The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ නැවතී සිටින හෝටලයට චීන ආක්‍රමණයක්

T

The Leader Desk

January 25, 2024 • 11:13 AM

රොනාල්ඩෝ නැවතී සිටින හෝටලයට චීන ආක්‍රමණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඇතුළු අල්-නසර් පාපන්දු කණ්ඩායම නැවතී සිටින Shenzhen නගරයේ හෝටලයට චීන ක්‍රීඩා ලෝලීන් කඩාවැදී තිබෙනවා.
  • අවුරුදු 22ක් පාපන්දු ක්‍රීඩා කර තියෙන මම එතරම් ආබාධ නැති ක්‍රීඩකයෙක්” යනුවෙන් රොනාල්ඩෝ පැවසුවා.
  • “ඒ නිසා මම ඇත්ත ට ම කණගාටු වෙනවා.
  • මම 2003/2004 ඉඳන් ම චීනය ට එමින් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට හේතු වී තිබෙන්නේ තමා ආබාධයකට ලක්වීම නිසා අල්-නසර් කණ්ඩායමට ඔවුන්ගේ චීන සංචාරය පසුවට කල්දැමීමට සිදුවීම ගැන රොනාල්ඩෝ සමාව ඉල්ලා සිටීම. 

මෙයින් කෝපයට පත් චීන ක්‍රීඩා ලෝලීන් රොනාල්ඩෝගේ කණ්ඩායම නතරව සිටින හෝටලය ඇතුළට කඩාවැදී තිබෙන්නේ ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කිරීමට.

සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ කණ්ඩායමක් වන අල්-නසර් Shenzhen නගරයේ පුහුණු වෙමින් සිටියේ ඊයේ Shanghai Shenua පිල සමගත්, ඉරිදා Zhejiang කණ්ඩායම සමගත් පැවැත්වීමට නියමිත මිත්‍ර තරග වෙනුවෙන්.

මේ සංචාරයේ වැඩිම ආකර්ෂණය තිබෙන්නේ රොනාල්ඩෝ ට වීම පුදුමයක් නෙවෙයි. මෙතෙක් බිහිවූ එක් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ජීවමානව ළඟින් ම දැක බලා ගැනීමට කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව එළඹෙන තුරු චීන ක්‍රීඩා ලෝලීන් පුල පුලා බලා සිටියේ මහත් ආශාවෙන්.

කෙසේ වෙතත්, රොනාල්ඩෝ මාංසපේශී ආබාධයකට ලක්ව සිටින්නේ මේ තරගවලින් ඔහුව ඉවත් කරමින් හා අල්-නසර් කණ්ඩායමට ඔවුන්ගේ චීන සංචාරය කල්දැමීමට වැඩ සිද්ධ වෙමින්.


කෙසේ වෙතත්, තමන්ගේ වීරයා දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි චීන ක්‍රීඩා ලෝලීන් මේ පුවත හොඳින් බාර නොගත් බවක් සමාජ මාධ්‍යවල පළකෙරුනු වීඩියෝවලින් දිස්වෙනවා. 

තරගවලට සහභාගි වීමේ රොනාල්ඩෝගේ නොහැකියාවෙන් කනස්සල්ලට පත් චීන පාපන්දු ලෝලීන් විශාල පිරිසක් ඒ බව ප්‍රකාශ කිරීම පිණිස අල්-නසර් ක්‍රීඩකයන් නතර වී සිටි හෝටල් ගොඩනැගිල්ලට කඩා වැදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

7890202 23192324 tifosi ronaldo buona
හෝටලයට පිටින් සිට රොනාල්ඩෝගේ නම කෑගසන ක්‍රීඩා ලෝලීන් තවත් වීඩියෝවකින් දර්ශනය වෙනවා.

සංචාරය අහෝසි කිරීමට සිදුවූ තම ආබාධය සම්බන්ධයෙන් රොනාල්ඩෝ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.

“ඔබ දන්නා පරිදි, පාපන්දු ක්‍රීඩාවේදී ඔබට පාලනය කළ නොහැකි සමහර දේවල් තියෙනවා. අවුරුදු 22ක් පාපන්දු ක්‍රීඩා කර තියෙන මම එතරම් ආබාධ නැති ක්‍රීඩකයෙක්” යනුවෙන් රොනාල්ඩෝ පැවසුවා.

“ඒ නිසා මම ඇත්ත ට ම කණගාටු වෙනවා. මොකද, මමත් අල්-නසර් කණ්ඩායමත් චීනය ට ආවේ මේ සංචාරයෙන් විනෝදයක් ලබන්න. මම 2003/2004 ඉඳන් ම චීනය ට එමින් සිටිනවා. ඒ නිසා මට මෙහෙ දැනෙන්නේ ගෙදර වගෙයි. මෙය මගේ දෙවැනි ගෙදර යි.”

“මෙහෙදි මම නිතර ම විශේෂ කෙනෙක් විදියට මට දැනෙනවා. මට හරි දුකයි. විශේෂයෙන් රොනාල්ඩෝ ට ආදරය කරන අය ඇතුළු ඔබ සියළු දෙනාටත් දුකයි කියා මම දන්නවා. නමුත් අපි මේ දෙස හොඳ ආකල්පයකින් බැලිය යුතුයි. අපි මේ තරග අවලංගු කර නැහැ. අපට ඕන තරගය කොහොම හරි ක්‍රීඩා කරන්න නැවත චීනය ට එන්න යි. අපි ආපහු එනවා.”

“අවාසනාවකට, මට ප්‍රශ්න වගයක් තියෙනවා. නමුත් මේක පාපන්දුවේ හා මගේ ජීවිතයේ කොටසක්. මම ඉන්නේ මෙහේ. මම ඉන්නේ ක්‍රීඩා ලෝලීන් එක්ක. මම ඉන්නේ චීන මිනිස්සුත් එක්ක. අපි නැවත මෙහෙ එනවා. හෝටලෙන් එළියෙ රැස්වෙලා සිටින, අපිත් එක්ක ඉන්න මිනිස්සුන්ව අපට පේනවා.”

a dfgd34
“අපට දුකක් දැනෙන්නේ මෙවැනි දෙයක් වෙයි කියලා අපි දැන සිටිය නිසා. චීන මිනිස්සු සතුටු කරන්න අපි ආපසු එනවා. ඒක තමයි මගේ ඉලක්කය. ඔබ වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි මට ඕන. මට දුක නිසා ඔබත් දුක් වෙන්න එපා. පාපන්දු ක්‍රීඩකයෙකුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් ගැන ඔබ තේරුම් ගනීවි කියා මම අපේක්ෂා කරනවා.”

තරග කල්තැබීමට සිදුවීම තම පාලනයෙන් ඔබ්බට ගිය දෙයක් බව ප්‍රකාශ කළ අල්-නසර් කණ්ඩායම රොනාල්ඩෝ සුවය ලැබීමෙන් පසුව තරගයක් සඳහා නැවත චීනය ට පැමිණීමට පෙර දැන් ඔවුන් Shenzhen නගරයේ පවත්වා ගෙන යන පුහුණු කඳවුර සම්පූර්ණ කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසුවා.

සිය පැරණි ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසී ට එරෙහිව ඔහුගේ ‘ඉන්ට මයාමි’ කණ්ඩායම සමග තරග කිරීමේ අවස්ථාව උදාවන පෙබරවාරි 1 වැනිදා ට නියමිත තවත් මුදල් උපයන මිත්‍ර තරගයක් සඳහා ක්‍රීඩා කිරීම පිණිස රොනාල්ඩෝ කල්තියා සුවය ලබනු ඇතැයි අල්-නසර් කණ්ඩායම බලාපොරොත්තු සහගතව සිටිනවා.

සටහන :
ජාතික හොකී ශූරතාවලිය ජන.25 සිට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...