The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතාලියේ වැඩිම ගෝල්ලාභියා මිය යයි

T

The Leader Desk

January 24, 2024 • 4:19 PM

ඉතාලියේ වැඩිම ගෝල්ලාභියා මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායමේ එදා මෙදා තුර බිහිවූ වැඩිම ගොල්ලාභියා වූ
  • හදවත් ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි මේ අතිවිශිෂ්ට ඉතාලි පාපන්දු ක්‍රීඩකයා මිය යන විට 79 වැනි වියේ පසුවුනා.
  • ගෝල් දැල වෙත පන්දුව එල්ල කිරීමේ දක්ෂතාව හා ශක්තිය නිසා Roar of Thunder ලෙසින් හඳුන්වනු ලැබූ වීව 1973 වසරේ සිට මේ දක්වා එරට ජාතික පාපන්දු කණ්ඩායමේ වැඩිම ගෝල්ලාභියා ලෙස ඉතිහාසගතව සිටිනවා.
  • ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 42කදී ඔහු ගෝල් 35ක් වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලුයීජී ‘ජීජී’ වීව (Luigi ‘Gigi’ Riva) මිය ගියා.

හදවත් ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි මේ අතිවිශිෂ්ට ඉතාලි පාපන්දු ක්‍රීඩකයා මිය යන විට 79 වැනි වියේ පසුවුනා.

xfgdt44
ගෝල් දැල වෙත පන්දුව එල්ල කිරීමේ දක්ෂතාව හා ශක්තිය නිසා Roar of Thunder ලෙසින් හඳුන්වනු ලැබූ වීව 1973 වසරේ සිට මේ දක්වා එරට ජාතික පාපන්දු කණ්ඩායමේ වැඩිම ගෝල්ලාභියා ලෙස ඉතිහාසගතව සිටිනවා.

ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 42කදී ඔහු ගෝල් 35ක් වාර්තා කර තිබෙනවා.



ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ නිවේදනයක් මගින් කියා සිටියේ වීව සදාකාලික ශූරයෙක් බව. “අද සිට පාපන්දුවේ ඉතිහාසය එහි හොඳම කොටස්වලින් එකක් නැති ප්‍රහේලිකාවක් බවට පත්වනවා. සුභ ගමන්, ආදරණීය ජීජී” යනුවෙන් ඉන්ෆන්ටීනෝ නිවේදනයේ සඳහන් කර තිබුනා.


dfsdf3w3
වයස අවුරුදු 20දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ වීව ඉතාලිය ප්‍රථම වතාවට යුරෝපීය ශූරතාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමාජිකයෙක් වුනා. එම තරගාවලියේ යුගෝස්ලාවියාව ට එරෙහිව ඉතාලිය ගෝල් 2-0කින් ජය ගත් අවසාන තරගයේදී ගෝල් ලබා ගැනීම ආරම්භ කළේ වීව.

ඊට දෙවසරකට පසුව 1970 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී විශිෂ්ට ක්‍රීඩාවක නියැලුනු ඔහු අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරක මෙක්සිකෝව ට එරෙහිව දෙවතාවක් ගෝල් වාර්තා කිරීමෙන් පසුව බටහිර ජර්මනිය ට එරෙහිව පැවති ‘ශතකයේ තරගය’ ලෙසින් විරුදාවළිය ලත් අවසන් පූර්ව තරගයේදී ද ගෝලයක් ලබා ගැනීමට සමත් වුනා. ඉතාලිය ගෝල් 4-3කින් එම තරගය ජය ගත්තා.

මේ තරගයේ වාර්තා වුනු ගෝල් හතෙන් පහක් ම ලබා ගැනුනේ තරගයේ අතිරේක කාලයේදී. ඉතාලිය අවසාන තරගයට පිවිසියද පෙලේ පුරාවෘත්තය හා බ්‍රසීලය හමුවේ ගෝල් 4-1ක පරාජයක් ලැබුවා.

ftryr
“ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු ඉතිහාසයේ විශිෂ්ටතම ඉතාලි ආක්‍රමණික ක්‍රීඩකයා හා ලෝකයේ සිටි එක් හොඳම ක්‍රීඩකයෙක්” යනුවෙන් හිටපු ඉතාලි පාපන්දු පුහුණුකරු Arrigo Sacchi පවසනවා.

“මම ඔහුත් සමග ජාතික කණ්ඩායමේ වැඩ කරද්දී, මට පාපන්දු ක්‍රීඩකයෙකුට වඩා ශ්‍රේෂ්ඨ අසාමාන්‍ය පුද්ගලයෙක් මුණගැසුනා. ඔහු පාපන්දු ක්‍රීඩාවට ඔහුගේ මුළු ජීවිතය ම ලබා දුන්නා. අපි සියළු දෙනා ම ඔහුට කෘතඥ විය යුතුයි.”


ක්‍රීඩා සමාජ තලයේදී වීව ක්‍රීඩා කළේ Sardinia නමැති ඉතාලි දූපත මූලස්ථානය කරගෙන සිටින Cagliari කණ්ඩායමට. ඔහු මේ කණ්ඩායමට වයස අවුරුදු 19දී බැඳුනේ සිය මංගල වෘත්තීය ක්‍රීඩා සමාජ තරගය Legnano-Ivrea නමැති Serie C කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව.

dfgrt4
Cagliari කණ්ඩායම වෙනුවෙන් තරග 378කට සහභාගි වෙමින් ගෝල් 208ක් ලබා ගත් වීව ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමට කැඳවීමක් ලද ඉතාලි පාපන්දු ක්‍රීඩා සමාජ ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා යි.

ආබාධ හේතුවෙන් මේ සුවිශේෂ ක්‍රීඩකයා 1976 වසරේදී ක්‍රීඩා දිවියෙන් සමුගත්තා. 

 සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...