The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වසර හයක් ඇතුළත පළමු වතාවට ජොකවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පරාජයක්

T

The Leader Desk

January 27, 2024 • 10:19 AM

වසර හයක් ඇතුළත පළමු වතාවට ජොකවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පරාජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින 2,195ක් ඇතුළත ප්‍රථම වතාවට සර්බියාවේ නෝවැක් ජොකවිච් (Novak Djokovic) ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී ඉතාලියේ
  • ලොව අංක 4 ට ශ්‍රේණිගතව සිටින සිනෙර් වෙතින් 6-1, 6-2, 6-7 (6-8) 6-3 කින් පැරදුනු ලෝක අංක 1 ක්‍රීඩක ජොකොවිච් මේ තරගාවලියේ 10 වතාවක් ම ශූරයා බවට පත්ව සිටියා.
  • 27 හැවිරිදි මිඩ්වියඩෙෆ් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ අංක 3 ස්ථානයේ.
  • මේ අනුව මෙල්බර්න් පාක් තරග බිම ජොකවිච්, රොජ ෆෙඩර හෝ රෆා නඩාල් නැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් අවසාන මහා තරගයක් දකින්නේ 2005 වසරෙන් පසුව ප්‍රථම වතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):

22 හැවිරිදි යැනික් සිනෙර් (Jannik Sinner) ට පරාජය වුනේ 25 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අහිමි කර ගනිමින්.

ලොව අංක 4 ට ශ්‍රේණිගතව සිටින සිනෙර් වෙතින් 6-1, 6-2, 6-7 (6-8) 6-3 කින් පැරදුනු ලෝක අංක 1 ක්‍රීඩක ජොකොවිච් මේ තරගාවලියේ 10 වතාවක් ම ශූරයා බවට පත්ව සිටියා. සිනෙර් දැන් මෙවර තරගාවලියේ අවසාන තරගයට ඉරිදා මුහුණ දෙන්නේ ජොකවිච් සමග නොව රුසියාවේ ඩැනියල් මිඩ්වියඩෙෆ් (Daniil Medvedev) ට එරෙහිව. 27 හැවිරිදි මිඩ්වියඩෙෆ් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ පසුවන්නේ අංක 3 ස්ථානයේ.

මේ අනුව මෙල්බර්න් පාක් තරග බිම ජොකවිච්, රොජ ෆෙඩර හෝ රෆා නඩාල් නැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් අවසාන මහා තරගයක් දකින්නේ 2005 වසරෙන් පසුව ප්‍රථම වතාවට.

20 වැනි වියේ පසුවෙමින් සිටියදී ජොකවිච් 2008 වසරේදී මේ තරගාවලියේ අවසන් තරගයට පිවිසීමෙන් පසුව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසාන තරගයකට පිවිසුනු ළාබාලතම තරගකරුවා වන්නේ යැනික් සිනෙර්.

4198151 80810415

දැන් 36 හැවිරිදි ජොකවිච් සිකුරාදා මේ පරාජය ලබන තෙක් තමන්ගේ පසුගිය තරග 33 ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

සිනෙර් ලබා ගත් මේ ජයග්‍රහණය සමග ඔහු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගත් ඉතිහාසයේ පළමු ඉතාලි ජාතිකයා බවට පත්වුනා.

යැනික් සිනෙර් ට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී ජොකවිච් උත්තර නැති තරගකරුවෙක් බවට පත්වුනා. ඉතාලි ජාතිකයාගේ මේ ජයග්‍රහණය ලෝක ටෙනිස් ක්‍රීඩාවේ ඉහළ ම තලය මුරකරන්නන්ගේ වෙනසක නියෝජනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ජොකවිච් අත්වින්දේ නොසිතූ පරාජයක්. “සිනෙර් සම්පූර්ණයෙන් ම මාව අභිබවා ගියා. ඔහු ක්‍රීඩා කළේ වැරදිවලින් තොර තරගයක්. මෙය තමයි මම මෙතෙක් ක්‍රීඩා කළ නරක ම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගවලින් එකක්” යනුවෙන් ජොකවිච් තරගයෙන් පසුව කියා සිටියා.

tenis 3

“එය තෘප්තිමත් හැඟීමක් නෙවෙයි. මට වඩා හොඳින් හැමදෙයක් ම කිරීම ගැන ඔහුට ප්‍රශංසාව හිමිවෙනවා. මම උත්සාහ කළා. මම සටන් කළා. ඇත්තම කියනවා නම්, මේ මුළු තරගාවලිය පුරා ම මම ක්‍රීඩා කළේ මගේ හදවතින් ම හොඳම ක්‍රීඩාව නෙවෙයි.”

“මගේ ජයග්‍රහණ පෝලිම කවදා හරි ඉවර වෙන්න නියමිතව තිබුනා. අඩුම තරමේ තව එක පාරක් නැවත ඇවිත් ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා” ජොකවිච් කියා සිටියා.

tenis 1

සිනෙර් කීවේ මෙල්බර්න් හි ජොකවිච් පරාජය කිරීමට ලැබීම තමාට ඉතාමත් වටිනා බවයි. “නමුත් මේ තරගාවලිය තවමත් ඉවර නැති බව මම දන්නවා” සිනෙර් කීවා. “මොකද වෙන්නෙ කියලා අපි බලමු. මම ඉන්නේ හරිම සැහැල්ලුවෙන්.”


සිනෙර් තරගයේ පළමු හා දෙවැනි වටවලදී ආධිපත්‍ය පතුරවමින් සිටියේ ජොකවිච් පුදුමයට පත් කරවමින්. ටෙනිස් ක්‍රීඩාවේ ‘ග්‍රෑන්ඩ් මාස්ටර්’ මෙල්බර්න් හි වට දෙකකදී ප්‍රතිවාදී ක්‍රීඩකයාට වඩා පසුපසින් සිටියේ මේ සිවු වැනි වතාවට. මීට පෙර ජොකවිච් තරගයක මෙවැනි අපහසු තත්ත්වයකට පත්ව තිබුනේ  2005දී Marat Safin , 2007දී Federer  සහ 2018දී Chung Hyeon හමුවේ.

මානසිකව ශක්තිමත් ක්‍රීඩකයෙකු වන ජොකවිච්ගෙන් පෙර නොදුටු ශක්තියේ හීනවීමක් මේ තරගයේදී දිස්වුනා. ඔහු මීට කළින් ද මේ අසීරු තත්ත්වයට පත්ව සිටියේ 2022 විම්බ්ල්ඩන් අර්ධ අවසන් පූර්ව තරගයේදී සිනෙර් ට පළමු වට දෙක පරාජය වෙමින්. නමුත් එදා තරගය අවසන් වූයේ ජොකවිච් ජයග්‍රාහකයා වෙමින්.

jokawin

කෙසේ වෙතත්, තමන්ගේ 25 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය සොයා යෑමේ නෝවැක් ජොකවිච්ගේ ගමන ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ පරාජයෙන් කෙළවර වන්නේ නැහැ. ඉදිරියේදී පැවැත්වෙන ප්‍රංශ විවෘත තරගාවලිය හා විම්බ්ල්ඩන් ශූරතාවලිය මේ සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට  ඔහුගේ ‌ඒ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා මං විවර කර තිබෙනවා.


warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...