් ඉන්දියා බළධාරීන් බෂීර් ට රට ට ඇතුළු වීමට අවසර නොදුන්නේ ඔහුගේ පාකිස්තාන උරුමය නිසා.

s e2
මේ අනුව එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සුන්වීම මධ්‍යයේ බෂිර් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමෙන් පසුව ඊයේ රාත්‍රියේ නැවත එංගලන්තය ට ගොඩබැස්සා. 

මේ වන විට අනුමැතිය ලැබී තිබෙන වීසාව සිය විදෙස් ගමන් බලපත්‍රයේ මුද්‍රා තබා ගැනීම පිණිස ඔහු අද ලන්ඩනයේ තිබෙන ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයට යාමට නියමිතව තිබුනා. 

මෙය බෂීර් මාසයක් ඇතුළත එම කාර්යාලයට යන සිවුවැනි වතාව. මීට පෙර, ඔහු එම  කාර්යාලය සමග නියම කරගෙන තිබූ හමුවීමක් කිසිම හේතුවක් ප්‍රකාශ නොකර අහෝසි කරන ලද අතර තවත් හමුවකදී ඉන්දියා බළධාරීන් විසින් ඔහුට දන්වා තිබුනේ වීසා බලපත්‍රය වෙනුවෙන් නැවත අයදුම් කරන ලෙසට.

ඉන්දියාව ට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා වන ක්‍රීඩකයන් 16 දෙනාගෙන් යුත් තම සංචිතයෙන් එක් ක්‍රීඩකයෙකු ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) කෝපයට පත්ව සිටියා. 

 132363110 bbcsportබෙන් ස්ටෝක්ස්

“මේක මහ කලකිරීමක්. අපි අපේ සංචිතය නම් කළේ දෙසැම්බර් මැද. නමුත් දැන් තමයි ‘බෂ්’ දැනගත්තේ එයාට වීසා නැති බව” යනුවෙන් ස්ටෝක්ස් කියා සිටියා.

“එයාට සිද්ධ වුන මේ දේ ගැන මම ඉන්නේ හරි ම කළකිරීමකින්. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සිටින එයාගෙ පළමු අත්දැකීම මේ ආකාරයෙන් සිදුවනවා දකින්න මට ඕන වුනේ නැහැ. මම එයා ගැන තදින් කම්පා වෙනවා.”

ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ වැඩකටයුතු ගැටළුවක් නැතිව සිදුවුනත් බෂීර් ට නැවත ඉන්දියාව ට පැමිණීමට හැකි ආසන්න ම අවස්ථාව වන්නේ හෙට උදෑසන බැවින් ඔහුට පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගි වීමට හැකිවන්නේ නැහැ. 

TELEMMGLPICT000359658039 17059162296610 trans NvBQzQNjv4Bqjx7wecz9q7XcNhUNkeIVTIRpY9RWiMVJlvI0 ioJ5vE
කෙසේ නමුත් බෂීර්ගේ වීසා ප්‍රශ්නය සතිඅන්තයේ නිරාකරණය වී දෙවැනි ටෙස්ට් තරගය ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය කර ගැනීම පිණිස මේ දඟ පන්දු යවන්නා ඉන්දියාවේ සිටිනු ඇතැයි එංගලන්තය අපේක්ෂා කරනවා.

සමසෙට් කණ්ඩායම වෙනුවෙන් තරග හයකට ක්‍රීඩා කර පළමු පෙළ කඩුලු 10ක් පමණක් ලබා ගෙන සිටින ෂොඑබ් බෂීර් එංගලන්ත තේරීම් නිළධාරි කමිටුවේ අභිමතයට ඇතුළු කළ ක්‍රීඩකයෙක්.

ඔහු පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සිදුනොවීමට බොහෝ දුරට ඉඩ තිබුනත් ස්ටෝක්ස් පැහැදිළිව කියා තිබුනේ බෂීර් කණ්ඩායමට නම් නොකිරීමට තීරණය කිරීමට පෙර තමාට එම තරගය පැවැත්වෙන රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතීරුව හොඳින් පරීක්ෂා කිරීමට අවශ්‍යව තිබූ බව.

“අපි මෙහෙට ආවේ පළමු ටෙස්ට් තරගය සඳහා වන කණ්ඩායමේ සංයුතිය පිළිබඳව කළින් ඇතිකර ගත් අදහස් හිතේ තබාගෙන නෙවෙයි” එංගලන්ත නායකයා කියා සිටියා. 

rajiv gandhi stadium
“ඉන්දියාවේ සිටින විට එහි තණතීරු ක්‍රීඩා කරනු ඇත්තේ කොයි විදියටද කියලා ඉතා හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි.”

බෂීර්ගේ වීසා සිද්ධිය නින්දා සහගත ක්‍රියාවක් ලෙසින් හංවඩු ගසමින් එංගලන්ත පාර්ලිමේන්තුවේ ක්‍රිකට් සඳහා වන සමස්ත පක්ෂ කණ්ඩායමේ උප සභාපති ටොම් හන්ට් (Tom Hunt) මෙසේ ප්‍රකාශ කළා.

“ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින වඩාත්ම ප්‍රබෝධමත් දඟ පන්දු යවන්නා අද ගුවන් තොටුපළේ කාලය කනවා.”

ඉන්දියාව ට ඇතුළු වන පාකිස්තාන පසුබිමක් තිබෙන වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන් ද හිරිහැරවලට ලක්වීම අතීතයේදීත් සිදුව තිබෙනවා.

සටහන :

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...